
- කුරුඳුමලේ ක්‍රි.ව පළමු සියවසේ විහාරයක්
- සංරක්ෂණ කටයුතුවලට මන්ත්රීෙගන් බාධා
මුලතිව් තන්නිමුරුප්පු කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානය පිහිටුවීමේ කටයුත්තට මුලතිව් අධිකරණයෙන් තාවකාලිකව වාරණ නියෝගයක් දමා තිබේ.
එම අධිකරණ නියෝගයට අනුව ඒ අවට භූමිය සුද්ධ පවිත්‍ර කිරීම ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තහනම්ය.
මුලතිව් දිසා අධිකරණය මඟින් එම නියෝගය ලබා දෙන ලද්දේ දෙමළ ජාතික සන්ධානය විසින් මුලතිව් දිසා අධිකරණයට ගොනු කරන ලද පෙත්සමක් නිසාය.
පෙත්සම මඟින් ඉල්ලා තිබුණේ මේ ස්ථානයේ පුරාවිද්‍යා ස්ථානයක් ඉදිකිරීමට යන බව දෙපාර්තමේන්තුව සඳහන් කළත් පළාතේ මහජනතාව කුපිත වී සිටින්නේ මේ පළාතේ සිංහල ජනාවාස ඇති කිරීම සම්බන්ධයෙන් නිසා මහජන විරෝධය අවසන් වන තුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු හා එම පුරාවිද්‍යා ස්ථානයේ කටයුතු තාවකාලිකව නතර කළ යුතු බවයි.
මුලතිව් පළාතේ මහජනතාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර අනවශ්‍ය ගැටුමක් ඇති වීම නිසා පළාතේ නීතියට හා සාමයට ද මහජනතාවගේ දෛනික ජීවිතයට ද විවිධ බලපෑම් එල්ල විය හැකි බව කියමින් මුලතිව් අධිකරණය ඒ තීන්දුව දී තිබේ.
මේ සිද්ධියේ දී ප්රශ්නය වී ඇත්තේ අධිකරණ නියෝගය නොවේ. අධිකරණය ඒවැනි නියෝගයක් නිකුත් කිරීම අපේක්ෂා කළ යුතුය. විමසිය යුත්තේ ඒ නියෝගය දක්වා විශාල කතාන්දරයක් නිර්මාණය කළ පිරිස පිළිබඳ ය. එහි සිටින්නේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලනඥයෝය.
ඔවුන් ඉතාම සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ අශිෂ්ට වර්ගවාදී ව්‍යාපාරය නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක්ම ලේඛනගත වී ඇති වසර දහස් ගණනක ඉතිහාසයක් පිළිබඳ කියැවෙන පුරාවිද්‍යා ස්ථානයක් යළි ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි වී තිබේ.
ටී.එන්.ඒ භූමිකාව
සැප්තැම්බර් මාසය ආරම්භ වීමත් සමඟම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් වවුනියාවේ සිට මුලතිව් තන්නිමුරුප්පුවේ කුරුඳුමලේ පුරාවිද්‍යා ස්ථානය කරා ගමන් කළේ යුද සමයේ දී අතහැර දමන ලද එම පුරාවිද්‍යා ස්ථානයේ මූලික නඩත්තු කටයුතු පිණිසය. එම ගමන සඳහා භික්ෂූන්වහන්සේ දෙනමක් ද පුරාවිද්‍යා නිලධාරීන් සමඟ එක්ව සිටියහ.
අදාළ ප්‍රදේශය වෙත යමින් තිබුණු වාහන වල පුරාවිද්‍යා ස්ථානයේ මුර කුටියක් ඉදිකිරීමට අවශ්‍ය ලී දඬු, කාර්යාලීය උපකරණය, උදලු කැති අලවංගු වැනි ආයුධ ද භික්ෂූන්වහන්සේ වැඩම කළ වාහනයේ කුඩා බුදුපිළිමයක් ද තිබිණි. මුලතිව් බලා ගිය වාහන පෙළට යාපනය මහනුවර ඒ -9 මාර්ගය ඔස්සේ ගමන් කොට මුලතිව් බලා යෑමට පැමිණි වාහනවලට නෙඩුන්කෙණිය නගරයටවත් යෑමට නොහැකි විය. මහ පාරේ සිටි වැසියෝ මුලතිව් පළාතේ බුදුපිළිමයක් තැබීමට භික්ෂූන්වහන්සේ බුදු පිළිමයක්ද රැගෙන පැමිණෙන බවට මුලතිව් දේශපාලනඥයන්ට කරුණු වාර්තා කළහ.
දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ වහාම පළාතේ ජනතාව ද කුපිත කොට පැමිණිය හැකි සෑම වාහනයක්ම රැගෙන පෙර මඟට පැමිණියහ. බෞද්ධ භික්ෂූන් වහන්සේත් පුරවිද්‍යා නිලධාරීනුත් මුලතිව් තන්නිමුරුප්පු පුරාවිද්‍යා ස්ථානයට ළඟා වීමට පෙර මුලතිව් සිට පැමිණි පිරිස වේගයෙන් පැමිණ මඟ හරස් කොට මේ පිරිස නවතාලූහ.
අනතුරුව ගුටිබැට හුවමාරු වීමක් හැර සිදු විය යුතු සෑම දෙයක්ම එතැන සිදු විය. මුලතිව් ඔට්ටිසුඩාන් පොලිසිය ඉතාම කඩිනමින් ඒ ස්ථානයට නොපැමිණියේ නම් පුරාවිද්‍යා නිලධාරීන් දැඩි ප්‍රහාරයකට ලක්වන්නට ඉඩ තිබිණි.
පොලිසියේ පැමිණීම
දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් ඇතුළු පිරිස බෞද්ධ භික්ෂූන්වහන්සේත් පුරාවිද්‍යා නිලධාරීනුත් එළවා දැමූහ. බැණ වදිමින් කියා සිටියේ ඒ පළාතට පුරාවිද්‍යාවක් අවශ්‍ය නොමැති බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඒ සඳහා අවසර ලබාදුන් අවසර පත්‍ර ඉල්ලමින් ඔවුහු කෑකෝ ගසන්නට වූහ.
පොලිසිය පැමිණීමෙන් පසුව පුරාවිද්‍යා නිලධාරීහු අදාළ ලියකියවිලි පොලිසියට බාර දුන්හ. ඒවා තමන්ට දෙන ලෙස ඉල්ලමින් දෙමළ දේශපාලනඥයෝ පොලිසියට ද කෑගැසූහ. පළාතේ දෙමළ දේශපාලනඥයෙකු පොලීසියට බැණවදිමින් කියා සිටියේ පොලිසිය පොලිසියේ රාජකාරිය කළ යුතු බවයි.
පුරාවිද්‍යා නිලධාරීන්ගේ සංඛ්‍යාවට වඩා හයගුණයක පමණ පිරිසක් විරෝධතාකරුවෝ අතර වූහ. මේ නිසා පොලිසිය කළේ පොලිසියට ඉතා පහසුවෙන් කරුණු අවබෝධ කොටදිය හැකි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමය.
ඒ පිරිස වූයේ භික්ෂූන් වහන්සේ දෙනම හා පුරාවිද්‍යා නිලධාරීහුය. මුලතිව් බලා ගිය පුරාවිද්‍යා නිලධාරීන් ආපසු යෑමෙන් පසුව විරෝධතාකරුවෝද බැණවදිමින් ආපසු ගියහ. ඒ යන අතරතුරේ දී මුලතිව් දෙමළ දේශපාලනඥයන් කියා සිටියේ උතුරු පළාත් ප්‍රධාන අයවරයා කී දේ සත්‍යයක් බවය.
වතුරත් එපා
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් මන්ත්‍රීවරයා කියා සිටියේ සී.වී.විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු පළාත් සභාව අමතා මීට වසර තුනකට පෙර කියන ලද කතාව දැන් සත්‍ය වී ඇති බවයි.
''ප්‍රධාන ඇමතිතුමා එක දවසක් පළාත් සභාවේ දි කිව්වා දකුණත් එක්ක ගනුදෙනු කිරීමේ දී ඉතාම පරෙස්සම්වෙන්න ඕනේ කියලා. දකුණෙන් උතුරට කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නෑ කියලයි එයා එදා කිව්වේ. ඉදිරියේදී උතුරට දකුණෙන් වතුර ලැබෙයි කිව්වා. ඒ වතුර මහවැලි වතුර කියලා උතුරට එනවත් එක්කම දකුණේ ඉන්න සිංහල ජනාවාස කාරයෝ ටිකත් ඒ වතුරත් එක්කම උතුරට ගලාගෙන එනවයි කිව්වා.”
“ ඊට පස්සේ ආගම පැතිරීමත් එක්කම තවත් සිංහල බෞද්ධයෝ මේ පළාත් වලට එනවා කිව්වා. දකුණේ අය උතුරේ දෙමළ අයට දෙයක් දෙන්නේ දෙමළ අයට තියන ආදරේ නිසා නෙමෙයි සිංහල අයට තියන ආදරය නිසයි කියලා එතුමා එදා කියනකොට සේරම අය හිනා වුණා. නමුත් අද වෙලා තියෙන්නේ ඒකමයි. ”
“ මහවැලිය කියලා දකුණේ මිනිස්සු මුලතිව් පළාතටත් උතුරේ අනෙක් පළාත්වලටත් ගෙනැල්ලා ජනාවාස ඇති කරලා සිංහල ගම්මාන හදනවා. මේ පළාතේ බෞද්ධ උරුමයන් තියනවා කියලා පුරාවිද්‍යාවට කියලා පුරාවිද්‍යාව එනවා .ඒත් එක්කම හාමුදුරුවරුත් එනවා. බෞද්ධයෝ නැති තැන්වල පළාත්වල බුදුපිළිම තැන්පත් කරලා විහාර හදනවා. ඉස්සර වෙලාම හාමුදුරුවෝ පදිංචි වෙලා පස්සේ දකුණේ ඉන්න සිංහල මිනිස්සු අරන් එනවා. මේ වැඩ පිළිවෙළට තමයි අපි විරුද්ධව සටන් කරන්නේ'' මන්ත්‍රීවරයා පැවසීය.
දෙමළ ජාතික සංන්ධානයට අනුව මුලතිව් තන්නිමුරුප්පුවේ පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණය කිරීමත් එවැනි ක්‍රියාවකි. දැන් මහවැලියත් පුරාවිද්‍යාවත් යන ආයතන දෙක ගැනම යාපනයේ දුගී දෙමළ මිනිසුන් තුළ ඇත්තේ විරෝධයකි.
මුලතිව් තන්නිමුරුප්පුවේ කුරුදුමලේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය. දින කීපයකට පසුව පුරාවිද්‍යා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත එක් තරුණයෙකු පමණක් පොලිසිය අත් අඩංගුවට ගත්තේය. ඔහු දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් සංවිධායකවරයාය. නමුත් ඒ ස්ථානයට ගොස් පුරාවිද්‍යා නිලධාරීන් සමඟ යකා නැටූ රවිහරන් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය.
නීතිය
මීට පෙර සිද්ධීන් ගණනාවක දී රාජ්‍ය දේපළවලට අලාභහානි සිදු කිරීමේ චෝදනා ගණනාවක් මත රවිහරන් මන්ත්‍රීවරයා මුලතිව් අධිකරණයෙන් ඇපමත නිදහස් වී සිටින්නෙකි. ඔහු සෑම මසකම අවසාන සිකුරාදා මුලතිව් අධිකරණයට ගොස් එහි පොතේ අස්සන් තැබිය යුතුය. මේ විරෝධතාවට ඔහු කෙළින්ම සම්බන්ධ වී එම ස්ථානයේ සිට සියල්ලන්ටම බැණ වැදුණ ද ඔහුව අත්අඩංගුවට පත් නොවිණි. එමෙන්ම සියයකට වඩා වැඩි විරෝධතාකරුවන් පිරිසක් සිටියත් පොලිස් අත්අඩංගුවට පත්වූයේ එක් අයෙකු පමණි.
බුදු පිළිමය
අනවශ්‍ය ප්රශ්නය නිර්මාණය වන්නේ බුදු පිළිමයක් මුල් කරගෙනය. ශාස්ත්‍රීය සංරක්ෂණ කටයුත්තකට මහ වනමැදට යන පුරාවිද්‍යා නිලධාරීන් බුදුපිළිම වැඩමවීම සම්බන්ධ ගැටලුව මතු විය. මේ සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරීම මෙසේය.
“ මේ ස්ථානය ගන කැලෑව. අලි වලස්සු කුළු මී හරක් බහුලයි. අපේ අරමුණ වුණේ දෙමළ ජාතික රැකවල්කරුවන් 10 දෙනෙක් බඳවාගෙන මේ පුදබිමට ආරක්ෂාව සැපයීමට අවශ්‍ය මූලික පදනම හැදීම. එහෙම රැකවල්කරුවන් යොදවනවා නම් අපි ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි.
එදා අපි අරගෙන ආවේ මෙතැන වැඩ කරන මිනිස්සුන්ට ආරක්ෂිතව ඉන්න පුළුවන් ලී දඬුවලින් හදපු තාවකාලික මුරකුටියක්. මේ මුරකුටිය පොළොවටවත් සම්බන්ධ වෙන්නෙ නෑ.
මුරකුටිය අපට ලබා දෙන්නේ හිමිනමක්. ඒ ප්රදානය උන්වහන්සෙ සිදු කරන්නෙ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය එක්ක. උන්වහන්සේ මේ සඳහා ලක්ෂ දෙකහමාරක විතර මුදලක් දායකයන්ගෙන් එකතු කරලා දුන්නා. එතැනට හාමුදුරුවරු දෙනම වැඩම කළේ අපේ කටයුත්ත දැක ගන්න. උන්වහන්සේ පුරාවිද්‍යාවට කිසිම සම්බන්ධයක් නෑ. උන්වහන්සේ වැඩම කළේ උන්වහන්සෙලාගේ වාහනයක. බුදුපිළිමය අඟල් 10 විතර උස එකක්. ඒක තිබුණෙ උන්වහන්සෙලාගේ වාහනේ. ඒක මේ ගන කැලෑවේ තැන්පත් කරන්න ගෙනාපු එකක් නොවෙයි. පුරාවිද්‍යාඥයො විදිහට මේ රටේ ඓතිහාසික උරුමය ආරක්ෂා කරනවා විනා පටු න්‍යාය පත්‍ර අප කාටවත් නෑ... ඇති වී තිබෙන තත්වය උසාවිය හමුවේ විසඳගන්න අපි කටයුතු කරනවා...” ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරියෙක් සිළුමිණට පැවසීය.
කුරුඳුමලේ පුරාවිද්‍යා භූමිය.
මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොමලමුනේ මධ්‍යම ග්‍රාම නිලධාරී වසමමේ මෙම පුරාවිද්‍යා භූමිය පිහිටා තිබිණි. මුලතිව් නගරයේ සිට බී - 297 කෝකිලායි මාරගයේ අලම්පිල් දක්වා කිලෝමීටර 13 ගමන් කරන විට හමු වන තන්නිමුරුප්පු රක්ෂිතය තුළ කුරුදුමලේ හා තන්නිමුරුප්පු වැව් දෙකට මැදිව ඇති උස් භූමියක මෙම පුදබිම පිහිටවා තිබිණි.
මෙම පුරාණ විහාරය මහාවංශයේ පැනෙනා කුරුන්දාවශෝක විහාරය විය. අට්ඨකතාවල හා වංශකතාවල සඳහන් කුරුන්දක හා කුරුන්ද හා කුන්දාවශෝක විහාරය මෙයය. ථේරවාද බුදුදහමේ පැවැත්මෙහි ප්‍රධාන සාධකය වූ අට්ඨකථා ග්රන්ථ ලිවීමේ කාර්යය සඳහා කුරුන්දාවශෝක විහාරය වැදගත් වූ ආකාරය ඉතිහාසයේ පෙනේ. සිංහල බෞද්ධ සාහිත්‍යයේ එන විශිෂ්ටම අට්ඨකතාවක් වන කුරුන්දි අට්ඨකතාව රචනා වී තිබුණේ මෙම විහාරයේය. ජනවහර ප්‍රකාරව බුදුන්ගේ දෙවන ලංකා ගමනේදී නාග ගෝත්‍රික ආරාධනාව මත මෙම භූමියට වැඩම කළ බව කියැවේ.
මහාවංශය අනුව මෙම පුදබිම ඉදි වන්නේ ඛල්ලාටනාග රජ ( ක්‍රි.ව 103 -110) සමයේය. එකල්හි, එනම් මීට වසර දෙදහස් අටකට පෙර මෙම පුදබිම කුරුන්දපාසක වූ ආකාරය මහවංශය තහවුරු කරයි. එකල්හි මේ බිමේ කුරුන්දවුල්ලක නැමැති පිරිවෙනක් විය. අනතුරු වකවානුවේ පළමුවන අග්බෝ ( ක්‍රි.ව.571-604) විසින් ද, හතරවන අග්බෝ ( ක්‍රි.ව.667-683) සමයේ ද, පළමු වන විජයබාහු ( ක්‍රි.ව. 1055-1110) විසින් ද මෙම පුදබිම වැඩි දියුණු කළ ආකාරය මහාවංශයේ දැක්වේ. කුරුන්දාවශෝක විහාරයේ තුන්වන මිහිඳු රජ සමයට අයත් ශිලා ලේඛනයක් ඉංග්‍රීසි පාලන සමයේ දී සොයාගෙන තිබිණි.
පුරාවිද්‍යා විද්වතුන් මෙම පුරාණ භූමිය සම්බන්ධව ලේඛනගත කරන්නේ වර්ෂ 1905 දීය. එම ගවේෂණය සම්බන්ධ තොරතුරු වර්ෂ 1905 පාලන වාර්තාවේ සඳහන් කිරීමට ඔවුහු කටයුතු කළහ. එහෙත් එම ලිඛිත ඓතිහාසික සාධකය මේ වනවිට අතුරුදන්ය. දක්නට ලැබුණේ ශිලා ස්ථම්භයක්, කබොක් ගලින් කළ ගොඩනැගිල්ලක් ලෙස පෙනෙන ස්ථූප ගොඩැල්ලක්, අනුරාධපු අවධියට අයත් කැටයම් සහිත සඳකඩපහණ, කොරවක්ගල් හා ගල් කණුවලින් යුතු නටබුන් සමූහයකි.
පුරාවිද්‍යා ආඥාපනත ප්‍රකාරව මෙම ඓතිහාසික ඉදිකිරීම් සම්බන්ධව කටයුතු කිරීමේ පූර්ණ නෛතික බලය සහිත ආයතනය රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලිපියක් ද සහිතවය. එම ලිපිය මගින් මෙම නිලධාරීන්ට කුරුඳුමලේ පුරාවිද්‍යා රක්ෂිත භූමිය සංරක්ෂණය කොට තහවුරු කිරීමට හා සංවර්ධනය කිරීමට බලය පවරා තිබිණි. මේ ලිපියේම පිටපත් මුලතිව් දිසාපතිවරයාගේ සිට පොලිසිය ඇතුළු සියලුම දෙනා වෙත යවා තිබුණේ නිලධාරීන් එහි යෑමටත් පෙරදීය. නමුත් ගෝත්‍රිකයන් දේශපාලනයේ අවියත් විරෝධය හමුවේ සිය රාජකාරි අත්හැර දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදු විය
හින්දු කෝවිල
වවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි වෙඩුක්කුනාර් නමින් දෙමළ භාෂාවෙන් හඳුන්වන සිංහල වැසියන් වඩිනාගල යැයි කියන බෞද්ධ නටබුන් සහිත ස්ථානය අසල දැන් ඇත්තේ හින්දු කෝවිලකි. ශාස්ත්‍රීය යථාර්ථය මෙන්ම පුරාවිද්‍යා ආඥාපනතෙන් ආවරණය කරන නීතිමය පරිසරය දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරණ උතුරේ සියලුම දේශපාලනඥයන් විසින් දියත් කරන ලද විරෝධතා අතර අවලංගු වී ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මේ භූමිය අයත් වන්නේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. භූමියේ පුරාවිද්‍යා ස්මාරකවල අයිතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය.
ඉදිකිරීම් සිදුවන්නේ උතුරු පළාත් සභාවේ ප්‍රතිපාදනවලින් වෙන් කරගත් ලක්ෂ 47 ක මුදලකිනි. මේ නීතිවිරෝධී ඉදිකිරීම් නවත්වන මෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ දැනුම් දීම නොසලකා මේ අවියත් මිනිස්සු ඉදිකිරීම් දිගටම කරගෙන යති. දැන් මේ පුරාවිද්‍යා භූමියට ඇතුළුවීම තහනම් කර උසාවි නියෝගයක් ලබා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සූදානම්ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උතුරේ එකිනෙකට ඉතාම සමීප වූ ස්ථාන දෙකක දී මුහුණ දෙන මේ සිදුවීම් දෙක අප රටක් ලෙස ජීවත්වන පරිසරය අපට කියා දෙමින් හිඳී.
පුරාවිද්‍යා භූමියක් සංරක්ෂණය කිරීමේ ශාස්ත්‍රීය කටයුත්තකට උදව් කරන අතරම ප්‍රකට කරන ආගම්වාදී ප්‍රචාරණ මානසිකත්වයේ සිට භූමියේ යථාර්ථය පිළිගැනීමට සූදානම් නැති ගෝත්‍රික වර්ගවාදීන්ගේ දේශපාලන හැසිරීම හරහා හෙළිදරව් වන මනෝවිකෘතිය කියන්නේ අප ඉන්නේ සංහිඳියාව වැනි උත්තම මානුෂීය සංකල්පවලට බොහෝ දුරින් බවය. අප තවමත් දූපත් වාසී අසංස්කෘතික ගෝත්‍රිකයන් බවය.