දුම්රිය ගාස්තු හෙට සිට නඟී | සිළුමිණ

දුම්රිය ගාස්තු හෙට සිට නඟී

දුම්රිය ගාස්තු හෙට (01) සිට වැඩි කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොළගේ මහතා පවසයි. මේ අනුව දුම්රිය ගාස්තු 15% සිට ඉහළට වැඩි කර ඇති අතර, අවම ගාස්තුව වෙනසක් වී නැතත් අවම ගාස්තුවෙන් ගමන් කළ හැකි දුර අඩු කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සියලු ගාස්තු අවස්ථා නිර්ණය කර ඇත්තේ පැරණි ගාස්තුව මෙන්ම දුරද සලකා බලා බව පවසන ඒ මහතා ඇතැම් ගාස්තු අවස්ථා ඉහළ ප්‍රතිශතයකින් නැඟ ඇත්තේ එම නිසා බවද කීය.

නව සංශෝධිත දුම්රිය ගාස්තු මෙසේය: කොළඹ කොටුව සිට රාගමට රු.25; ගම්පහට රුපි.40; වේයන්ගොඩට රු.50; පොල්ගහවෙලට රු.90; මහනුවරට රු.140; අනුරාධපුරයට රු.215; බදුල්ලට රු.275; පාණදුරට රු.35; ගාල්ලට රු.135.00; මාතරට රු.170; මීගමුවට රු.50; හලාවතට රු.100; පොලොන්නරුවට රු.250; ත්‍රිකුණාමලයට රු.280; මඩකලපුවට රු.315; යාපනයට රු.350. මේ සංශෝධනවලට සමගාමිව දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ගාස්තු හා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය හා දුර‍ සේවා දුම්රිය ආසන වෙන් කිරීමේ ගාස්තුද වැඩි කර ඇති බව ඉඳිපොළගේ මහතා පැවසීය.

 

Comments