
අසූපහ දශකයේ මැද භාගයේ අනුරාධපුර බටහිර පාසලක සේවය කරන කාලයයි. වාර්ෂික අන්තර් පාඨශාලා ක්‍රීඩා තරග සඳහා විවෘත අත් ට්රැක්ටරයකින් ළමයින් අසල පාසලකට රැගෙන යෑමට මට සිදුවිය. විදුහල්පති ගියේ පාපැදියෙනි. ක්‍රීඩා අවසන් වී ආපසු එන අතර අතුරු පාරකදී අපේ ඉහල පන්තියේ ගැහැනු ළමයෙකුට උසුළු විසුලු කරන්නට ආ තරුණයන් කිහිප දෙනෙකු සමඟ අර ළමයින්ගේ අයියා ගැටෙන්නට විය. එය අමාරුවෙන් නැවැත්වූ මා පාසලට ළමයි රැගෙන ආවේ දෙගිඩියාවෙනි. ඒ එම ගම්වල හැටි දන්නා නිසා ය.
හවස් වනතුරු විදුහල්පති පාසලට නොපැමිණියෙන් විමසිලිමත් වීමි. පසුව දැන ගන්නට ලැබුණේ අනෙක් උපගුරු දෙදෙනා ද සමඟ වට රවුමකින් පාසලට ඒමට ගිය බවය. ඉතා කෙටිපාර තිබෙද්දි ඈත පාර ගැනීම මට ප්රහේලිකාවකි. කාරණය කුමක්දැයි සොයා බැලීමේදී වැටහී ගියේ විදුහල්පති ඇතුළු ගුරු දෙදෙනාට ගැසීමට අර කලින් තරුණයන් අතුරු පාරේ රැක සිටිනා බව ගමේ දරුවකුගේ පියෙකු දැනුම් දීමයි. එහෙත් සිදුවී ඇති නියම සිද්ධිය නම් වලිකුකුළන් අල්ලන්ඩ කැලේ අස්සේ පාර අයිනට වන්නට උන් දඩයම් කරුවන්ගේ ‘ගහපිය, ඔන්න එනවා! අල්ලපිය! යන වදන් අර පියා වරදවා වටහාගෙන ඉදිරියට ගොස් විදුහල්පතිට පැවසීමයි. එම නිසා විදුහල්පති ඇතුළු අනෙක් ගුරුනට පාසලට ඒමට බොහෝ දුරක් පාපැදි පදින්නට සිදුවී ඇත.
ඩබ්ලිව්.පී. කරුණාරත්න,
යටියන.