මට ඕනෑ එක - හිත විත­රයි මට රස්සා­වක් තියෙ­නවා | සිළුමිණ

මට ඕනෑ එක - හිත විත­රයි මට රස්සා­වක් තියෙ­නවා

ජීවිතේ ගැන කළ කල­කි­රෙන්නේ නැතිව ජීවිතේ ජීවත් කර­වන්න උදව් ක‍ළේ ද ඇය ය! ඇය නරක ගැහැනියක කියා කිය­න්නට තමාට බැරිය. තමා ද ලජ්ජා­වෙන් මුදා­ගෙන ඈ කෙසේ හෝ මේ ලෝකයේ ඉහ ගසා ජීවත් වන්නීය.

දුර­ක­තන වය­රය දිගේ ගලා ආ ආරං­චිය ඒ තරම්ම හිතට සැන­සි­ල්ලක් දෙන එකක් නොවේ­මය. රත්න­පුර වල­ව්වට ඒ ආරං­චිය ආ‍ෙව් ශ්‍රී ජය වල­ව්වෙනි.

හාන්සි පුටුව මත දිගෑ­දුණු සුදු මැණි­කේට පවන් ගැසීම මැගී බාර ගනිද්දී විල්ප්‍රඩ් හාමු රිසි­ව­රය අතට ගත්තේ කල­බ­ලෙනි.

“අනේ බල­න්නකෝ බුදු අයියේ අපට වෙච්ච දේ...!”

එහා කෙළ­වරේ නිර්මලා මැණිකේ ඉකි­බි­ඳියි. එය විලා­ප­යකි.

“තෙපර බාන්නැ­තිව කියන්න නගා.. මොකෑ වෙච්ච විල­ම්බෑ­සිය කියා පෑවනං... එහෙනං..!”

අයි­ය­ණ්ඩිය ගේ තර­ව­ටු­වෙන් නගා ටිකක් මෙල්ල වෙයි.

“මොක­වත් නෙමේ අයි­යණ්ඩි අපේ මේ බාල පුත­ණ්ඩියා දැන් හොඳ‍ටෝම නාහෙට නාහන එකෙක් වෙලා... අයියෝ මට නම් ඉව­සා­ග­න්නත් බෑ.. හිත කඩා­ගෙන යන වචන කිය­නවා... ඔළු­වට ගහන්නා වගේ ඇනුම්පද... ඕං... දැන් අප්ප­ච්චි­ටත් පුප්පලා ඔය පිටත් වෙලා ගියේ පයින්ම...!”

මඳක් රැල්බු­රුල් හරින විල්ප්‍රඩ් ගොඩ­ලි­යද්ද හිත සන්සුන් කර­ගත්තේ ඉබේ­ට­මය.

“නගාට කියන්න නගා... මුං ඔක්කො­ටම දැන් එකම ලෙඩේ එකෑ­ව­රම බෝවෙලා වගේ... ඕ.. දැන් අපේ බාල­යාත් පරල වෙලා ගියේ දුම්මල වරම අතට අරන් වගේ.. අපේ මැණිකෙ හිත වාව­ගන්න බැරිව එහෙ­ම්මම හාන්සි පුටුවෙ දපලා ඔය ඉන්නේ.. මට බය ආයෙ ජල්ලි­යක් අල්ල­යිද කියලා...”

“හත්දෙ­යි­යනේ.. අයියෙ.. පහු­ගිය දොහක අර රදීශ් පුතා ඇවිත් ගිය වෙලේ ඉඳන්ද මන්දා මේ විල­ම්බෑසි ඔක්කොම.. අනේ හැබෑට මොකෙක් හරි අපේ වල­ව්ව­ලට හූනි­ය­මක් වත් කොර­ලාද...” හූනි­යම් කතා­වට එද්දිම නිර්මලා මැණි­කෙගෙ අතින් රිසී­ව­රය ඩැහැ­ගත්තේ විල්ප්‍ර‍ඩ් හාමුය.

“හූනි­යම්..? හහ්.. හූනි­යම් කොරන්නෙ වෙනින් කවු­රු­වත් ම නෙමේ අපේ - අපේම හිත්ව­ලින්ම තමයි. අයි­යණ්ඩි අපි අපේ දරුවො ඇහේ මූණේ තියා­ගෙන හදපු එකම තමා අපි කර­ගත්තු හූනි­යම. අපි උන්ව විශ්වාස කළා.. උන්ව දෙයි­යන්ට වගේ සැල­කුවා.. හහ්...!”

විල්ප්‍රඩ් හති අරියි. එහා පැත්තෙන් ඩග්ලස් කල­බල වෙයි.

“අපි ටිකක් සන්සුන් වෙමු.. මල්ලි.. අපි නිකම් පපුවෙ අමාරු හදා­ගෙන මැරිලා වැටෙන්ට ඕන නෑනේ.. සන්සුන් වෙලා බලමු. හරි.. තියමු එහෙ­නම් බුදු සර­ණයි...!”

*****

ජය­මාල් හන්දිය පැත්තට පයින්ම එද්දී කඩ­ම­ණ්ඩියේ හිටිය හැමෝ­මත් හිස් හරවා බලද්දී ඔහුට ඇති­වුණේ චකි­ත­යකි. පුදුම වැඩක්නේ... අඟ­හරු ලෝකෙන් ආවා වගේ මා දිහා බලන්නෙ.. මෝඩ රැල.. හිතට ආපු කේන්තිය ගොනු කර­ග­නි­මින් ඔහු පාරේ ගිය ත්‍රිරෝද රිය­කට අත දැම්මේ බස්වල ගම­නද කර­දර බව මතක් කර­ග­නි­මින්ය. එක අත­කට නෙමේ හැම අතින් ම දුකක් මේ වල­ව්වක ඉප­දෙන එක.

තමාට වලව් ජීවි­තය එපා වුණේ ඇයි... ටිකක් කල්පනා කරද්දි ඔහුට යමක් වැට­හෙයි. තමාට මේ කළ­කි­රීම ඇති­වුණේ අප්ප­ච්චිලා ගේ අව­ක­ල්කි­රියා ආරංචි වූ පසුව නොවේද? රදීශ් අයි­යා­ටද මේ ප්‍රවෘ­ත්තිය කිව යුතු යැයි හිතෙද්දි ආයෙම මතක් වෙන්නේ අයියා ශ්‍රීමාල් ය. ඇත්ත­ටම අයියා මේ දේවල් ගැන උපේක්ෂා සහ­ග­තව හිත­න්නට පෙළ­ඹුණේ ඇයි. ඔහු දහ­ම්පා­සල් ගිය හොඳට දහම් කාරණා දැන උගත් කෙනෙකු නිසාද? එහෙ­නම් තමාව දහම් පාසල් නොයැව්වේ ඇයි...

“සර් කොහෙන්ද බහින්නේ?”

ත්‍රිරෝද රියැ­දු­රුගේ හඬින් ජය­මාල් තිගැ­ස්සෙයි.

“මාව දාන්න බස් ස්ටෑන්ඩ් එකට...!”

රියැ­දු­රාගේ ගනු­දෙනු හමාර කර ජය­මාල් ඇම­තු­මක් ගත්තේ මාලි­කා­ටය.

*****

අව­න්හල් සිසිල් බීම වීදු­රුව තොල­ගාන ගමන් මලින්ද හෙමි­හිට ගීත­යක් ද මුමු­ණයි.

“මොකද අප්පේ අද පුදුම සතු­ට­කින්.. හවස ෆිල්ම් එක බලන්න යන නිසාද ආ...?”

තරංගා අසන්නේ දෙඋර ගස්සා සිනා­සෙ­මින්ය. ළඟදි ඉඳලා මලින්ද වෙනස් ය. වෙනද වගේ අහිං­සක සබ­කෝල ගති නැත. නියම පිරි­මි­කම ඉහට ගහලා වගේය. “සතු­ටක් නෙමෙයි.. තාරා මම අද වලි­යක් දාගෙන ගෙද­රින් ආවෙ.. ඒ වලිය හින්දා තමයි මට හිතුනෙ අද හාෆ්ඩේ දාලා ඔයත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න ඕනෑ කියලා...”

“ෂා.. නිය­ම­යිනෙ... ඕක තමා කියන්නෙ... මං අහලා තියෙ­නවා කොල්ලන්ගෙ පිරි­මි­කම ඉස්මතු වෙන්නෙ ගෙද­රින් මොකක් හරි උදැ­ල්ලක් දැම්මාම කියලා.. හා හා...!”

“විහිළු කරන්න එපා තාරා.. මේක සීරි­යස් ප්‍රශ්න­යක්.. දැන් අපේ අප්ප­ච්චිලා මං ගැන හොයන්න චර පුරු­ෂ­යොත් දාලා. ඒ මදි­වට කපු­වොත් දාලා මට මඟුල් හොයන්න...!”

මලින්ද කියන්නේ බැරෑ­රුම් මුහු­ණෙනි.

තරං­ගාට මොහො­ත­කට දුක හිතෙයි. සමන්ති අක්කා වගේ ඔහුත් නොගැ­ළ­පෙන විවා­හ­යක් කර­ග­නීවි කියා දෙමා­පියෝ බයෙන් ඉන්නවා ඇත.

ඇත්ත­ටම ඒක දෙමා­පි­යන්ගේ පැත්තෙන් සාධා­ර­ණය...! ඒත් තම තමුන්ගේ තරුණ ජීවිත... පැත්තෙන්... එය සාධා­ර­ණී­ක­ර­ණය කළ හැකිද? සමන්ති අක්කාට සමාව ලැබුණේ ඇත්ත­ටම ජයේ­න්ද්‍රත් වල­ව්ව­කට අනි­යම් හෝ සම්බ­න්ධ­යක් ඇති හින්දාය. ඒත් ඒ බව ඔහුගේ අම්මා දන්නෙත් නැත.

කවදා හරි දව­සක වල­ව්කා­රයෝ තමාගේ පට්ටං­ද­රය ඇවි­ස්සු­වොත්...? තමා ඉබේ­ටම පාරට වැටෙ­නවා ඇත. ඇගේ ඇස්ව­ලට කඳුළු පිරෙ­නවා මලින්ද දකියි.

“ඇයි... මොකෝ... තාරා... මං... ඔයාට වර­දක් කිව්වෙ නෑ ළමයෝ....! මං කිව්වෙ මගේ ප්‍රශ්නෙ... හා... හා.. ඔය කඳුළු පිහ­දා­ග­න්නකො...”

මලින්ද තරං­ගාගේ අත තරයේ අල්ලා­ගෙන කියද්දී තරං­ගාට ඇඬුම් එයි.

“මං ඇඬුවේ මගේ අස­ර­ණ­කම මතක් වෙලා මලින්ද? ඔයා­ලගෙ පවු­ල්ව­ලට මාව පෑහෙන එකක් නෑ..!”

“මට ඔය බණ කතා වැඩක් නෑ තාරා.. මට ඕනෑ එක හිත විත­රයි.. මට රස්සා­වක් තියෙ­නවා.. ඔයා­ටත් රස්සා­වක් තියෙ­නවා.. අපිට දියුණු වෙන්න වාස­නාව තියෙ­නවා.. අපි මොකෝ අනුන්ගෙ වහල්ලු නෙමේනෙ.. මං ඔයාට වෙලා­වක අපේ ශ්‍රීමාල් මල්ලියි ජය­මාල් මල්ලියි මුණ­ග­ස්ස­න්නම්කො.. ශ්‍රීමා­ලයා කොහොම වෙතත් ජය­මා­ලයා නම් හරිම ස්ට්‍රෙට් ෆෝවර්ඩ් එකා... හහ් හා...!”

එක­ව­රම අව­න්හලේ දොර­කොඩ දිහා බැලූ මලි­න්දට කෑගැ­සෙයි.

“හා.. නේ.. ‍ෙම් කවුද මේ එන්නෙ....?”

*****

“උඹ නම් හරිම වාස­නා­ව­න්තයි දුවේ... ඔය පාර උඹගෙ කැම්පස් විය­දම ගැනත් බය­වෙන්න දෙයක් නෑ.. ඒවා බලා­ගන්න අයි­යට හයි­යක් තියෙ­නවා නේ.. අනේ ඇත්තට උඹලා පුංචි­කාලෙ මං මොන­ත­රම් බය­කින්ද හිටියෙ..!”

චන්ද්‍ර­ලතා වත්තේ පොල්අතු ඇද­ගෙන ඇවිත් චාස් ගා අතා­රි­මින් කියන්නේ ඉණට අත්දෙක ගසා ගනි­මිනි.

“මං අම්මට හැම­දාම කිය­නවා... ඔච්චර මාන්සි­වෙන්න එපා කියලා.. ඔය රැපි­යෙල්ට කිය­න්නකො ඔය වැඩ ටික කරන්න...” චන්ද්‍රානි කියන්නේ තම මව කෙරේ කරු­ණා­වෙනි.

“දූ පොඩ්ඩක් අයි­ය­ලගෙ ගෙවල් පැත්තෙ ගොහිල්ලා එන්නකො... මේ දවස් දෙක තුන මම තාත්තාව බලා­ගන්න ඕනෑ.. ඔය උණ ලේසි­පාසු උණක් නෙමේ..”

උණ හැදී කෙඳි­රි­ගගා සිටින ජය­තිස්ස මේ දින­වල ලෙඩ නිවා­ඩුය. බිරි­යගේ සාත්තුව නිසා ජය­ති­ස්සට ලෙඩ නිවා­ඩු­වත් එක්තරා විදි­යක සැප නිවා­ඩු­වකි. ලෙඩ දුකක් හැදු­ණම ඇත්ත­ටම චන්ද්‍ර­ලතා පාන කරුණා දයාව පුදු­මය.. ඇය තමාව බලා­ගන්නේ අම්මා කෙනෙකු වගේය.

ජීවිතේ ගැන කළ කල­කි­රෙන්නේ නැතිව ජීවිතේ ජීවත් කර­වන්න උදව් ක‍ළේ ද ඇය ය! ඇය නරක ගැහැනියක කියා කිය­න්නට තමාට බැරිය. තමා ද ලජ්ජා­වෙන් මුදාගෙන ඈ කෙසේ හෝ මේ ලෝකයේ ඉහ ගසා ජීවත් වන්නීය.

“ඇහු­ණය.. අපේ දෝණිට විස්ස විද්‍යා­ලෙදි හොඳ පවු­ලක ඉල­න්දා­රි­යෙක් පූට්ටු වුණොත්... ආං.. එදාට තමා මට නං ඕං නින්ද යන්නෙ...!”

බෙහෙත් කසාය ටික සැමි­යාට ළංක­රන ගමන් චන්ද්‍ර­ලතා කියන්නේ දුව ගියාද කියා බලා කණට ළං වෙලාය. ජය­තිස්ස ගේ කටට ගත් කසාය උගුර ‘පුහ්’ ගා එළි­යට පැන්නේ ඒ කතා­වට හිනා­වක් ගිය නිසාය.

“එයා­ටත් වල­ව්කා­ර­යෙක් ම හොයා­ගන්න කිව්වා නම් හරිනෙ හහ්හා...!” ජය­තිස්ස ඇඟ­ට­ප­තට නොදැනී එහෙම කියද්දී චන්ද්‍ර­ලතා කතා නැතිව මග ඇරියේ තර­හක් පෙන්වන්ට ගියොත් අවා­සිය තම­න්ටම නිසාය.

අපේ මායි­යත් පුදු­මා­කාර ගැට­සූ­ත්තර කාරි... ජය­තිස්ස තිත්ත කසාය වඩිය එක හුස්මට ගිල දැම්මේ එසේ සිත­මිනි.

*****

වත්තේ මිනිස්සු තර­හ­ටත් එක්ක තමාට එක එක විප්‍ර­කාර ඇනුම්පද කියන බව ජයේ­න්ද්‍රට සිතෙයි. මොන­වද ඒ කතා­වල තේරුම් කියා අහ­න්නට කෙනෙක් නැත. තාත්තා­ගෙන් අම්මා­ගෙන් මොනවා අහ­න්නද? සම­හ­ර­විට තමා­ගේත් සමන්ති හාමු­ගේත් සම්බ­න්ධ­යට අන්ති­මේදි වලව්වේ අය කැමැති වූ නිසා ඒ ඉරි­සි­යා­වට ඔවුන් කතා හද­නවා වෙන්නට බැරිද? කුඩා පුතාව හුර­තල් කරන ගමන් ඔහු සිටියේ බර කල්ප­නා­ව­කය.

“මොකද අනේ... පුතාව හුර­තල් කළාට ඔයා ඉන්නේ වෙනම ලෝකෙ­කනේ...!”

ඔහු සම­න්තිගේ හඬින් තිගැ­ස්සෙයි.

ලබන සතියට‍...

 

Comments