
අපි මුලින්ම නළඟන ඇල්ල ආශ්‍රිතව බෝතල් කටු, පොලිතින් වැනි ද්‍රව්‍යය එකතු කළා. ඒ වගේම පිලිස්සිය හැකි ද්‍රව්‍ය ගිනි තබා විනාශ කළා. ඒ වගේම නළගන ඇල්ල, රුක්මල් ඇල්ල වැනි ඇලි ආශ්‍රීතව රුක්රෝපණ වැඩ සටහනක් ද සිදු කළා. මෙහි දී අපිට මෙම ඇලි නැරඹීමට එන අයගෙන් ඉල්ලිමක් කරන්න තියෙන්නේ විනීතව හා සංවරව හැසිරෙන්න යන්නයි.
ඒ වගේම මෙම ස්ථානය නැරඹීමට එන අනෙක් අයගෙන් ඉල්ලීමට තියෙන්නේ මෙම ස්ථානය මත්පැන් පානය කරන ස්ථානයක් කර නොගන්නා ලෙසයි.
රිටිගහ ඔය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැලැම්පිටිය, දේදුගල, බුලත්කොහුපිටිය හා පන්නල ගම්මාන පසුකර කැලණි ගගට එක්වන ගුරුගොඩ ඔයේ ශාඛාවකි. ආරම්භය ගම්පොල දොළොස්බාගේ ප්‍රදේශයෙනි. අනතුරුව වරාවල ප්‍රදේශයෙන් ගුරුගොඩ ඔයට එක්වෙයි. වරාවල ප්‍රදේශයෙන් ගුරුගොඩ ඔයට එක්වීමට පෙර රිටිගහ ඔය බුලත්කොහුපිටිය ප්‍රදේශයේ විදුලි බලාගාර හයකට පමණ විදුලිය නිපදවීමට දායකත්වයක් ලබා දෙයි. ස්වභාවික කදු ශිඛරවලින් ගහන පැලැම්පිටිය, දේදුගල හා උඩපොත ග්‍රාමසේවා වසම් හරහා මෙම රිටිගහ ඔයා ගලා බසින්නේ ඇතැම් ස්ථානවල සුන්දර දියඇලි මවමිනි. රිටිගහ ඔයේ අතු ශාඛා ද රිටිගහ ඔයට එක්වීමට පෙර රිකිලි ඇල්ල, රුක්මල් ඇල්ල වැනි සුන්දර ස්වභාවික දිය ඇලි ද ඇති කරයි.
රිටිගහ ඔය ආශ්‍රීතව උඩපොත ප්‍රදේශයේ ඇති නළඟන ඇල්ල ඒ අතරින් කාගෙත් සිත් ගත් ඇල්ලකි. එය මීටර් 27 ක උසකින් යුක්තය. මෙම නළඟන ඇල්ල නැරඹීමට එන පිරිස් අතරින් බහුතරයක් තරුණ තරුණියන්වීම විශේෂ කරුණකි. මෙහි දී කනගාටුවෙන් වුවත් කිවයුතු වන්නේ ඇතැම් තරුණ තරුණියන් ඉතාම අශෝභන ලෙස හැසිරීම හා තරුණයන් මත්පැන් පානය කරන ස්ථානයක් බවට මෙම ස්ථානය පත් කර ගැනීමයි. මත්පැන් පානය කිරීමට එන වැඩි දෙනෙක් ආපසු යද්දී එම ස්ථානයේ බෝතල් කුඩුකර දැමීමත්, ආහාර ද්‍රව්‍යය ගෙන එන පොලිතින් එම ස්ථානයේ දමා යෑමත් කරති. මින් එම ස්ථානය අපවිත්‍ර වනවාසේම එතැනට පැමිණෙන උදවියගේ බෝතල් කටු ඇනී තුවාල සිදුවන අවස්ථා අපමණය.
දැඩිව අපවිත්‍රව තිබූ නළඟන ඇල්ල අවට පරිසරය පිරිසිදු කිරීර මෙනිසා දැඩි අවශ්‍යතාවක්ව පැවතිණි. ඒ සඳහා පසුගියදා ඉදිරිපත් වූයේ බුලත්කොහුපිටිය, උඩුව සද්ධානන්ද මහා විදුහලේ ආදී ශිෂ්‍යය සංගමයයි. ඒ සමඟම ඇල්ල අවට පරිසරයේ රුක්රෝපණය කිරීමටද සංගමය කටයුතු කළේය.
උපුල් ධම්මික සෙනෙවිරත්න උඩුව සද්ධානන්ද මහා විදුහලේ ආදි සිසු සංගමයේ ලේකම්වරයාය.
“ අපි මුලින්ම නළඟන ඇල්ල ආශ්‍රිතව බෝතල් කටු, පොලිතින් වැනි ද්‍රව්‍යය එකතු කළා. ඒ වගේම පිලිස්සිය හැකි ද්‍රව්‍ය ගිනි තබා විනාශ කළා. ඒ වගේම නළගන ඇල්ල, රුක්මල් ඇල්ල වැනි ඇලි ආශ්‍රීතව රුක්රෝපණ වැඩ සටහනක් ද සිදු කළා. මෙහි දී අපිට මෙම ඇලි නැරඹීමට එන අයගෙන් ඉල්ලිමක් කරන්න තියෙන්නේ තරුණ තරුණියන්ගෙන් විනීතව හා සංවරව හැසිරෙන්න යන්නයි. ඒ වගේම මෙම ස්ථානය නැරඹීමට එන අනෙක් අයගෙන් ඉල්ලීමට තියෙන්නේ මෙම ස්ථානය මත්පැන් පානය කරන ස්ථායක් කර නොගන්නා ලෙසයි. ඉදිරියේ දී අප සංගමයේ මැදිහත්වීමෙන් මෙම දිය ඇලි ආශ්‍රීතව අනතුරු ඇඟවීමේ නාම පුවරු සවිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේ දි මෙම දියඇලි ආශ්‍රීතව ආරක්ෂිත නැරඹුම් මැදිරි ඉදිකිරීමටත් අපේක්ෂා කරනවා.
අපේ පළාත ස්වභාවික සුන්දරත්වයෙන් පොහොසත් ප්‍රදේශයක්. මෙහි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව මැදිහත් වී කටයුතු කරනවා නම් ඒ හරහා සභාවට ආදායම් උත්පාදන මාර්ගයක් මෙන්ම සෘජු හා වක්‍ර ආකාරයෙන් ප්‍රදේශයේ ජනතාවට රැකියා උත්පාදනයක්ද සිදු වෙනවා. නමුත් මේ දක්වා ඒ ගැන ඔවුන්ගේ අවධානයක් යොමුවී නෑ. ඉදිරියේ දී යොමු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”
දේදුගල වසමේ ආර්ථික සංවර්ධන නිලධාරිනී ලසන්තිකා කෞෂල්‍යා විජේවර්ධන මහත්මියද මේ වැඩ සටහනට එක්ව සිටියාය.
“නළඟන ඇල්ල ජල ව්‍යාපෘතියට සමගාමීව වන සංරක්ෂණ දෙපාර්මේන්තුව, ජල සම්පාදන මණ්ඩලය හා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව පැළ සිටුවීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විසින් එම ජලපෝෂක ප්‍රදේශවල වගාව සඳහා පැළ ලබා දුන්නා. කුඹුක් හා මී වැනි පැළ වර්ග සිටුවා වගාව පිළිබඳ පසු විපරමක් සිදු කිරීමට කටයුතු කරනවා. මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව රිටිගහ ඔය ඉහළ ප්‍රදේශයටත් මෙම පැළ සිටුවීමේ වැඩ සටහන ව්‍යාප්ත කරන්න වන සංරක්ෂණ දෙපාර්මෙන්තුව අදහස් කරනවා.” යනුවෙන් ඇය පවසන්නීය.
බුලත්කොහුපිටිය සමූහ
ඩබ්ලිව්. රෝහණ