ශ්‍රී ලංකා පොලිසියේ 152 වන සංවත්සරය නිමිත්තෙන් කොටුව පොලිස් ස්ථානය සංවිධානය කරනු ලබන මහා ලේ දන්දීමේ පින්කමක් හෙට (03) කොළඹ 10, ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි ස.තො.ස ප්‍රවාහන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර ඇත.
එහිදී මියගිය පොලිස් නිලධාරීන් නිලධාරිනියන් සහ මියගිය ස.තො.ස සේවක මහත්ම මහත්මීන්ට පින් පැමිණවීමක් සිදු කරනු ලබන අතර ලේ පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීන්ට පින්කමට සහභාගී වන ලෙස ඉල්ලීමක් කෙරේ.