අනුර බණ්ඩා­ර­නා­යක විශිෂ්ට මිනි­සෙකි | සිළුමිණ

අනුර බණ්ඩා­ර­නා­යක විශිෂ්ට මිනි­සෙකි

අනුර බණ්ඩා­ර­නා­යක කලා­වැවේ මහ­වැලි සංංච­රක බංග­ලාවේ දෙදි­නක් ගත කිරි­මට නිය­මි­තව තිබිණි. සියලු පහ­සු­කම් සලසා මේ පෞරු­ෂය බලා ගන්නා ලෙස මහ­වැලි අමාත්‍ය ගාමිණි දිසා­නා­යක නිල­ධා­රින් දැනු­වත් කර ඇත. අනුර බණ්ඩා­ර­නා­ය­කට අවශ්‍ය පහ­සු­කම් ගැන සොයා බැලීම භාරව තිබුණේ මහ­වැලි අධි­කා­රියේ ව්‍යාපෘති ප්‍රජා සංව­ර්ධන නිල­ධාරි වර­යා­ටය.

ඔහු ඒ.පී.බි. ඉලං­ග­සිංහ නම් විය. ඉලං­ග­සිංහ සිය වග­කීම් ඉටු කිරිම පිණීස වහාම කලා­වැව සංචා­රක බංග­ලා­වට සේන්දු විය. තම සම්ප්‍රා­ප්තිය දැන්වී­මට අනුරා බණ්ඩා­ර­නා­යක පිරි­වරා ගත් ආර­ක්‍ෂක වළ­ල්ලක් නො තිබිණි. කෙසේ හෝ ඉලං­ග­සිංහ අනුර බණ්ඩා­ර­නා­යක බැහැ දැකී­මට සමත් විය. අමු­ත්තෙකු තමන් වෙත පැමිණි බවක් අනුර බණ්ඩා­ර­නා­ය­කට දැනි­ලාම නැත. විනාඩි ගණ­නක් බලා සිටි ඉලං­ග­සිං­හට තත්වය පාල­නය කර ගත නොහැකි විය. ඔහු සිංහල ගමේ ක්‍රම­යට තමන් පැමිණි බවට යම් සංඥා කිහි­ප­යක් නිකුත් අර ඇත. එයින් යම් ශබ්ද­යක් ඇසී අනුර බණ්ඩා­ර­නා­යක හිස ඔසවා බැලීය. වහා සීරු­වෙන් සිට­ගත් ඉලං­ග­සිංහ තමන් කවුද යන්න සහ පැමිණි රාජ­කා­රිය දන්වා ඇත.

“නම මොකක්ද?

“මම ඉලං­ග­සිංහ...

“සමා­වෙන්න නම ඇහු­වට මට මේ මූණ හොඳට මත­කයි. ඒකයි නම ඇහුවේ.. එසේ කී මේ ඔටුන්න හිමි කුමා­රයා ඉලං­ග­සිංහ දෙස හොඳින් බලා ගැඹුරු කල්ප­නා­ව­කට සම­වැදි ඇත. මොහො­තින් සිහි එළ­වා­ගත් අනුර බණ්ඩා­ර­නා­යක හඬ අවදි කළේය.

“ඉලං­ග­රත්න නොවෙ­යිනේ.

“නෑ සර්. නිල­ධා­රියා ගරු­සරු ඇතිව උත්තර බැන්දේය.

“අප දෙන්නා හම්බ වෙලා තියෙ­නවා. එසේ කී අනුර බණ්ඩා­ර­නා­යක හයි­යෙන් සිනාසි ඇත.

“ඔව් සර් කී නිල­ධා­රියා දෙකට ඇඹ­රිණි. ඉලං­ග­සිංහ කී පරිදි අනුර බණ්ඩා­ර­නා­යක හමුවූ අව­ස්ථාව ඔහුට නිමේ­ෂ­යෙන් නිමේ­ෂය සිහි­පත් කළ හැකිය.

“මත­කද සිද්ධියි.... එසේ කී අනුර බණ්ඩා­ර­නා­යක බෙහෙ­වින් ළෙන්ගතු බවක් දක්වා ඇත. ඉන් අන­තු­රුව අනුර බණ්ඩා­ර­නා­යක ඉලං­ග­සිං­හගේ වර්ත­මාන තරා­ති­රම විමසා පළ­මුව ඔහුට සුබ පතා ඇත.

“මට එදා උද­ව්වක් කරන්න බැරි වුණානේ. මොකද කරන්නේ ඔහොම තමා...” එසේ කී අනු­රගේ මුහුණ පුරා පසු­තැ­වි­ල්ලක් පැතිරි ගිය බව ඉලං­ග­සිංහ කීය.

හමුවූ මුල් දින­යේම අනුර බණ්ඩා­ර­නා­ය­කට ඒ පි. බි. ඉලං­ග­සිංහ මතක සිටි කතාව සුවි­ශේෂ සිද්ධි­යකි. ඒ කතාව ගිය සති අන්තයේ අනු­රා­ධ­පු­ර­යේදි මට අස­න්නට ලැබිණ.

ඉලං­ග­සිංහ කැල­ණිය විශ්ව විද්‍යා­ලයේ කලා උපා­ධි­ධා­රි­යෙකි. ඒ යුගයේ රැකියා වියු­ක්තිය නිසා අද­ටත් වඩා උපා­ධි­ධා­රිහු පීඩා­වට ලක්ව සිටි­යහ. ඒ කාලයේ උපා­ධි­ධා­රින් පාන් බනිස් කඩ­වල බිල් ලිපි­ක­රු­වන් ලෙසද සේවය කළ බවද රහ­සක් නොවේ. රැකියා වියු­ක්තික ඉලං­ග­සිං­හට එ දවස නොසිතූ මොහො­තක චින්තන ජය­සේන මුණ ගැසි ඇත.

චින්තන ජය­සේන යනු හැත්තෑ ගණ­න්වල ප්‍රක­ටව සිටි අති දක්‍ෂ පත්තර කාර­යෙකි. කලක් මෙරට පැති­රුණ චිත්‍ර­කතා රැල්ලේ ප්‍රාර­ම්භ­කයා ඔහු විය. බෙහෝ චිත්‍ර ශීල්පීන් රටට දායාදා කළ සිත්තර පුව­ත්පත පිටු­පස සිටියේ චින්තන ජය­සේන ය. අස­මාන දක්‍ෂතා ප්‍රද­ර්ශ­නය කළ චින්තන ඒ යුගයේ ප්‍රකට චරි­ත­යකි. අද නමින් නිකුත් වූ සති­පතා විකල්ප පුව­ත්ප­තක මෙහෙ­ය­වන ලද්දේද චින්තන විසිනි. අද පුව­ත්පත අනුර බණ්ඩා­ර­නා­ය­කගේ දේශ­පා­ලන සම්ප්‍රා­ප්තිය සනි­ටු­හන් කළේය.

නිර්දය ලෙස පහ­ර­දීමේ හැකි­යා­වෙන් අනූන චින්තන ඒ කාලයේ සිය පෑන ගස­මින් හතර අතේ තීන්ත ඉස්සේය. ඉලං­ග­සිංහ විස්තර කළ ආකා­ර­යට මේ කියන කාලයේ චින්තන එත­රම් සශ්‍රීක ජීවි­ත­ය­කට හිමි­කම් කියා නො තිබිණි. එහෙත් අනුර බණ්ඩා­ර­නා­යක සමඟ සමිප ඇසු­රක් ඇති කර­ගත් බව පෙනේ. චින්තන අනුර හඳුන්වා ඇත්තේ බොස් යනු­වෙනි.

“මම බොස්ට කියලා ජොබ් එකක් අරන් දෙන්නම්. චින්තන කී වදන් ඇසූ ඉලං­ග­සිං­හට නිවන් සුව දැනු­ණාට සැක නැත. රස්සා­වක් යනු දක්‍ෂ තරුණ උපා­ධි­ධා­රි­යෙ­කුට බත්පත පම­ණක් නොවේ. සමාජ මට්ටම පෞරු­ෂය ආදි බොහෝ ඇතු­ළත් පැකේ­ජ­යකි. දින කිහි­ප­යක් ඇතු­ළත චින්තන ඉලං­ග­සිංහ අනුර බණ්ඩා­නා­යක වෙත යැවීය. එදාත් අනුර බණ්ඩා­ර­නා­යක හමුවේ එකත් පස්ව සිට­ගත් ඉලං­ග­සිංහ අහන ප්‍රශ්න වලට උත්තර දිමට සුදා­න­මින් සිටි­යාට සැක නැත.

“මොන කඳ­වු­රේද හිටියේ.... ඒ අනු­රගේ මුල්ම ප්‍රශ්නය විය. ඉලං­ග­සිංහ කර­කවා බිම අත හැරිය බව සිනා­සෙ­මින් මා සමග කීවේ සිනා­සෙ­මිනි.

“ඒ ඇහුවේ 71 කැරැ­ල්ලට අහු­වෙලා පුන­රු­ත්ථා­ප­නය වුණේ කොහේද කියලා. අපි ඉතින් කැම්පස් එකෙත් යුඇ­න්පීනේ. අතී­තය එසේ සිහි­පත් කළ ඉලං­ග­සිංහ නැවත ඒ පැරණි කතාව කිය­න්නට විය.

“ සර් මම කැරැ­ල්ලට ගියේ නැහැ...... ඒ කතාව ඇසූ අනුර බණ්ඩා­ර­නා­යක මොහො­තක් ගොළු වූ බව ඉලං­ග­සිං­හට මත­කය.

“චින්තන කොච්චර කල් අඳු­න­න­වාද.. අනුර බණ්ඩා­ර­නා­යක ඍජුව විමසා ඇත.

“මාස ගණ­නක් විතර... වැඩි කාල­යක් නැහැ.

“ඒක තමයි තවම යාළුවා ගැන හරි­යට දන්නේ නැහැ. අපි මේ කැරැල්ලට අහු­වෙච්ච අය හොයා බලන ව්‍යාපෘ­ති­යක්. ඒ අවස්ථා වෙන අයට දෙන්න බැහැනේ. මට ඔයා ගැන දුකයි. වෙන වෙලා­වක බල­න්නම්.

එසේ කී අනුර බණ්ඩා­ර­නා­යක ඉලං­ග­සිං­හට සමු දී තිබේ.

මේ සිද්ධිය නැවත සිහි­පත් කරන ඉලං­ග­සිංහ මෙසේ කීය.

“අද අපි ජීවත් වෙන්නේ ගොරකා දඩ­මස් තරන යුග­යක. මේ කියන කාලයේ අනුර බණ්ඩා­ර­නා­ය­කගේ අම්මා රටේ අග­මැ­තිව සිටියා . ඒ නිසා ඔහුට කළ නො හැකි දෙයක් තිබුණේ නෑ. මගෙ නම ජනතා විමුක්ති පෙර­මුණේ ලැයි­ස්තු­ව­කට දාලා රස්සා­වක් දෙන එක ඔහුට වහා කළ හැකි තිබුණා.

එහෙත් අනුර බණ්ඩා­ර­නා­යක එසේ නොකළ බව ඒ පි බි සිහි­පත් කළේ දැඩි ගෞර­ව­යෙනි. රටක පැවැත්ම වෙනු­වෙන් ගත් තිර­ණ­යක් වෙනස් කිරි­මට ඒ විශිෂ්ට දේශ­පා­ල­න­ඥයා කැමති වුණේ නැත. ඉලං­ග­සිංහ විස්තර කළ සිද්ධියේ මගේ නිරි­ක්‍ෂණ දක්වා මේ ලිපිය අව­සන් කරමි.

තමන් එදා ගත් ඍජු තීර­ණය නිසා ඉලං­ග­සිං­හට රස්සා­වක් නො දිම ගැන අනුර බණ්ඩා­ර­නා­යක කොප­ම­ණදෝ කාල­යක් තැවී ඇත. ඉලං­ග­සිංහ ඉලං­ග­රත්න ලෙස හෝ අනුර බණ්ඩා­ර­නා­ය­කට මතක තිබුණේ ඒ නො තකා හැරීම නිසා ඇතිවූ වේද­නාව නිසා විය හැකිය. ඔහුට සිනහා පහළ වුණේ චින්තන ජය­සේන ඉලං­ග­සිං­හට දුන් අණ්ඩ­රය නිසාය. මේ කියන කාලයේ ඉංගිසි ගුරු­ව­රුන් ලෙස පත්වීම් ගත් සම­හ­රුන් ඉංග්‍රිසි විෂය සමත් වුණේ පාසලේ ඉංග්‍රිසි උග­න්වන අත­රය. ඒවා කළේද දේශ­පා­ල­න­ඥ­යන් විසිනි. එහෙත් අනුර බණ්ඩා­ර­නා­ය­කගේ දේශ­පා­ල­නය පවිත්‍ර විය. විනි­විද භාව­යෙන් යුක්ත විය. එසේම මේ කියන ඒ පි බි ඉලං­ග­සිංහ ප්‍රකට ජන­ශ්‍රැති පර්යේ­ෂක මාමි­නි­යාවේ ඉලං­ග­සිංහ බව සට­හන් කළ යුතුව ඇත.

චන්ද්‍ර­සිරි සෙනෙ­වි­රත්න

Comments