රට­පුරා දාගැබ් 300ක් කරවූ පින්ව­තෙක් | සිළුමිණ

රට­පුරා දාගැබ් 300ක් කරවූ පින්ව­තෙක්

අපේ වෙහෙර විහාර රැක ගැනීම රජ­යෙන් කර­න­තුරු බලා නොසිට බෞද්ධ­යන් වශ­යෙන් අප ද එයට දායක විය යුතුයි. මහා සංඝ­ර­ත්නයේ අනු­ශා­සනා අනුව බොදු ජන­තා­වගේ දාය­ක­ත්වය ඒ වෙනු­වෙන් ලබා දෙන්නේ නම් ගමක් ගමක් පාසා ඇති පන්ස­ල්වල අඩු­පාඩු සම්පූර්ණ කළ හැකියි.

ආමි­සය අත හැර ප්‍රති­පත්ති පූජා­වට නැඹුරු වීමෙන් නිවන් පසක් කර ගන්නට සිතනා උද­විය අද බහු­ලය. එදා බුදු­ර­ජා­ණන් වහන්සේ වැඩ සිටි කාලයේ සම්බුදු පියා­ණන් වහ­න්සේ­ගෙන් එක් බණ පද­යක් ඇසී­මෙන් පම­ණක්ම රහත් මාර්ග ඵල­යට පත් වූ උතු­මන් ගැන අපි අසා ඇත්තෙමු. ආමිස පූජා­වෙන් ප්‍රති­පත්ති පූජා­වට පියමං කර­මින් සතර අපා­යෙන් මිදීම උදෙසා සෝවාන් මාර්ග ඵලය ඇතුළු මාර්ග ඵල­යන් ලබා ගන්නා අයුරු පසක් කර­දෙන සත්පු­රු­ෂ­යකු ගැන තොර­තු­රකි මේ.

‘ගමයි - පන්ස­ලයි, එළිය කළ මිණි පහන ඔබයි’යන උදාර සංක­ල්පය පෙර­දැරි කර­ගෙන සද්කා­ර්යෙහි නිර­ත­වන ඔහු පොතු­හැර, අහු­ගොඩ, මහ­පි­ටි­වත්ත පදිංචි ජානක සී. සේනා­ධි­පති මහතා ය.

ඔහු මිනි­සුන් අතර යහ­ගුණ වඩ­මින් පුද්ග­ල­යන්ට ආමි­ස­යෙන් ශක්ති­මත් වීම සඳහා දන් දීම හා අත­හැ­රීම ප්‍රගුණ කිරී­මට මඟ පෙන්වීම සිදු කර­න්නේය. ඔහු රට­පුරා විවිධ ප්‍රදේ­ශ­වල චෛත්‍ය, අට­විසි බුදු කුටි, බුද්ධ මන්දිර, ධාතු මන්දිර, සංඝා­වාස, වාහ­ල්කඩ, ඝණ්ඨාර කුලුනු, රන් වැට­වල්, බෝධි ප්‍රාකාර, හා දේවතා මන්දිර අට­සි­ය­ය­කට අධි­කව ඉදි කර­වනු ලැබ බුදු සසු­නට පූජා කිරී­මට පිය­වර ගෙන තිබේ. විශේ­ෂ­යෙන්ම දුෂ්කර පළා­ත්වල ආර්ථික වශ­යෙන් ශක්ති­මත් නොමැති පන්ස­ල්වල පම­ණක් නොව අහිං­සක දුප්පත් දරු­වන් ඉගෙන ගන්නා පාස­ල්වල ද යම් යම් ඉදි­කි­රීම් සඳහා ඒ මහතා අත­හිත දෙන්නේය. සේනා­ධි­පති මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් මේ වන­විට ඉදි­ක­ර­වනු ලැබ ඇති චෛත්‍ය සංඛ්‍යාව 300කට ආස­න්නය. තුන්සිය වැනි චෛත්‍ය ඉදි කර­න්නට මේ වෙද්දී මංගල ශිලා ප්‍රති­ස්ථා­ප­නය කර අව­සන් ය. මේ ඉදි කිරීම් සඳහා පරි­ත්‍යා­ග­ශී­ලිහු ජානක මහ­තාගේ මඟ පෙන්වීම යටතේ ආමිස පූජා­වට යොමු වී අත­හැ­රීම ප්‍රගුණ කිරී­මට පෙලඹී සිටිති. තම යැපීම සඳහා ප්‍රමා­ණ­වත් මුද­ලක් තබා ගෙන මසු­රු­ක­මින් තොරව වැය කර ඉදි­කෙ­රෙන චෛත්‍ය වහන්සේ ගොඩ නැඟෙනු දැක අප­මණ කුසල් රැස් කර ගැනී­මට ඔවුහු යොමුව සිටිති.

අපේ පන්සල් රැක ගැනී­මට නම් බුද්ධ පුත්‍ර­යන්ට සැල­කීම අත්‍ය­වශ්‍ය ගුණාං­ග­යකි. එසේ නම් ප්‍රති­පත්ති පූජාව පම­ණක් ප්‍රමා­ණ­වත් කියන සංක­ල්පය සමා­ජ­ගත කිරී­මෙන් බැහැ­රව ආමිස පූජා­වෙන් ප්‍රති­පත්ති පූජා­වට යොමු වීම වඩාත් නිවැ­ර­දිය කියන සංක­ල්පය සමා­ජ­ගත කළ යුතුය. ජානක මහ­තාගේ වෙහෙස ඒ වෙනු­වෙනි. “අපේ වෙහෙර විහාර රැක ගැනීම රජ­යක් මගින්ම කර­න­තුරු බලා නොසිට බෞද්ධ­යන් වශ­යෙන් අප ද දායක විය යුතුයි. එවැනි පින්ක­ම්ව­ලදී භික්ෂු භික්ෂු­ණි­න්ව­හ­න්සේගේ ද අනු­ශා­සනා ඇතිව සියලු බෞද්ධ­යන් එක­තුව ගමක් ගමක් පාසා ඇති පන්ස­ල්වල අඩු­පාඩු සම්පූර්ණ කළ හැකියි. ශ්‍රම දාය­ක­ත්ව­යෙන් මෙන්ම අමු­ද්‍රව්‍ය ලබා­දී­මෙන්ද පින්ව­තුන්ට ඒ සඳහා උදව් විය හැකියි” යන්න ජානක මහ­තාගේ අද­හ­සයි. ඔහු මෙවැනි පින්කම් සිදු කරන්නේ වසර ගණ­නා­වක සිටය. එවැනි පින්කම් තව­දු­ර­ටත් ඉදි­රි­යට ගෙන යමින් රටට ජාති­යට අමිල වූ මෙහෙ­ව­රක් කර සම්බුද්ධ ශාස­නය රැක ගන්නට එක් වන ලෙස ජානක සී. සේනා­ධි­පති මහතා සැම දෙනා­ගෙන් ඉල්ලී­මක් කරයි.

සන්ධ්‍යා කරු­ණා­රත්න

 

Comments