පණි­භා­රත සර්ට පේන්න මං බඹර වළල්ල ගැහුවා | සිළුමිණ

පණි­භා­රත සර්ට පේන්න මං බඹර වළල්ල ගැහුවා

පහ­ත­රට නර්ත­නය පිළි­බඳ ආචාර්ය උපා­ධි­යක් හිමි එකම මහා­චා­ර්ය­ව­රයා සම්මානිත මහා­චාර්ය ලය­නල් බෙන්ත­රගේ

* යක්කු ප්‍රේතයො අපේ ජාන­ව­ලම ඉන්නවා
* බෙන්තර කළු කුමා­රයා ගැන මං හොඳට හෙව්වා

• ඔබ ලංකාවේ සිටින ප්‍රවී­ණ­තම නර්තන මහා­චාර්ය වර­යෙක්. පළ­මුව ඔබ ගැන දැන­ග­න්නට කැමැ­තියි?

සෞන්දර්ය කලා විශ්ව­වි­ද්‍යා­ලයේ පහ­ත­රට අධ්‍ය­ය­නාං­ශයේ අංශා­ධි­පති ලෙස වසර ගණ­නක් මම සේවය කළා. බොහෝ කාල­යක් පහ­ත­රට නර්ත­නය, ශාන්ති­කර්ම, බලි තොවිල් ඇතුළු නර්ත­නය හා බද්ධ වන දෑ පිළි­බඳ සර­සවි දූ දරු­ව­නට ශිල්ප ඥානය ලබා දුන්නා. නර්ත­නය හා බැඳුණු විවිධ විෂ­ය­යන් ගැන පර්යේ­ෂ­ණය කර­මින් කෘති ගණ­නක් රචනා කළා. මම හිතන විදි­යට පහ­ත­රට නර්ත­නය පිළි­බඳ ආචාර්ය උපා­ධි­යක් හිමි එක ම මහා­චා­ර්ය­ව­රයා මම යි. පසු­ගිය දා විශ්‍රාම යන තෙක් ම සර­සවි දරු­වන් හා ගෙවුණු අතී­තය ඉතාම සුන්ද­රයි.

• ඒ කියන්නේ ඔබ දැන් අධ්‍ය­යන කට­යු­තු­ව­ලින් දුරස් වෙලා ද?

කිසි­සේත් ම නැහැ. විශ්‍රාම ගියා කියලා මගේ කාර්ය­බ­හු­ල­ත්ව­යෙන් මඳ­කට හෝ දුරස් වෙන්න පුළු­වන් කමක් ලැබිලා නැහැ. තව­මත් මම සර­සවි දරු­වන්ගේ අධ්‍ය­යන කට­යුතු හා කාර්ය බහු­ලයි. පාලි හා බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ලයේ වගේ පශ්චාත් උපාධි අධ්‍ය­යන කට­යුතු සඳහා මගේ දාය­ක­ත්වය ලබා දෙනවා.

• ඔබේ අතී­තය ගැන කතා කළොත්?

මම උපන්නේ 1950 ජූලි 01 වැනි දා කළු­තර ඉත්තෑ­පාන රෝහ­ලේදි. පියා අරු‍නෝ­ලිස්. මව කුසුමා. ගම කළු­තර උඩු­ගම. තාත්තා සේවය කළේ සෞඛ්‍ය සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ. තාත්තගේ රැකි­යාව නිසා විවිධ පළා­ත්ව­ලට නිතර ම සේවා මාරු­වීම් ලැබෙ­නවා. අපිත් ඔහු යන යන පළා­තට යනවා. මම තමයි පවුලේ වැඩි­මලා. මට බාල මල්ලිලා තිදෙ­නෙක් සහ නංගී ඉන්නවා. අන්ති­මට මම උසස් පෙළ විභා­ගය ලියන්නේ ගාල්ලේ නාලන්දා විද්‍යා­ල­යෙන්.

• ඔබ­ටත් නර්ත­නය පර­ම්ප­රා­වෙන් උරුම වූ දෙයක් වෙන්න ඇති?

නර්ත­නය අපේ පවු­ලට ගෑවි­ලා­වත් තිබුණු දෙයක් නෙමෙයි. මම පාර­ම්ප­රික නර්තන ශිල්පි­යෙක් නෙමෙයි. නර්තන කලා­වට මම එක්කාසු වෙන්නේ ඉතාම අහ­ම්බෙන්. අපේ තාත්තා, සීයා නර්තන ශිල්පීන් නෙවෙයි. නමුත් මම සාම්ප්‍ර­දා­යික නර්තන ශිල්පි­යෙක්.

• සාම්ප්‍ර­දා­යික නර්තන ශිල්පි­යෙක් වීමත් ලෙහෙසි පහසු නැහැ?

එය ඉතා ම අභි­යෝ­ගා­ත්මක දෙයක්. මම පාර­ම්ප­රි­කව ආ නර්තන ශිල්පි­යෙකු ගෙන් තමයි නර්ත­නය හදා­රන්නේ. ඔහු තමයි මාව­ත­ගොඩේ වැලි­පැන්නේ විල්මට් ජය­නෙත්ති ගුරු­න්නාන්සේ. චුට්ටි මහ­ත්තයා කිවු­වම කවු­රුත් ඔහු හඳු­න­නවා. ඒ හමු­වී­මත් හරි ම දෛවෝ­ප­ගත සිදු­වී­මක්.

• ඒ ගැනත් දැන­ගන්න කැමැ­තියි?

අපේ ගමේ හිටියා පීටිං කියලා මාමා කෙනෙක්. පීටිං මාමා නිතර ම තොවි­ල්ප­විල් බල­න්නට යනවා. බෙර­ග­හන්න හරි ආසයි. ඔහු කැලෑ දෙපා­ර්ත­මේ­න්තුවේ මුර­ක­රු­වෙක්. දව­සක් ඔහු මාව තොවි­ල­යක් බල­න්නට රැගෙන ගියා. ඒ තොවි­ල­යට ගුරු­න්නාන්සේ ඇතුළු 15 ක් පමණ නැට්ටුවො හිටියා. ජය­නෙත්ති ගුරු­න්නාන්සෙ නටන කොට හරිම ලස්ස­නයි. කවි­යට තාලෙට ඔළුව හොල­වලා බෙර පද­යට අ‍ඩිය තියල ඉතා ම ප්‍රාසාං­ගි­කව නර්ත­නයේ යෙදෙ­නවා. බලන් ඉන්න අපේ ඇහැට දැනෙන්න ගන්නවා එය.

පහු­වෙ­නිදා උදේ පීටිං මාමා මගෙන් අහ­නවා ‘කොලුවො උඹ කැමැති ද නටන්න?’ කියලා. මම උඩින් ම ‘හා’ කිව්වා.

• ඔබේ තීර­ණ­යට ගෙද­රින් කැමැති වුණා ද?

මොන. මගේ කැමැ­ත්තට ගෙද­රින් හරි­යට විරුද්ධ වුණා. ඒත් මම පාස­ලට ගිහින් හව­ස්ව­රුවේ ගුරු­න්නා­න්සෙගෙ ගෙද­රට ගිහින් නැටුම් ඉගෙන ගන්නවා. නර්ත­නය හදා­රලා වසර කීප­ය­කට පස්සේ කල­එළි මංග­ල්‍යය පැවැ­ත්තුවා. එයින් පස්සේ තමයි අම්ම­ලාගේ බැණුම් අඩු­වෙලා මට සහ­යෝ­ගය දුන්නේ. එදා කල­එළි මංග­ල්‍ය­යට ඒ පළාතේ විවිධ ප්‍රදේ­ශ­වල පළ­පු­රුදු ප්‍රවීණ නැට්ටුවො, ශාන්ති­කර්ම ශිල්පියො, බෙර වාද­කයො සම්බන්ධ වුණා. මට ඔවුන්ව දැන අඳුන ගන්න ලැබුණා. ඒ අනුව ඔවුන්ගේ විවිධ නර්තන, ශාන්ති කර්ම කට­යු­තු­ව­ලට මටත් දායක වෙන්න පුළු­වන් වුණා. මේ නිසා මට බොහෝ දේ ඒ සම්බ­න්ධ­යෙන් දැන­ගන්න ලැබෙ­නවා.

• ප්‍රදේ­ශයේ නම­ගිය සාම්ප්‍ර­දා­යික නර්තන ශිල්පි­යෙකු ලෙස ඔබ ගෙවූ දිවිය වෙනස් වෙනවා. ශාස්ත්‍රීය අංශ­යට?

ඔව්. ඒ මම රාජ්‍ය නැටුම් හා මුද්‍රා නාට්‍ය පාස­ලට ඇතුළු වූවාට පසුව.

• එයට විශේෂ හේතු­වක් බල­පෑවා ද?

ඔව්. අපේ පාර­ම්ප­රික ශිල්පීන් ගේ වයෝ­වෘද කාලෙදි ඔවුන් දිහා බැලු­ව­හම මට දැඩි කන­ගා­ටු­වක් ඇති වුණා. ඔවු­නට සෞඛ්‍ය­මය තත්ත්ව­යක් නැහැ. සම­හර අයගේ කන් ඇහෙන්නේ නැහැ. ඇස් පෙනෙන්නේ නැහැ. සම­හරු නටල වැඩි­ක­මට පැර­ල­යිස් වෙලා. මට හිතුණා මටත් කව­ද­හරි දව­සක මේ ටිකම තමා වෙන්නේ කියලා. ඒ නිසා මෙයට වික­ල්ප­යක් සොය­මින් මම හිටියා. එත­කොට තමයි රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය පාස­ලට ඉල්ලු­ම්පත් දාන්න හිතුණේ. එයින් මා සමත් වුණා. පණී­භා­රත ගුරු­තුමා ඇතුළු ප්‍රවීණ ආචා­ර්ය­ව­රුන් යටතේ වසර කිහි­ප­යක් නර්ත­නය අධ්‍ය­ය­නය කළා.

• ඒ ජීවිතේ කොහො­මද?

හරි ම සුන්දර කාල පරි­ච්ඡේ­ද­යක් වගේ ම අභි­යෝ­ගා­ත්මක කාල සීමා­වක් වුණා. උපා­ධිය සම්පූර්ණ කළා. සිය­ල්ල­ටම මුහුණ දීලා MAQ වගේ ම MA විභාග කළා. ඉන්ප­සුව PHD එක කළා. පසුව මහා­චාර්ය තන­තු­රට පත්වුණා.

• පණි­භා­රත සර් හමු වූ මොහොත මතක ද?

එතුමා මට හමු­වන්නේ මාව සම්මුඛ පරී­ක්ෂ­ණ­යට භාජ­නය කරන අව­ස්ථා­වේදී. මට මුලින් ම කිව්වේ පුතා තාල­ම්පට ගහ ගහා ගීත­යක් ගයන්න කියලා. මම ජීවි­තේට තාලම් පටක් ගහලා තිබුණෙ නැහැ. මම කිව්වා සර් ගහන්න මම ගය­න්නම් කියලා. මම කවිය තාල­යට කිව්වා. ඇති පුතා ඇති දැන් නව­ත්තලා ‘යහන් දැක්ම’ නටන්න කිව්වා. මම විනාඩි 45 ක් නැටුවා. ඉන්පස්සේ කිව්වා ‘බඹර වළල්ල’ ගහන්න කියලා. මම දන්න බඹර වළ­ල්ලක් නැහැ. මම නොදන්නා බව පෙන්නු­වෙත් නැහැ. මම ටිකක් මහන්සි ඇරියා. එවිට සර් ඇගිල්ල කර­ක­වලා පුතා දැන් බඹර වළල්ල ගහන්න කිව්වා. මම දැන ගත්තා මේ කියන්නේ කැර­කෙන්න කියලා. මම වට අටක් දහ­යක් කැර­කිලා බඹර වළල්ල ගැහුවා. පණී­භා­රත මහ­ත්තය හුඟක් සතුටු වුණා. මාව රාජ්‍ය නැටුම් හා මුද්‍රා පාස­ලට තෝරා ගත්තා. පසුව තමයි මෙය සෞන්දර්ය විශ්ව­වි­ද්‍යා­ලය ලෙස විශ්ව විද්‍යාල පද්ධ­ති­යට එක්කාසු වෙන්නේ. එහි ම ඉගෙන ගෙන එයින් ම බොහෝ දේ දැන­ගෙන එහි ම දරු­ව­නට මහා­චා­ර්ය­ව­ර­යෙක් ලෙස සේවය කර­න්නට ලැබීම මට සතු­ටක්.

• ඔබ නර්ත­නය පිළි­බඳ ශාස්ත්‍රීය හා පර්යේ­ෂ­ණා­ත්මක කෘති රැසක් රචනා කළා.

ඔව්. මම නර්ත­නය හදා­රත් දී මම උත්සාහ කර­නවා එහි ශාස්ත්‍රීය අංශය වෙත යොමු වෙන්නට. එයට මට ගොඩක් උදව් කළා බෙල්ජි­යම් ජාතික රූඩි කොලම්ස්. ඔහු අපිට බාහිර කථි­කා­චා­ර්ය­ව­ර­යෙක් ලෙස ඉගැ­න්නුම් කට­යුතු සිදු කළා. බොහෝ­විට ඔහුගේ ඉංග්‍රිසි හා සිංහල නාට්‍ය­වල සෙට් හද­න්නට රංගන ආභ­රණ හද­න්නට මට අව­ස්ථාව දුන්නා. මමත් හරිම කැමැ­ත්තෙන් ඒ දේවල් ඉටු කළා. මොකද මට ගොක්කොළ, මල්ය­හන්, සූනි­යම්, ඕනැම සැර­සි­ල්ලක් කරන්න පුළු­ව­න්කම තිබුණා. එදා ගමේ තොවි­ල්ප­ළ­වල මම මේ දේවල් කළා. මේ ආභා­සය එදි­රි­වීර සර­ච්චන්ද්‍ර මහ­ත්ම­යාගේ නාට්‍ය­වල, ජය­ලත් මනෝ­රත්න මහ­ත්ම­යාගේ නාට්‍ය­වල රංගා­භ­රණ, නාට්‍ය දර්ශන තල, සක­ස­න්නට මට අව­කාශ ලැබුණා. අද­ටත් අවු­රුදු 7 කට වරක් සිංහ­බාහු නාට්‍යයේ සිංහ­යාගේ හිස සහිත කොණ්ඩය සක­සන්නේ මමයි. මනමේ, සිංහ­බාහු නාට්‍ය­වල රංගා­භ­රණ සක­සන්නේ මමයි. ඒ ගැන විශාල සතු­ටක් තිබෙ­නවා.

• ඔබ තමයි කළු කුමාර ඇද­හිල්ල ගැන මුල්ව­රට කෘති­යක් ඔස්සේ කතා­බ­හට ලක් කරන්නේ?

මම බෙන්තර ආශ්‍රිත ප්‍රදේ­ශ­වල පව­තින කළු­කු­මාර ඇද­හිල්ල / කළු­කු­මාර සම­යම කියන මාතෘ­කාව යටතේ මගේ එම්.ඒ. එකට අවශ්‍ය නිබ­න්ධ­නය රචනා කළා. එයට ප්‍රති­චාර බොහො­ම­යක් ලැබුණා. ඒ නිබ­න්ධය කෘති­යක් ලෙස සම්පා­ද­නය වුණා. පසුව මෙවැනි බොහෝ දේවල් ගැන මට විම­ර්ශ­නා­ත්මක ග්‍රන්ථ රැසක් සම්පා­ද­නය කර­න්නට හැකි වුණා.

• අද සමා­ජයේ ශාන්ති­කර්ම සඳහා ඇති නැඹු­රුව මොන­වගේ ද?

එදා ශාන්ති කර්ම සිදු කළේ ප්‍රධාන වශ­යෙන් ලෙඩට දුකට. ඒත් අද ප්‍රාසාං­ගික නර්තන ප්‍රසං­ග­යක් දෙස බලන විදි­හට තමයි ශාන්ති කර්ම දෙස මිනි­සුන් බලන්නේ. හැම මිනි­හෙක් ම යක්කු භූතයො විශ්වාස නොක­ළාට ඒ ගැන යම් විශ්වා­ස­යක් අපේ ජාන­වල තියෙ­නවා. ඒ නිසා තමයි යකෙක් කිව්ව ම පොඩ්ඩක් නැති ගැන්මක් ඇති ‍වෙන්නේ. තනි­වම ගම­නක් බිම­නක් යන­කොට ඒ තැති ගැන්ම තිබෙ­නවා. මන­සින් තමයි හැම­දේ­ටම අපි බය වෙන්නේ, වැටෙන්නේ, හිතේ ඇති වන මහ­න්සිය, කාන්සිය, ආත­තිය හැමදේ ම ඇති වෙන්නේ නැති වෙන්නේ මනස හේතු­වෙන්. එත­කොට හිතේ ලෙඩට තිබෙන බෙහෙත තමයි ශාන්ති කර්ම කියලා කියන්නේ.

• ශාන්ති කර්ම කරන්න ගිහින් ඔබ ලද අත්දැ­කීම් ඇති?

විවිධ අත්දැ­කීම් තිබෙ­නවා. සම­හර වෙලා­වට ශාන්ති­කර්ම කරන්න ගියාම අපිට තේරෙ­නවා අතු­රයා බොරු­වක් කරන බව. එවිට අපිත් බොරු­වෙන් ම තමයි ශාන්ති­ක­ර්මය කරන්නේ. ඇත්ත නම් ඇත්ත විදි­හට ම කර­නවා. ආතු­ර­යාට විහිළු තහළු කරලා, නටලා දැන් මගේ ලෙඩේ හොඳයි කියන සංක­ල්පය ආතු­ර­යාට දෙනවා. 18 සන්නිය ශාන්ති කර්ම­යෙන් බොහෝ­විට සිදු­වන්නේ මෙය.

• ආතු­රයා කරන්නේ බොරු­වක් බව දැන ගන්නේ කොහො­මද?

පළ­පු­රුදු ඇදු­රෙ­කුට එය ඉක්ම­නින් ම වැට­හෙ­නවා. දැන් උදා­හ­ර­ණ­යක් ගනිමු. කළු­කු­මාර දිෂ්ටිය කියමු. ගොඩක් වෙලා­වට කළු­කු­මාර දිෂ්ටිය ඇති වන්නේ තරුණ වියේ කාන්තා­ව­නට, දරු­වන් නොමැති කතුන්ට, විවා­හය කල්ගිය අයට. කලට වෙලා­වට කසා­ද­යක් කර ගන්න බැරි වුණාම ඒ අයගේ මනස ලෙඩ වෙනවා. තනි­වෙලා කල්පනා කර­නවා. එන්න එන්න හීනෙන් බය වෙනවා. රෑට නිදි නැහැ. කළු මිනි­හෙක් ඇවිත් තුරුලු වෙනවා දකි­නවා. ඔය වගේ නොයෙක් නොයෙක් දේ කළු­කු­මා­රයා සම්බ­න්ධව සිදු­වෙ­නවා. එත­කොට යක­දුරා ඇවිල්ලා හොඳ විප­ර­මින් බල­නවා ආතු­රයා ගැන. ආතු­ර­යාගේ හැසි­රීම කොහො­මද කියලා. ශාන්ති කර්ම කරන අයට ඒ ගැන හොඳ අව­බෝ­ධ­යක් තිබෙ­නවා. කළු­කු­මා­ර­යාට අවශ්‍ය වත් පිළි­වෙත් පැවැ­ත්වු­වම ලෙඩේ හොඳයි කියන සංක­ල්පය ආතු­ර­යාට දෙනවා. සම­හ­ර­විට තොවි­ලය බලන්න ආව කොල්ලෙක් හරි ආතු­රයා එක්ක යාළු වෙන්න පුළු­වන්.

• ශාන්ති­කර්ම සිදු­ක­රන්නේ මොන වගේ ලෙඩ රෝග­ව­ලට ද?

වා පිත් සෙම් කියන තුනට. මේ හැම දේක­ටම ශාන්ති කර්ම බිහි­වෙලා තිබෙ­නවා. 18 සන්නිය ඒ වගේ සන්නි 18 කට පිළි­යම් යොද­නවා. එම­ඟින් කරන්නේ ආතු­රයා ගේ හිත සතුටු කරන එකයි.

• ඔබ පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?

දුක්වි­ඳල ආපු ගම­නක් මෙය. මට ඉල­ක්ක­යක් තිබුණා. මම ඉතා හොඳ ගැමි රසය විඳින ගැමි­යෙක්. අද­ටත් විටක් කමින් ගමේ ගොඩේ තොවි­ල්ප­ළ­කට මට යන්න පුළු­වන්. ඒ වගේ ම විශ්ව­වි­ද්‍යා­ල­යෙත් ඉදි­රි­යට ම මට යන්න පුළු­වන් වුණා. මට මගේ බිරිය දරු­ව­න්ගෙන් ලැබෙන සහ‍යෝ­ග­යත් මෙතැ­නදී මතක් කළ යුතු­මයි. ඉතින් ජිවි­තේට තව මොන­වද ඕන.

ඡායා­රූප : සරත් පීරිස්

Comments