
මැද සාලයේ දුරකතනය එක දිගටම නාද වෙද්දී සුදු මැණිකෙ හාමු එතනට ආවේ උදාසීන ගමනින්ය. ඒ මලින්ද පුතාගේ චර්යාවල් සහ හිතුවක්කාරකම් ගැන සැමියා සමඟ කතා කරමින් සිට ඇතිවූ මානසික පසුබෑමෙන්ය. ‘හෙලෝ’ කියන්නත් කලින් ඇයට ඇහුණේ එහා පැත්තෙන් ජයේන්ද්‍රගේ කටහඬය. ඒත්
ඒ ක්ෂණයකින් ම එය විසන්ධි කරනු ලැබුවේ කලබලෙනි.
දන්නා කස්තිරමක් අල්ලලා කොහොමහරි ශ්‍රීමාලයා උන්ගෙ වලව්වෙන් එළියට ගන්න වෙනවා...”
සිරිනාත කියන්නේ කොලු කට්ටිය සමඟ නගර සභාවේ චිත්‍ර ප්‍රදර්ශනයක් නරඹන්ට යන අතෙර්දීය.
“මේක පුදුම වැඩක්නෙ බං... කොල්ලෙක් වශයෙන් ඌට ඉතිං නිදහසක් නැද්ද එළිපහළියට යාගන්නවත්...”
“නෑ බං... ඊයෙ පෙරේදා තවත් ප්‍රශ්නයක් මතුවෙලාලු නේ..”
“මේඛලා කියනවා කෝල් කළාට ආන්සර් කරන්නෙත් නැතිලු.. ඒ තරමට තුෂ්ණිම්භූත තත්වයක්..”
“මං මෙහෙම යෝජනාවක් කරන්නද.. අපි කැම්පස් එකේ නාට්‍ය කවය පිටින් දාලා එහේ ගිහිල්ලා එයාව එළියට ගනිමුද.. ශ්‍රීමාල්ට වඩා හරිම ඇක්ටිව් එයාගෙ මල්ලි, ජයමාල් බලාගෙන ගියාම. දැන් මිනිහා රස්සාවකුත් කරනවානෙ..”
අන්තිමට සංජය එසේ තීරණය කළේ සිරිනාතගේ බලවත් උසිගැන්වීම ඔස්සේය.
*******
රත්නපුෙර් වලව්වේ විශාල කලබැගෑනියකි. වත්තේ සේවකයන්ගේ උද්ඝෝෂණය යටපත් වී තිබී ආයෙ හිස ඔසවන්ට ගත්තේ අමුතු ම ආකාරයකටය. ඔවුන්ව හැසිරවීම සඳහාත් ඔවුන් සමඟ සාකච්ඡා කිරීම් ආදියටත් යෙදවුණේ ගොඩලියද්ද හාමුගේ බෑනා වන ජයේන්ද්රය. වත්තපිටිය බලා කියා ගත් ජයතිස්සගේ පුත්‍රයා වශයෙන් නොතිබුණු බලතයලක් දැන් ජයේන්ද්‍ර සතුව ඇත්තේ ඔහු ගොඩලියද්ද හාමුගේ බෑණා වීම නිසාය. මේ නිසාම වත්තේ ඇතැම් පරණ සේවකයෝ ජයේන්ද්රට ඉරිසියා කරන්නටත් ඔහු මඩවන්නටත් කුමන්ත්‍රණ කළේ කපටිකමටය. අවස්ථාවාදී කුහක කමටය.
“අම්මේ.. මට කියන්න මොකක්ද මේ ලියුමේ තේරුම කියලා..” ජයේන්ද්‍ර එක්තරා දවසක තම අම්මා වන චන්ද්‍රලතා වෙත කඩා පනිද්දී සමන්ති ගැස්සී ගියේ ඔහුගේ එවැනි චර්යාවක් කිසිම දිනෙක දැකලා නැති නිසාය.
“මොකක්ද ජයේ ඔය විදියට කෑගහන්නේ මේ දරුවත් ගැස්සිලා ගියා..”
ළදරු පාසල් යන සඳුන් පුතාට චිත්‍රයක් අඳින හැටි කියාදෙන ගමන් සිටිය සමන්තිට කෑගැහුණේ ඒ නිසාය.
චන්ද්‍රලතා කුස්සියේ සිට එළියට ආවේ තිගැස්සෙමිනි. ලියුමක් අතින් අරගෙන කෑගසාගෙන එන තම පුත්‍රයා දෙස ඈ බැලුවේ පුදුම වෙමින්ය.
“ඇයි පුතේ කෑගහන්නෙ.. මෙයාකාර.. වත්තේ ප්‍රශ්න තිබුණාට ඒවා ගෙදරට ගේන්න ඕන නෑනෙ..”
“හහ්.. වත්තෙ.. ප්‍රශ්න... වත්තෙ නෙමේ මේක මගේ ප්‍රශ්නයක්. මේ.. මේ බලන්න මේ ලියුම ලියපු එකා ලියලා තියෙන ඒවා..!”
චන්ද්‍රලතාගේ ඇස්වලින් විදුලිය කෙටුවේ ඒ ලියුම කියවන අතරේය.
“අම්මේ.. මට ඇත්ත කියන්න අම්මේ.. හහ්... මාව යක්ෂයෙක් කරන්න එපා..!”
ජයේන්ද්‍ර එය කීවේ වෙව්ලන කටහඬින්ය. සමන්ති තිගැස්සුනේ ඒ නිසාය. ඈ කරපොවා ලියුම කියෙව්වේ විදුලි කොටන ඇස්වලින්ය.
චන්ද්‍රලතා හිස බදාගෙන හඬන්ට පටන්ගත්තේ ඒ සමඟය. සමන්ති ගේ හිස ගිනි ගත්තේ ඇගේ මුහුණම අමුතුම ආවේගයකින් විකෘති වෙද්දීය.
“දෙයියනේ... මොකක්ද මේක...! අනේ කියන්න අම්මේ.. මේ ලියුමේ තියෙන දේ ඇත්තද...?”
චන්ද්‍රලතාගේ උත්තරය ඉකිබිඳුමක් පමණක් වීම.. ඒ ලියුමේ කියැවුණු දේ අසත්‍ය නොවන බවට හොඳම සාක්ෂිය විය. ඒ අතරේ දෙස් දොවොල් තියන්න පටන් ගත්තේ සමන්ති ය.
“මොකක්ද ජයේ මේවයෙ තේරුම.. මේ මොන නින්දාවක්ද අයියෝ දෙයියනේ.. ඇයි මටත් බොරු කළේ...?”
“මම දන්නෙ නෑ.. සමන්ති.. මම දන්නෙ නෑ! දෙයියම්පල්ලා..!”
ජයේන්ද්‍ර හතර අතේ දිවුරයි. දෙදෙනා අතර වාග් සංග්‍රාමය උග්‍ර අතට හැරෙද්දී දරුවා ද බිය වී කෑ ගසන්ට පටන් ගත්තේ ගේ දෙක කරමින්ය. චන්ද්‍රලතා ගෝර හඬින් හඬමින් දරුවා වඩාගත්තාය. කවදා හෝ දවසක මේ ‘රහස’ මෙසේ එළිවෙන බව ඇය දැන සිටිය බවට ලකුණු ඇගේ මුහුණේ ලියැවෙද්දී හදිසියේ ම මතු වුණේ ජයතිස්සය. ඒ ගේට්ටුවට එහායිනි.
“මං මේ කල්පනා කළේ.. අපේ තාත්තා පඹයෙක් ද කියලා.. හහ්!.. මං කොහොමද දෙයියනේ ලෝකෙට මුණ දෙන්නේ.. වහ ටිකක් කාලා මැරෙනවා මිසක්...!
වියරු වැටුණු ජයේන්ද්‍ර එසේ කෑගසමින් ගේට්ටුව දෙසට යද්දීම.. ජයතිස්සගේ දෑතින් පුත්‍රයා අල්ලා ගනු ලැබිණ.
“අයියෝ... දෙයියනේ.. මේවා.. මගේ වැරදි.. මගේ වැරදි... දුප්පත්කමේ.. අසරණකමේ වැරදි...!”
මහා හඬින් පපුවට ගසා ගනිමින් චන්ද්‍රලතා ද ගේට්ටුවෙන් එළියට දුවන්ට සැරසෙද්දී.. ඇයව අල්ලාගනු ලැබුවේ සමන්ති විසිනි.
චන්ද්‍රලතා සමන්තිව බදාගෙන කඳුළු වැගිරුවේ උමතුවෙන් වගේය.
*******
මැද සාලයේ දුරකතනය එක දිගටම නාද වෙද්දී සුදු මැණිකෙ හාමු එතනට ආවේ උදාසීන ගමනින්ය. ඒ මලින්ද පුතාගේ චර්යා සහ හිතුවක්කාරකම් ගැන සැමියා සමඟ කතා කරමින් සිට ඇතිවූ මානසික පසුබෑමෙන්ය. ‘හෙලෝ’ කියන්නත් කලින් ඇයට ඇහුණේ එහා පැත්තෙන් ජයේන්ද්‍රගේ කටහඬය. ඒත් ඒ ක්ෂණයකින් ම එය විසන්ධි කරනු ලැබුවේ කලබලෙනි.
“මොකෝ සුදු මැණිකෙ.. කවුද...?”
“පුදුම වැඩක්නෙ අපෙ මහත්තයා... එක පාරටම ජයේන්ද්රගෙ කටහඬ ඇහුණා. ඒ ගමන් ම ලයින් එක කැපුණා.”
“මොකක්...? එහෙම වෙන්නෙ මොකද.. කෝ.. ආයෙ ගන්න බලන්න එයාලගෙ ගෙදරට...”
නැවත අංකනය කෙරුණත් එහා පැත්තෙන් හඬක් නැත.
“සමන්ති දූට මොකක් හරි කරදරයක් ද? නැත්නම් අර කිරි සප්පයාටවත්... දෙයියනේ...!”
දෙදෙනා විස්සෝප වෙමින් සිටිද්දී නැවතත් දුරකතනය නාද විය. ගොඩලියද්ද හාමු රිසිවරයට කණ තැබුවේ සීරුවෙනි.
“අනේ.. අප්පච්චී...!”
සමන්තිගේ මහා වැලපිල්ලත් එක්ක ඇහුණේ ඒ වචන දෙක විතරය. ගොඩලියද්ද කෑගෑවේ රකුසු වෙසින්ය.
“කියන දෙයක් කියනවා ළමයා.. තෙපර බාන්නැතිව... මෙතන.. අපේ ප්‍රෙෂර් නග්ගලා මරන්නෙ නැතිව...!”
කොහේදේ සිට ආ මලින්ද සාලය පැත්තට ආවේ අප්පච්චිගේ සද්දෙටය.
“කවුද අප්පච්චි...?”
ගොඩලියද්ද, පුතා අතේ රිසිවරය තැබුවේ ඔරවාගෙනය. හරියට වද බන්ධනයකින් නිදහස් වූ ගානට ය.
“හෙලෝ...”
“අනේ.. මල්ලි.. පුදුම වැඩක් වුණේ. මේක විශ්වාස කරන්නත් අමාරු වැඩක්...! හිහ්..”
සමන්ති තම සහෝදරයාට ආරංචි සිද්ධි විස්තරය කිවේ ඉකිගසමින්ය.
“දැන් කෝ ජයේන්ද්‍ර...?”
“පිස්සුවෙන් වගේ කෑගගහා ඉන්නවා...!”
“කාගෙවත් හිත රිදෙන්න මුකුත් කියන්න යන්න එපා. දැන් ඔක්කොම වෙලා ඉවරයිනේ..”
මලින්ද එසේ කීවේ කලින් දවසක ශ්‍රීමාල් ගේ උපදෙස මතක් කරගෙනය.
“මොකක්ද වෙලා තියෙන්නෙ...?”
ගොඩලියද්ද නැවත ගුගුරයි. දැන් මලින්දගේ ඉවසීමේ සීමාවද පැන්නීගෙන යයි.
“වෙන්න තියෙන දේවල් තමා වෙලා තියෙන්නෙ.. හාමු මහත්තුරුන්ගෙ කෙරුවාවල් එළිවෙද්දි අනිත් මිනිස්සුන්ට තමයි ලෝකෙට මූණ දෙන්න බැරිවෙන්නෙ.. හහ්.. අන්න.. ශ්‍රී ජය වලව්වෙ විල්ප්‍රඩ් හාමුගෙ කැරැට්ටුව එළිවෙලා.. අහරේ සමන්ති අක්කලාගෙ ගෙදර ගින්න ඇවිළිලා...!’
“මොකා..!”
ඩග්ලස් හාමු පපුව අල්ලාගෙන සෙටියේ වාඩිවෙද්දී එතැනට කෑගසමින් කඩා වැදුනේ සුදු මැණිකේ ය.
*******
මලින්දගෙන් ආරංචිය ලැබුණු වෙලේ ශ්‍රීමාල්ට තමා සිටින්නේ කොහේද කියාත් අමතක වූ ගානට කෑගැස්සුණි. කවදා හරි දවසක මේ භූමිකම්පාව ඇතිවන බව තමා දැන සිටිය බව ඇත්ත ය. නමුත් ඒ දේවල් ජයේන්ද්රලා ගේ පවුල් ජීවිතයට ද මෙතරම් බලපාවි යැයි කිසිසේත් සිතුණේ නැත. මලින්ද අයියාගේ සම්බන්ධකම ආරංචි වී ගිනි ඇවිළී තිබුණු ගෙදර මේ ආරංචියෙන් වැටුණේ කෙතරම් අසීරුතාවයකට ද? සිරිනාතගෙන් හතර වැනි වරටත් ඇමතුමක් එද්දී ඔහු එයට පිළිතුරු දුන්නේ උදාසීන ලෙසිනි.
“මොකෝ බං... උඹට වැකේශන් එකට ගෙදර ගියා විතරයි අපිව අමතකම වුණා නේද? යසයි.. අපි කොහොම වෙතත් අර මේඛලාටවත් කතා කරන්න තිබුණා උඹට.. අඩුම ගානෙ මෙසේජ් එකක්වත්... ඒකි ඇඬූ කඳුළෙන් ඉන්නේ..”
සිරිනාත දිගටම විනාඩි පහක් විතර දෝෂාරෝපණය කරගෙන ගියේ හිතේ තරහටමය. සියල්ල ඉවසා සිටිය ශ්‍රීමාල් කීවේ වචන කීපයකි.
“උඹලාට තේරෙන්නෙ නෑ.. සිරිනාත.. පුදුමාකාර ගින්නක් මෙහේ ඇවිළිලා තියෙන්නෙ.. ඒත් මම හෙට හවස හයට සපුමල්කන්ද පන්සලට එනවා. එතැනට වරෙන්.. අපි ටිකක් කතා කරමු.”
“මේඛලා..? එයාටත් එන්න කියන්නද?...”
ලබන සතියට...