විශේ­ෂඥ ඥානය! | සිළුමිණ

විශේ­ෂඥ ඥානය!

ටික දොහක සිට ගොංගා‍ලේ­ගොඩ රොබෝ සිඤ්ඥ­යි­යාට තිබුණේ අපුරු අමා­රු­වකි. එනම් අත්දඬු දෙක පහත දමා ඉන්ට බැරි අසී­රු­ක­මයි. ඒ නිසා නින්දේදී හැරුණු කොට යුගත ඔසවා ගත් වද වේද­නා­වෙනි උන්දෑ කල්යල් ඇරියේ. මේ වේද­නාව නිසාම කුමන හන්දි වෙදැ­දුරු කෙනෙ­කුට වුවත් උඩට නඟා ගත් තම කර­දඬු යුවළ ස්පර්ශ කිරී­මට සිඥ්ඥ­යියා මද­ක්වත් ඉඩ දුන්නේ හේම නොවේ. මේ නයින් වෙදුන් ඇතුළු නෑසි­යන් හට ද ඔහුගේ මේ අමා­රුව බොහෝ කොට බල­වත් ප්‍රහේ­ලි­කා­වක් වූ බැව් කියන්නේ පොඩ්ඩ­ක්වත් අති­ශ­යෝ­ක්ති­යක ගෑවී නම් නොවේ.

ඔයින්- මෙයින් අල්ලපු ගමේ සිටින කිංචි­ගු­ණයා නම් කිසි­යම් ගොඩ වෙදකු හට මේ බව යාන්ත­මින් හෝ අනා­ව­ර­ණය විණි.”බලන්ඩ මං වත් ගිහිල්ලා මොන උප්ප­ර­වැ­ට්ටි­යක් හරි දාලා රොබෝ සිංඤොගේ මේ අලි අස­ක්කුව විස­ඳලා දාලා එන්නම් කෝ!” යනු­වෙන් බොහෝ දෙන­කු‍ෙග් අනු­මැ­තිය පිට හීන් සීරුවේ වුවත් ස්ථිර­සා­රව හෙතෙම නැඟිට සිටි­යේය. කිංචි­ගුණේ ගැන දත් ඇතැ­මෙක් “ඔන්න ලෙඩේට නියම වෙදා එනවා!” යයි ඔද වැඩෙ­මින් පසු­වූහ.

මේ බව දත් ලෙඩාද උඩු හිතෙන් කොහොම වුණත් යටි සිතෙන් සතුටු ගැනෙන්ට ද ඇත. “හා! කොහො­මද රොබෝ සිංඤෝ”කිය­මින් විශේ­ෂඥ තුමෝ වැඩි­යහ. ආතු­රයා ඩිංගක් හිනාවී ඔළුව වැනුවා පම­ණකි. ඉක්බිති මේ විශේ­ෂ­ඥ­යාණෝ රොබෝ උන්දෑ වටේ සෙමෙන් සෙමෙන් සක්මන් කරන්ට වූහ. එහෙම දෙපිය නඟා ගොස් විදුලි වේගය පර­ද­ව­මින් රොබෝ සිංඥෝ හැද සිටි සරම කඩන්ට ප්‍රයත්න දැරුවා පමණි. මෙතෙක් කලක් පහත හෙළී­මට බැරුව සිටි ඔහුගේ දෑත අපු­රු­වට පල්ලැ­හැට කඩා පාත් විය.

මාදම්පේ
ඇම්. අසෝක ද. සිල්වා

Comments