ඡායා­රූප මාධ්‍ය­වේ­දී­න්ගෙන් අස­රණ පවු­ල­කට අත­හිත | සිළුමිණ

ඡායා­රූප මාධ්‍ය­වේ­දී­න්ගෙන් අස­රණ පවු­ල­කට අත­හිත

ශ්‍රී ලංකා ඡායා­රූප මාධ්‍ය­වේ­දීන්ගේ සංග­මය සිය වාර්ෂික සුහද හමුව පව­ත්ව­මින් තවත් සමාජ සද්කා­ර්ය­ක­ටද යොමු විය. ඒ ආචාර්ය කොන්සි පෙරේරා මහ­ත්මි­යගේ ජීව පද­නම සහ මහ­ර­ගම සඳ­රු­වන් කරු­ණා­ති­ලක මහ­තාගේ අනු­ග්‍ර­හය ඇතිව ඇල්පි­ටිය ප්‍රදේ­ශයේ අස­රණ පවු­ල­කට පිහිට වෙමිනි.

ශ්‍රී ලංකා ඡායා­රූප මාධ්‍ය­වේ­දීන් ගේ සංග­මයේ වාර්ෂික සුහද හමුව පසු­ගිය දා කොළඹ සින­මන් ලේක් සයිඩ් හෝට­ලයේ දී පැවැ­ත්වුණු අව­ස්ථාවේ ඒ අනු­ග්‍ර­හය සිදු කෙරිණි.

සිය සමාජ මෙහෙ­වර හඳු­නා­ගත් ඡායා­රූප මාධ්‍ය­වේ­දීන්ගේ සංග­මය ඇල්පි­ටිය ප්‍රදේ­ශයේ අස­රණ පවු­ලක් සඳහා වියළි ආහාර, ඇඳුම් පැල­ඳුම් හා පාසල් උප­ක­රණ ලබා දීමට ද මෙය අව­ස්ථාව කර­ගෙන තිබිණි.

“එක් සමාජ සේව­ක­ය­කුට මුළු රටම නඩත්තු කරන්න බැරි වුවත් රටේම සිටින සමාජ සේව­ක­යන් දිරි ගැන්විය හැකියි. ඒ මෙවන් අවස්ථා ඔවුන් වෙත ගෙන යෑමෙන්. මාගේ සමාජ සද්කාර බොහො­ම­යක් තිබු­ණත්, මෙම ඡායා­රූප මාධ්‍ය­වේ­දීන් ගේ සංග­මයේ අව­ශ්‍ය­තාව වෙනු­වෙන් මම ඉදි­රි­පත් වුණේ හරිම කැමැ­ත්ත­කින්.

මේ පවු­ලට උදව් කිරීමේ අව­ශ්‍ය­තාව එම සංග­මය වෙනු­වෙන් එහි භාණ්ඩා­ගා­රික සමන් ශ්‍රී වෙදගේ මහතා මාව මුණ ගැහිලා ප්‍රකාශ කළා. මම දෙව­රක් නොහි­තාම ඊට සහය පළ කළේ, ඇත්ත­ටම මා වසර ගණ­නක් පුරා සිදු කරන සමාජ සද්කාර රාශිය අතර මෙය විශේෂ අව­ස්ථා­වක් නිසයි.

මම හිතන්නේ මම මීට සම්බන්ධ වීමෙන් සමා­ජ­යට ආද­ර්ශ­යක් ලබා දුන්නා කියලා.“ කොන්සි පෙරේරා මහ­ත්මිය එහිදී කීවාය.

ඡායා­රූප මාධ්‍ය­වේ­දීන් ගේ සංග­මයේ සද්කා­ර­ය­යට බඳුන් වූ ලලී ස්මිත් මහ­ත්මිය,

“මගේ ස්වාමි පුර්ෂයා අස­නීප වී මාස කිහි­ප­යක් ඇතු­ළත මිය ගියා. රෝහල් ගතව සිටි ඔහු බලන්න යද්දි සිදු වුණු රිය අන­තු­ර­කින් මගේ කකු­ලක් කැඩුණා. හදි­සියේ සිදු වූ මේ දේවල් නිසා දරු­වන් හතර දෙනා සමග බොහොම අස­රණ වෙලා ඉන්නෙ. ඡායා­රූප මාධ්‍ය­වේ­දීන් ගේ සංග­මයේ මහ­ත්තුරු මේ කට­යුත්ත කළේ හරි­ය­ටම මගේ ස්වාමි පුර්ෂ­යාගේ තුන් මාසේ දානය දවසේ. දානය ඉවර වුණාට පස්සේ අපිව වාහ­න­ය­කින් කොළඹ එක්ක ගෙන ඇවිත් සින­මන් ලේක් සයිඩ් හෝට­ලයේ දී අපට වියළි ආහාර ද්‍රව්‍ය වගේම පාසල් උප­ක­රණ ප්‍රදා­නය කළා.

ඡායා­රූපය සරත් පීරිස් සහ සමන් ශ්‍රී වෙදගේ

Comments