
යුරෝපා සංගමය (EU) සහ UN-Habitat ආයතනය එක්ව හිමිකරු-මූලික නිවාස යළි ගොඩනැගීම පිළිබඳ රචිත කෘතියක් පසුගියදා ජනගත කළේය. පසුගිය දශක තුනක කාලය පුරා අද දක්වා උගත් පාඩම් සහ යහපත් ක්‍රමවේද 'Building, Owning and Belonging' ලෙස නම්කර ඇති මෙම කෘතියට ඇතුළත් වේ. මෙම කෘතිය ශ්‍රී ලංකාව කේන්ද්‍රකර ගනිමින් රචනා කර ඇති අතර ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල අධ්‍යයනයන් ද ඊට ඇතුළත්ය.
UN-Habitat Sri Lanka හි මෙරට ප්‍රධාන කාර්යාලයේ ආචාර්ය චානක තල්පැහැර මහතා සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලයේ සහයෝගිතා ප්‍රධානී ලිබුසේ සුකුපෝවා මහත්මිය සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් වේලායුදන් සිවඥානසෝති මහතාට කෘතිය පිළිගැන්වූ මොහොත.