
* කොළඹ දිස්ත්‍රික්කයේ පිළිකා රෝගීන් සංඛ්‍යාව වසරකදී දෙගුණ වෙලා...
* කොළඹ දිස්ත්‍රික්කයේ පිළිකා රෝගීන් සංඛ්‍යාව වසරකදී දෙගුණ වෙලා...
* දිස්ත්‍රික්ක 10 වකුගඩු රෝගීන් 4000 ක්...
අතීතයේදී මැලේරියාව, කොළරාව වැනි බෝ වන රෝග ව්‍යාප්තියෙන් රටේ මරණ සංඛ්‍යාව ඉහළ ගිය ද වර්තමානයේ මරණ සංඛ්‍යාව ඉහළ යෑමට හේතු වී තිබෙන්නේ බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑම ය. එනම් දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා, වකුගඩු ආබාධ, අන්තරාසර්ග පද්ධතියේ රෝග, තයිරොයිඩ් ගැටලු වැනි රෝගාබාධ වැලඳීමෙන් මිය යන ප්‍රමාණයේ සැලකිය යුතු වර්ධනයක් අද වන විට දක්නට ලැබේ.
මෑතකදී සිදු කළ සමීක්ෂණයකට අනුව 2015 වර්ෂයේදී කොළඹ දිස්ත්‍රික්කයේ දියවැඩියාව සහ පුර්ව දියවැඩියාවට ගොදුරු වූ අයගේ ප්‍රතිශතය 59.3 කි. ලියාපදිංචි පිළිකා රෝගින් සංඛ්‍යාව වසර 12 ක් ඇතුළත දෙගුණයක් වී ඇති බව අනාවරණය කර ගනු ලැබුවේ 2015 වර්ෂයේදීය. 1990 – 2015 අතර කාලය තුළ අධික ස්ථුලතාව තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. 2014 වර්ෂය වන විට දිස්ත්‍රික් 10 ක් තුළ වකුගඩු රෝගින් 40,000 ක් වාර්තා වී ඇත. ඔවුන් හමු වූ දිස්ත්‍රික් අතරින් පොලොන්නරුව, අනුරාධපුරය පමණක් නොව කුරුණෑගල, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්ක ද වෙසෙසින් කැපී පෙනේ. මේ වන විට ඇදුම රෝගින්, අක්මාවේ මේද සහිත රෝගින් පවා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
මුළු රටම රෝගින් බවට පත් වීමට බලපාන හේතූන් අතරින් ආහාර පානවල අඩංගු රසායනික ද්‍රව්‍ය බෝ නොවන රෝග ව්‍යාප්තියට ප්‍රධාන වශයෙන් බලපාන බව සොයා ගෙන ඇත. එය කාණ්ඩ කීපයකට බෙදා දැක්විය හැකිය.
1. කෘෂි රසායනික, කෘමිනාශක හා වල්නාශක භාවිතය
2011 වර්ෂයේ සිදු කළ සමීක්ෂණයකට අනුව සහල් කිලෝ ග්‍රෑම් 01 ක ආසනික් මයික්‍රො ග්‍රෑම් 500 ක් ඇති බව අනාවරණය විය. එමෙන්ම යුරියා මයික්‍රො ග්‍රෑම් 4000 කට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු බව සොයා ගෙන ඇත.
කෘෂි රසායනික, කෘමිනාශක සහ වල් නාශක යෙදීමෙන් පසෙහි ආම්ලික ස්වාභාවය ඉහළ ගොස් පස අජීවි බවට පත් වේ. ක්ෂුද්‍ර ජීවීන් මරණයට පත්වේ. ක්ෂුද්‍ර ජීවින් නොමැතිව පෝෂණ සංඝටක අවශෝෂණය සිදු නොවේ. මෙහි අවසාන ප්‍රතිඵලය ආහාර භෝගවල රසායනික ද්‍රව්‍ය තැන්පත් වීමෙන් මිනිස් සිරුරට විෂ වර්ග ඇතුළු වීමයි. මෙය බෝ නොවන රෝග රැසකට මග පාදයි.
2. ආහාර කල් තබා ගන්නා කෘත්‍රීම සංඝටක සහ රසකාරක
කොත්තු, රයිස්, පිට්සා, කෝඩියල්, බිස්කට් වැනි ආහාර පාන කල් තබා ගැනීමටත් රස ගැන්වීමටත් යොදන කාරක අධික විෂ සහිතය.
3. තිරිඟු පිටි භාවිතය
විදේශීය රටවල්වලින් ගෙන්වනු ලබන තිරිඟුවලද කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු ය. විශේෂයෙන් දෙමුහුන් තිරිඟු සඳහා වැඩි වශයෙන් රසායනික ද්‍රව්‍ය යොදන බැවින් ඒවායේ රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් අන්තර්ගත වේ. එමෙන්ම තිරිඟු ඇට ශුද්ධ කිරීම හෙවත් නිස්සාරණය කිරීමේදී පෝෂණ සංඝටක ඉවත් වීමෙන් තිරිඟු ධාන්‍යයෙන් ලැබෙන පෝෂණය නොලැබී යනු ඇත. නිස්සාරණය කිරීමේදි තයමින්, රයිබොස්ලෙමින් සහ නියතින් 60% ක් ඉවත් වන අතර ඉවත් වන කැල්සියම් ප්‍රමාණය 50% කි. ඉවත් වන යකඩ ප්‍රමාණය 60% කි. මේ අනුව අප තිරිඟු පිටි ලෙස ආහාරයට ගන්නේ රොඩු ගොඩක් බව අමුතුවෙන් කිව යුතු නැත. අනෙක තිරිඟු පිටිවලට ස්වාභාවයෙන් හිමි වන ළා කහ පැහැය වෙනුවට සුදු පැහැ ගැන්වීමට ක්ලෝරින් භාවිත කෙරේ. එයින් සිදු වන්නේ ද සිරුරට තවතවත් රසායනික ද්‍රව්‍ය එකතු වීමය.
තිරිඟු පිටි හෙවත් පාන් පිටි භාවිතය දියවැඩියාව, ගැස්ට්‍රයිසිස්, හෝමෝන වෙනස්වීම්, තයිරොයිඩ් ක්‍රියාකාරිත්වයේ වෙනස්කම, ආහාර මාර්ගයේ තුවාල ඇති වීම ඇතුළු ආබාධ රැසකට හේතුවේ.
4 ප්‍රමිතියෙන් තොර එළවළු තෙල්
විවිධාකාර වෙළෙඳ නාමවලින් හැඳින්වෙන එළවළු තෙල් නිෂ්පාදනය කිරීම යනු සංකිර්ණ ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලියේදී සංතෘප්ත මේදය ඉහළ යන අතර 1:1 ලෙස තිබෙන ඔමේගා අනුපාතය 25:1 ලෙස වෙනස් වේ. මෙම වෙනස්වීමෙන් කොලොස්ටරෝල්, හෘදයාබාධ, ආහාර මාර්ගයේ පිළිකා, පියයුරු පිළිකා හට ගනී. ප්‍රමිතියෙන් තොර එළවළු තෙල්වල සංතෘප්ත මේදය (Transfat) ඉහළ ය. එය ඉහළ යෑම රෝග ගණනාවකට හේතු වේ. නිසි ප්‍රමිතියෙන් යුතුව නිපදවනු ලබන එළවළු තෙල්වල එය ඉතා අඩු මට්ටමක පවතී.
4. මයික්‍රොවේව් උදුන්
මයික්‍රොවේවි උදුන්වල ආහාර රත් කිරීමේදී එක්වර ක්ෂුද්‍ර තරංග රැසක් ක්‍රියාත්මක වේ. එය ආහාරවල ඔක්සිකාරක ගුණය 50% කින් විනාශ කරනු ලබයි. විටමින් C, E, B12 40% කින් අඩු කෙරේ. යකඩ අවශෝෂණය දුර්වල වෙයි. හෘදයාබාධ ඇති වීමට හේතු වේ. ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල වේ. මෙම උදුන්වල ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර තරංග විසින් ආහාර වේල පිළිකා කාරක ආහාරයක් බවට පත් වන බව ඔබ අමතක නොකළ යුතුය. මයික්‍රොවේව් උදුනෙන් රත් කර හෝ පිස ගත් ආහාර සතියකට එක වේලක් ගැනීමෙන් වුවද මෙයින් ඇති වන අහිතකර ප්‍රතිඵලවලින් මිදිය නොහැකිය.
5. ප්ලාස්ටික් භාජන
ප්ලාස්ටික් භාජනවල අන්තර්ගත වන ආහාර විෂ සහිතය. ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතයට සුදුසු තත්වය ප්‍රදර්ශනය කරමින් කාණ්ඩගත කරනු ලැබුවද කිසිම විටෙක දහවල් 12.00 ට පවතින උෂ්ණත්වය යටතේ ප්ලාස්ටික් බෝතලයේ වතුර ප්‍රතික්‍රියා කරන්නේ කෙසේදැයි යනුවෙන් පරීක්ෂණ පවත්වා නැත. ලංකාව උෂ්ණධික රටක් වීමෙන් පරිසර උෂ්ණත්වයක් සමඟ ප්ලාස්ටික් භාජනවල අන්තර්ගත කෑම බීම ප්‍රතික්‍රියා දක්වන ආකාරය කිසි සේත් සුළුවෙන් තැකිය යුතු නැත. ප්ලාස්ටික්වල අඩංගු බිස්සෙනොල් A, ඩයිඊතයිල් වැනි සංඝටක පරිසරයේ ඇති උණුසුමට දිය වී ආහාර පාන වලට එකතු වීමෙන් පියයුරු පිළිකා, පුරඃස්ථි ග්‍රන්ථි පිළිකා මෙන්ම හෝමෝන අසාමාන්‍යතා පවා ඇති වේ. ප්ලාස්ටික් ඉඳි ආප්ප තට්ටුවල ඉඳිආප්ප තැම්බීමෙන් ප්ලාස්ටික්වල අඩංගු රසායනික සංඝටක ඉඳිආප්පවලට එකතු වීම අනිවාර්යයෙන් සිදු වේ. ප්ලාස්ටික් ජලනළ හරහා ගමන් කරන ජලය තුළ ද මෙම රසායනික සංඝටක අන්තර්ගත විය හැකිය. ප්ලාස්ටික් භාජනවල ආහාර පාන ගබඩා කිරීම සහ ආහාර පාන කටයුතුවලදී ප්ලාස්ටික් භාවිතයට ගැනීම ශීත රටවලට සුදුසු වුවද ලංකාව වැනි ඝර්ම කලාපීය රටකට සුදුසු නැත.
(මේවායෙන් වැළකෙන අයුරු ලබන සතියේ)
වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම
වැලිසර ළය රෝහල
සකස් කළේ - හර්ෂා සුගතදාස