මහ රෑ එකට අක්මා­වක් රැගෙන කොළ­ඹට | සිළුමිණ

මහ රෑ එකට අක්මා­වක් රැගෙන කොළ­ඹට

* මහ­නු­ව­රින් ගොස් ගම්පො­ළින් ගත් අක්මාව කොළ­ඹට රැගෙ­න­විත් කළ සැත්කම 
* ඉවත් කළ වකුගඩු දෙක මහනුවර රෝගීන් දෙදෙනකුට එදිනම 
* නරක්වූ අක්මාව ඉවත් කරන්න පැය හතරක් 

එකම ශල්‍යා­ගා­ර­ය­කදී මෙම අවයව හුව­මා­රුව කිරීම සාමාන්‍ය හා පිළි­ගත් පිළි­වෙත වුවද මෙහිදී වෛද්‍ය­ව­රුන්ට කළ හැකි දෙයක් නොවීය. අක්මාව දන් දෙන්නා සිටියේ ගම්පො­ළය. ඉන් ජීවි­තය ලබන්නා සිටියේ කොළ­ඹය. වෛද්‍ය­ව­රුන් දුර­ක­ත­න­යෙන් කතිකා කර ගත්තේ මෙලොව හැර යන පුද්ග­ල­යාගේ අව­ය­ව­යෙන් ජීවය ලැබී­මට නිය­මිත පුද්ග­ලයා කොළඹ සිටි­ය­දීම සැත්කම සඳහා සුදා­න­ම් ‍ක­රන ලෙසය.

ගන අඳු­රෙන් වෙලා ගත් පරි­ස­රය තැනින් තැන දැල්වෙන විදුලි බුබු­ලු­ව­ලින් ආලො­ක­මත්ව පැව­තිණි. හිතට දැනුණු නොස­න්සු­න්භා­වය පසෙ­කලා අපි අවැසි කාර­ණය පෙර­දැරි කොට ගම්පොළ දිසා රෝහල කරා පිය­නැ­ගු­වෙමු. ඒ වෙද්දීත් වෙලාව රාත්‍රී දහ­යට ආස­න්නය. නිහැ­ඬි­යාව රජ­ය­මින් පැවති ඒ මොහොතේ අප එතැ­නට යද්දීත් අප තොර­තුරු සොයා ගිය ඒ භාර­දුර කර්ත­ව්‍ය­යට අත­ගසා තිබිණි. නිස­ලව නිහ­ඬව වැතිර සිටි ඔහු තවත් තප්පර කිහි­ප­ය­කින් මෙලොව හැර යෑමට සුදා­නම්ව සිටි­යේය. වෛද්‍ය­වරු ඔහු පිරි­වරා සිටි­යහ. ඔහුට තව දුර­ටත් ජිවත් වීමට නොහැකි බව වෛද්‍ය නිග­ම­නය වී තිබිණි. එහෙ­යින් ජීවි­තය යදින තවත් අයට තම අව­ය­ව­ය­න්ගෙන් ජීවි­තය දිය හැකි නිසා ඔහු සිටියේ සිය අව­යව දන්දී මෙලො­වින් සමු­ගැන්මේ සුදා­න­මිනි.

මොළය මිය­ගිය ඒ පුද්ග­ලයා මෙලො­වින් සමු­ග­නිද්දී ඔහුගේ අක්මාව ජීවි­තය යදින තවත් පුද්ග­ල­යකු වෙනු­වෙන් සූදා­නම් වෙමින් පැව­තිණි. වෛද්‍ය­ව­රුන් ලහි­ල­හියේ ලක ලැහැස්ති වෙමින් සිටියේ ඒ සඳ­හාය.

එහෙත් ගම්පොළ රෝහලේ රෝගි­යා­ගෙන් වෙන්කර ගත් අක්මා­වට ගැළ­පෙන පුද්ග­ල­යකු ඔහු උපන් නුවර ප්‍රදේ­ශ­යෙන් සොයා ගැනී­මට නොහැකි විය. ඒ මොහොතේ එම අක්මා­වට ගැළ­පෙන රෝගියා සිටියේ ගම්පොළ සිට කිලෝ මීටර් එක­සිය තිහ­කට එහා දුර­කින්වු කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබ­මින්ය. ගම්පො­ළින් අක්මාව ලැබෙ­න­තුරු ඔහු හා ඥාතීන් බලා­ සි­ටියේ බලා­පො­රොත්තු ගොන්නක් එක් කර ගනි­මිනි. එකම ශල්‍යා­ගා­ර­යක් තුළදී මෙම හුව­මා­රුව කිරීම සාමාන්‍ය හා පිළි­ගත් පිළි­වෙත වුවද මෙහිදී වෛද්‍ය­ව­රුන්ට කළ හැකි දෙයක් නොවීය. අක්මාව දන් දෙන්නා සිටියේ ගම්පො­ළය. ඉන් ජීවි­තය ලබන්නා සිටියේ කොළ­ඹය. මෙනිසා වෛද්‍ය­ව­රුන් දුර­ක­ත­න­යෙන් කතිකා කර ගත්තේ මෙලොව හැර යන පුද්ග­ල­යා­ගෙන් ජීවය ලැබී­මට නිය­මිත පුද්ග­ලයා කොළඹ සිටි­ය­දීම සැත්කම සඳහා සුදා­න­ම්‍ක­රන ලෙසය.

ඒ අනුව ගම්පොළ දිසා රෝහ­ලේදි අක්මාව දන් දෙන්නාගේ ශරී­රය සැත්කම සඳහා විවර වන මොහො­තේම කොළඹ ජාතික රෝහලේ සිටි ඔහු­ගේද ශරීර කූඩුව විවර කිරීම ආරම්භ විය.

රෝහල් දෙකේදී එකම වේලා­වක ආරම්භ කෙරුණු මෙම සැත්කම් දෙකෙන් එක් අයෙක් අනෙ­කෙකු හට ජීවය ලබා දී සද­හ­ටම මෙලො­වින් සමු­ග­ත්තේය. ගම්පොළ දිසා රෝහ­ලේදී ගලවා ගත් අක්මාව රැගත් වෛද්‍ය කණ්ඩා­යම ගම්පො­ළින් කොළඹ ඒමට පිටත් වූයේ අලු­යම තුනට පම­ණය. ඒ වෙද්දී ඉන් ජීවය ලබ­න්නට බලා­පො­රො­ත්තු­වෙන් කොළඹ රෝහලේ රෝගියා සිය ශරීර කුඩුව විවර කර­ගෙන මඟ බලා සිටි­යේය. කොළ­ඹට ළඟාවූ වෛද්‍ය කණ්ඩා­යම පැය කිහි­ප­යක සැත්ක­ම­කින් පසු ගම්පොළ සිට රැගෙන ආ අක්මා­වෙන් ඔහුට යළි ජීවය දුන්නේය.

ඒ අතරේ ගම්පොළ රෝගි­යාගේ වකු­ගඩු දෙක රෝගීව ජීවි­තය අව­දා­නමේ සිටින තවත් දෙදෙ­නෙකු සඳහා මහ­නු­වර මහ රෝහ­ලට ගෙන එනු ලැබීය. මෙලෙස සිදුවූ ඒ උතුම් පුණ්‍ය ක්‍රියාව සහ ඉතා දුෂ්කර කර්ත­ව්‍ය­ය­කින් පසු සැත්කම සාර්ථක කර­ගත් අන්දම පිටු­පස ඇති කතාව ඊට සහ­භා­ගි­වූ­ව­න්ගෙන් අපි අසා දැන­ග­ත්තෙමු.

ගම්පොළ ප්‍රදේ­ශයේ ජීවත් වූ ඔහු අපි ජයන්ත ලෙසින් හඳු­න්වමු. (ඔහුගේ සැබෑ නම නොවේ) ඔහුට කලක සිටම වරි­න්වර සිහි­මූ­ර්ජා­වීම සිදුව තිබේ. හත­ළිස් දෙහැ­වි­රිදි වියේ පසුවූ ජයන්ත කලක සිටම ඒ සඳහා ගම්පොළ දිසා රෝහ­ලෙන් ප්‍රති­කාර ලබ­මින් සිටි­යේය. එසේ තිබි­යදී පසු­ගිය සතියේ ඔහු හදි­සි­යේම ගම්පොළ දිසා රෝහ­ලට ඇතු­ළත් කළේ අස­නීප තත්ත්වය උත්සන්න වීම හේතු­වෙනි. ඔහුගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය වෙද්දී ගම්පොළ ‍දිසා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය කපිල ද අල්විස් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩා­යම මෙම රෝගියා බේරා ගැනීම සඳහා දැඩි පරි­ශ්‍ර­ම­යක නියැ­ළිණි. නමුදු ඉන් ඵලක් නොවීය. ජය­න්තගේ මොළය මිය­ගොස් ඇති බව වෛද්‍ය නිග­ම­නය විය.

ඒ පිළි­බඳ පවුලේ ඥාතීන් දැනු­ම්වත් කරනු ලැබිණි. තම පුතා, ඥාතියා, හිත­වතා වෙනු­වෙන් ඔවුන්ට ද තවත් කළ හැකි දෙයක් නොවීය. අසා ඇති තොර­තුරු සහ දැනීම අනුව තව­දු­ර­ටත් ජිවත් කළ නොහැකි ජය­න්තගේ අව­යව දන් දීමට ඥාතිහු කැමැත්ත පළ කළහ. මහ­නු­වර රෝහලේ අව­යව බද්ධ කිරිමේ ඒක­ක­යට ගම්පොළ දිසා රෝහල මගින් මේ බව දැනුම් දෙනු ලැබිය. මෙවැනි අව­යව ලැබීම සිදු­වන්නේ ක්ෂණි­ක­වය. එනිසා පව­තින වෛද්‍ය වාර්තා සැල­කි­ල්ලට ගැනී­මේදි ජය­න්තගේ රුධිර ඝන­යට ගැළ­පෙන රෝගී දත්ත මහ­නු­වර රෝහලේ දත්ත අතරේ නොවීය. අක්මා අක­ර්මණ්‍ය බොහෝ දෙනෙකු සිටි­යද ඔවුන්ගේ රුධිර ඝන ජය­න්තගේ රුධි­රය හා නොගැ­ළ­පුණි. එම නිසා අනෙ­කුත් තොර­තුරු සැල­කි­ල්ලට ගැනී­මේදි ඔහුගේ රුධිර ඝන­යට ගැළ­පෙන අක්මා අක­ර්ම­ණ්‍ය­තා­වෙන් ජීවිත අව­දා­නමේ සිටි රෝගි­යෙකු කොළඹ ජාතික රෝහලේ සිටින බව දැන­ග­න්නට ලැබිණි.

මෙම අක්මාව අක­ර්මණ්‍ය රෝගියා හත­ළිස් පස් හැවි­රි­දිය. කඩ­වත ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු වන ඔහු අක්මා රෝගී තත්ත්ව­යක් හේතු­වෙන් දීර්ඝ කාලී­නව ප්‍රති­කාර ලබ­මින් සිටි­යේය. අව­සා­නයේ ඔහුගේ අක්මාව අක­ර්මණ්‍ය තත්ත්ව­යට පත්විය.

ඔහුට අක්මා­වක් බද්ධ කර­නවා විනා ඉන් එහාට ප්‍රති­කා­ර­යක් නොවීය. මේ වෙද්දී ඔහු පසු­ වූයේ ජීවි­ත­යත් මර­ණ­යත් අතර සට­න­කය. අක්මා­වක් ලැබීමේ පුවත කන වැකුණු වහා ඔහු ද ඥාතිහු ද දැඩි සතු­ටට පත් වුහ. ඒ සදහා කැමැත්ත පළ කළහ. අනේක වාර­යක් පින් දුන්හ. වෛද්‍ය­ව­රුන් නිර­තු­රු­වම බලන්නේ තව කෙනෙ­කුගේ ජිවි­තය ගැනය. ජිවි­ත­යක් ගොඩ­ගැ­නී­මෙ­හිලා ඕනෑම දෙයක් කිරී­මට නියම වෛද්‍ය­ව­ර­යාට ඇත්තේ දැඩි වුව­ම­නා­වකි. ඒ අනුව ඔවුහු කෙසේ හෝ මෙම කට­යුත්ත කිරී­මට කතිකා කර ගත්හ.

මහ­නු­වර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නා­යක මහතා ඒ පිළි­බඳ අප හා මෙසේ පැව­සීය.

“මෙම මොළය මිය­ගිය රෝගියා පිළි­බඳ ගම්පො­ළින් අප දැනු­ම්වත් කළා. අපි බලන්නේ කොහොම හරි අපට පුළු­වන් උප­රිම දේ කර­න්නයි. අපේ වෛද්‍ය­ව­රුන් දිවා රාත්‍රී නැතිව ඒ වෙනු­වෙන් කැප­වෙ­නවා. මට ඔවුන් ගැන තිබෙන්නේ ලොකු විශ්වා­ස­යක්. අපේ රෝහ­ලෙත් දැනට මාස දෙක­කට පමණ පෙර ප්‍රථම අක්මා බද්ධය සිදු කළා. දැනට මාස­ය­කට පෙර දෙවන අක්මා බද්ධ­යද සිදු කළා. දෙකම අති සාර්ථක වුණා. අපේ සැත්කම් පිළි­බඳ අපට වග­කී­මක් සහ විශ්වා­ස­යක් තියෙ­නවා. ඒ රෝගීන් දැන් සුවෙන් සිටි­නවා. ඒ අනුව මේ කට­යුත්ත සඳහා ද අවශ්‍ය සියලු දේ සූදා­නම් කරන්න කිව්වා. මේ කාර්ය සාර්ථ­කව සිදු­වීම ගැන අපට ඇත්තේ විශාල සතු­ටක්.”

එතැන් පටන් මේ කර්ත­ව්‍යය සිදු කළ අන්දම අපට විස්තර කළේ මහ­නු­වර රෝහලේ අව­යව බද්ධ කිරීමේ ඒක­කයේ සම්බ­න්ධි­කා­රක වෛද්‍ය අරුණ අබේ­සිංහ මහ­තාය.

“මොළය මිය ගිය තරු­ණ­යෙකු සිටින බව අපට ගම්පොළ දිසා රෝහ­ලෙන් දැනුම් දුන්නා. අපි ඒ ගමන්ම ක්‍රියා­ත්මක වුණා. අවශ්‍ය අංශ දැනු­වත් කළා. රෝගියා සිටි ගම්පොළ දිසා රෝහලේ අව­යව ගැනී­මට අවශ්‍ය පහ­සු­කම් නෑ. මහ­නු­වර මහ රෝහ­ලෙන් අවශ්‍ය සිය­ලුම උප­ක­රණ සුදා­නම් කෙරුණා. අපේ රෝහල් අධ්‍ය­ක්ෂ­ව­ර­යාත් ගම්පොළ රෝහල් අධ්‍ය­ක්ෂ­ව­ර­යාත් නොමද සහා­යක් ලබා දුන්නා. අව­යව බද්ධ කිරීම පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය චරිත වීර­සිංහ මහතා මේ සැත්කම කිරී­මට සූදා­නම් වුණා. උප­ක­රණ සිය­ල්ලත් අරන් අපි ගම්පොළ රෝහ­ළට ගොස් රාත්‍රි දහය පමණ වන විට සැත්කම ආරම්භ කළා. රෝගි­යෙ­කු­ගෙන් නරක්වූ අක්මාව ඉවත් කිරි­ම­ටත් පැය හත­රක් විතර යනවා. සාමා­න්‍ය­ය­යෙන් මෙම ඉවත් කිරීමේ සැත්කම සහ බද්ධ කිරිමේ සැත්කම එකම ශල්‍යා­ගා­ර­යක සිදු කළ යුතුයි.

ඒ අව­ස්ථාව මෙහිදී අපට තිබුණේ නැ. ඒත් අපි එම අභි­යෝ­ගය බාර ගත්තා. අපි කොළඹ ජාතික රෝහලේ සිටිය රෝගියා සූදා­නම් කරන්ට කිවා. සියලු විස්තර හුව­මාරු කර ගත්තා. විශේ­ෂඥ වෛද්‍ය චරිත විර­සිංහ මහතා අව­යව ඉවත් කිරීමේ සැත්කම කළා.

ඒ මොහො­තේම කොළඹ ජාතික රෝහලේ රෝගි­යාගේ නරක් වූ අක්මාව ඉවත් කිරී­මත් සිදු වුණා. පාන්දර එකට පමණ ගම්පො­ළින් ඉවත් කළ අක්මාව ඉතා සුර­ක්ෂි­තව රැගෙන කොළඹ ගියා.

ඒ යන විටත් කොළඹ රෝගි­යාට සැත්කම සඳහා සියල්ල සුදා­නම් කර තිබුණා. අනු­රා­ධ­පුර රෝහලේ අව­යව බද්ධ­කි­රිමේ ශල්‍ය වෛද්‍ය විශේ­ෂඥ ජොයෙල් අරු­ඩ්චෙ­ල්වම් මහතා රාත්‍රී නොබ­ලාම කොළ­ඹට ඇවිත් කොළඹ ජාතික රෝහ­ලේදි රෝගි­යාට අව­යව බද්ධ කිරිමේ සැත්කම සාර්ථ­කව සිදු කළා.

වකු­ගඩු දෙක මහ­නු­වර රෝහ­ලේදි වකු­ගඩු අක­ර්මණ්‍ය රෝගීන් දෙදෙ­නෙ­කුට බද්ධ කළා. විසි­තුන් හැවි­රිදි තරු­ණි­ය­කට සහ හත­ළිස් පස් හැවි­රිදි පුද්ග­ල­යෙ­කුට. විශේ­ෂඥ වෛද්‍ය චරිත වීර­සිංහ මහතා සහ හරි­ස්චන්ද්‍ර මහතා ඒ සැත්කම් දෙක සිදු කළා. අක්මාව සහ වකු­ගඩු බද්ධ­යට භාජ­නය වුණු තිදෙ­නාම සුවෙන් සිටි­නවා. මේ සඳහා මහ­නු­වර ගම්පොළ කොළඹ ජාතික රෝහල යන රෝහල් තුනේම අය දැඩි එක­මුතු කමි­කින් මේ කට­යුත්ත කළේ”.

කෙනකු මිය­ගි­යද ඔහුගේ අව­ය­ව­ය­කින් තවත් කෙනකු ජීවත් කර­වීම යනු මේ මිහි­පිට සිදු­විය හැකි ඉතා උතුම්ම වූ මිනි­ස­ත්කමේ මහි­ම­යයි. එහෙත් එයද දෛවෝ­ප­ග­තව සිදු­ව­න්නකි. මන්ද යත් එලෙස ලැබෙන අව­ය­ව­වල ගැළ­පී­මක් තිබිය යුතුය. බද්ධ කිරීම් සිදු කළ හැකි වන්නේ එසේ ගැළ­පු­ණ­හොත් පම­ණක් නිසාය. ගම්පොළ තරු­ණ­යාගේ අක්මා­වට ගැළ­පෙන අයෙකු සිටියේ ගව් ගණ­නක දුර­කිනි. වෛද්‍ය­වරු රෑ පහන් වෙද්දී ඔහු සොයා ගොස් මර­ණය වළක්වා ඔහුට ජීවය ලබා දුන්හ.

මීට දාය­ක­ත්වය සප­යන අව­යව ප්‍රදා­නය කරන්නා, ඔහු සිහි­සුන්ව සිටි­යදී ඔහුට පව­සන්ට බැරි දේ පව­සන ඥාතිහු, වෛද්‍ය­වරු ඇතුළු මීට සම්බ­න්ධ­වන සිය­ල්ලෝම කෙනෙ­කුට යළි ජීව­යක් ලබා දෙන මේ මහඟු පුණ්‍ය කර්මයේ කොටස් කරුවෝ වන්නාහ.

ඡායා­රූප - රුවන් මීග­ම්මන

Comments