ආදි­වාසි දරු­වන්ට අකුරු කරවන ආදි­වාසි ගුරු­වරු | සිළුමිණ

ආදි­වාසි දරු­වන්ට අකුරු කරවන ආදි­වාසි ගුරු­වරු

මහි­යං­ග­නය දඹාන ආදී ප්‍රදේ­ශ­වල මෑත­කදී කළ සංචා­ර­යක් අත­ර­තු­රදී අප ගමන් සඟයා වූ ආරි­ය­පාල රත්නා­යක සොහො­යුරා යෝජ­නා­වක් කළේය.

“මේච්චර දුරක් ආව එකේ යමුද ආදී වාසි ගුරු­වරු බලන්න”

ආදි­වාසී ගුරු­වරු කී පම­ණින් මා මත­ක­යට ආවේ දඹානේ ගුණ­ව­ර්ධන ගුරු මහ­තාය. ආදී­වා­සීන් අත­රින් පළ­මු­වෙන්ම ගුරු වෘත්ති­යට පිවිසි ඔහු ප්‍රථම ආදි­වාසී උපා­ධි­ධ­රයා ද වෙයි. එදා මෙදා­තුර කාලය ගෙවී ගොස් දැන් ආදි­වාසි ජන­තාව අතර ගුරු­ව­රුන් බොහෝය. අප මේ යන්නේ ඔවුන් මුණ ගැසී­ම­ටය. අපි හිමි­දි­රි­යේම ගම­නට පිටත් වීමු. දඹාන හන්දි­යෙන් හැරී කොට­බ­කි­නිය ගමට නොව ගුරු­කු­ඹුර පාස­ලට යන මඟ දිගේ ඉදිරිය­ටම ගියෙමු. දැන් ඒ පාර පෙරට වඩා වෙනස්ය. ඉස්සර ගුරු­කු­ඹු­රට යන පාර දුවි­ල්ලෙන් පිරුණු ගුරු පාරකි. තාර පාර දිගේ පැමිණි අප ගුරු­ක­ඹුර පාසල් වත්තට ආවා පමණි. ගුරු­ව­ර­යෙක් පැමිණ ආරි­ය­පාල සොහො­යු­රාගේ දෙපා වැන්දේය.

“සර් මම සර්ගෙන් ඉගෙන ගෙන තියෙ­නවා” ඔහු සෙමෙන් කීවේය.

දරු­වන් පාස­ලට කැටුව පැමිණි මවු­වරු කිහිප දෙනෙක්ම ආරි­ය­පාල සොහො­යු­රාගේ දෙපා මුල වැඳ වැටු­ණහ.

“සර් හුඟ කාලෙ­කින්”

තම­න්ගෙන් අධ්‍යා­පන ලද සිසු සිසු­වි­යන් සමඟ ඔහු ආගිය කතා­ව­කය.

“මම කාල­යක් දඹාන ඉස්කෝලේ ඉගැ­න්නුවා. ඒ කාලේ දැන් වගේ දියුණු නැහැ. දැන්නම් පාසලේ ගුරු­ව­රුන් හොඳට ඉන්නවා. වෙන­දාට වඩා දැන් දරුවෝ පාසල් එනවා. මේ ගම්වල දරුවෝ අද මෙහෙම ඉන්නවා දැක්කම සතු­ටක් දැනෙ­නවා”

ආරි­ය­පාල සොහො­යුරා අප හා පැව­සුවේ සෙමෙනි.

ගුරු වෘත්තිය උතුම්ය. අද අප සෑම කෙනෙක්ම මේ මහ­පො­ළව මත පය ගසා ඉන්නේ ගුරු­ව­රුන්ට පින් සිදු වන්න­ටය. රටේ කොයි කොන ගියද සිසු දරු දැරි­යන්ගේ ඇස් පාද­න්නට තම ජීවිත කාල­යම කැප කළ හා කැප කරන ගුරු­වරු අපට හමු­වෙති. වසර ගණ­නා­වක් පුරා ගුරු සේවයේ යෙදුණු ආරි­ය­පාල රත්නා­යක අද විශ්‍රාම සුවය විඳී. අපගේ මේ ගම­නට ඔහු සම්බන්ධ වූයේ අහ­ම්බෙනි.

ගුරු­කු­ඹුර පාස­ලට ගිය අප කාගේ කවු­දැයි හෝ ආවේ කුම­ක­ට­දැයි හෝ නොදැන පාසල් දරුවෝ කිහිප දෙනෙක්ම අප ඉදි­රි­යට පැමිණ වැඳ සිනහ මුසු මුහු­ණින් පිළි­ගත්හ. එය කිසි­වෙ­කුගේ අනු දැනු­ම­කින් සිදු­වූ­වක් නොවන බව අපට වැට­හිණි.

“කෝ පුතා­ලගෙ විදු­හ­ල්පති තුමා”

එසේ ඇසු සැණින් දරුවෝ කිහිප දෙනෙක්ම විදු­හ­ල්පති කාම­රය දෙසට දිව ගියහ. අපි අපේ සුපු­රුදු හිත­වතා සොයා පාසලේ පන්ති කාමර දෙසට යන්නට වීමූ.

“අද කැඳ දෙන දවස.”

ගුණ­ව­ර්ධන ගුරු­තුමා තමන් ඉදි­රියේ පෙළ ගැසී සිටින දරු­වන් අතැති කෝප්ප­ව­ලට කැඳ පුර­වයි. දරු දැරියෝ ගුණ­ව­ර්ධන ගුරු­තුමා ඉදි­රියේ පෙළ ගැසී ඉන්නේ සින­හ­වෙන් ඔප වූ ප්‍රබෝ­ධ­මත් මුහු­ණෙනි. ගුණේට ඒ කාර්යය නිම කර­න්නට ඉඩ දී අපි පසෙ­කට වීමු. පන්ති කාම­ර­වල බිත්ති­වල එක එක චිත්‍ර අලවා ඇත. ඒ හැම චිත්‍ර­යක්ම නිර්මා­ණය කර ඇත්තේ පාසලේ දරු දැරි­යන්ය.

“බෲනායි රටේ පදිංචි වී සිටින

ඇන්ඩෲ උදෙන්ම

බෲස්ලි හමු­වී­මට ආවා

කෲසෝ මේ දින­වල

අස­නී­පව සිටින බව බෲස්ලි කිව්වා

ඇන්ඩෲත් බෲස්ලිත් එක් වී

කෲසෝ බැලී­මට ගියා......”දරුවෝ බිත්තියේ අලවා ඇති පුව­රුව මහ හඬින් කිය­වති. පාසලේ සිටින දරු­වන් සංඛ්‍යාව සීමිත වුව ද ඉගෙ­නී­මට ඇති උන­න්දුව ඔවුන්ගේ ක්‍රියා­කා­ර­කම් තුළින් අව­බෝධ වේ. කුරුලු ලෑල්ල, පින්තා­ලිය පාසල් ගෙව­ත්තට අලු­තෙන් එක් වූ දෑය. පාසලේ දරු දැරියෝ කිහිප දෙනෙක් මල් පැළ­ව­ලට වතුර දම­මින් සිටි­යහ. ඒ හැම මුහු­ණ­කම ඇත්තේ ප්‍රබෝ­ධ­යකි.

දඹාන කොට­බ­කි­නිය ආදි­වාසී ගම්මා­න­යට පා තබන අප කිසි­වි­ටෙ­කත් ආදි­වාසී පවු­ල්වල දරු­වන් ඉගෙ­නුම ලබන ගුරු­කු­ඹුර ආදර්ශ පාස­ලට යෑමට අම­තක නොක­රමු. වෙන­දාට නැති අලුත් හුරු­බු­හුටි බවක් මෙදා අපට පාස­ලෙන් දක්නට ලැබණි. 'පාසල අලුත් වෙලා.' එහෙ මෙහෙ දුව පනින පුංචි පැංචි­යන් දුටු මට එසේ සිතිණි.

“දැන් හරි”

දිගු­කා­ලීන මිත්‍ර­යකු වන ගුණේ අප ඉදි­රි­යට ආවේ සැහැල්ලු සින­හ­ව­කිනි. ඔහු කව­දත් වැඩි බරක් නොගන්නා අයෙකි. අනුන්ගේ ප්‍රශ්න ඔළුවේ දාගන්නේ ද නැත. ඕනෑ නම් ගුණේට කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ඉගෙන ගන්නා අව­දි­යේම මේ කොළො­ම්පු­ර­යේම නතර වෙන්නට ඉඩ­කඩ තිබිණි. ‍එහෙත් ඔහුට ආදී­වාසි ජන­තා­වගේ ගුණ සුවඳ අතර රැඳෙ­න්නට අවශ්‍ය විය. අද ද ඔහු ආදි­වාසී දරු­වන් වෙනු­වෙන් කැපව හිඳී.

ගුණේ හමු­වන ඔහු හා කතා කරන හැම අව­ස්ථා­ව­කම මට සිතෙන්නේ ඔහු අලස සුවය විඳි­න්නට ප්‍රිය කර­න්නෙකු ලෙසිනි. ගුණේ විසින් ලියූ පොත් අතර දඩ­බි­මෙන් දඩ­බිම, වන්නි­ය­ලැත්තෝ, පුංචි දෙමටා, වන අර­ණක අසි­රිය හා තුංයම සිහි­නය ආදී පොත් කිහි­පය වේ.

“මං ගැන ලියන්න එපා. ඒත් පුළු­වන් නම් එක උද­ව්වක් කරන්න. මේ ගම කාල­යක් තිස්සේ ඉඳලා කසි­ප්පු­ව­ලින් වැන­සිලා. මේ දරුවෝ අත­රමං වෙයි. දරු­වන්ගේ තාත්තලා, ගමේ තරු­ණයෝ මේවට ඇබ්බැහි වුණොත් වෙන්නේ විනා­ශ­යක්. අන්ති­මට මෙහෙ ඉතිරි වෙන්නේ වැද්දෝ නෙමෙයි බේබද්දෝ ” කාල­යක් තිස්සේ පිළි­යම් සොයන ප්‍රශ්න­යක් ඔහු අප ඉදි­රියේ තැබු­වේය.

කව­දත් තම යහ­ප­තට වඩා වඩා අනුන් ගැන හිතන ගුණේ දැන් කැලෑ­ග­මට ම තම දිවි බාර දී ඇත්තා සේය. දොළොස් දෙනෙ­කු­ගෙන් යුත් පවු­ලක හය වැන්නා වූ ගුණේ විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­න­යට මඟ පාදා ගන්නේ බොහෝ දුෂ්ක­රතා මධ්‍ය­යේය. විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­න­යෙන් පසු ඔහුට ගුරු­ප­ත්වී­මක් ලබෙ­න්නේය. පාසල් කිහි­ප­යක සේවය කර දැන් ඔහු ගුරු­කු­ඹුර විද්‍යා­ලයේ සේවය කර­න්නේය.

පාසලේ ප්‍රධාන ගුරු­ව­රයා වන්නේ ටී. එම් ධර්ම­ර­ත්න මහ­තාය. ඔහු ගුණේ ගේ බාල සහෝ­ද­ර­යාය.

“මම විදු­හ­ල්පති ශ්‍රේණි විභා­ගය සමත් වෙලා තමයි මේ පාසලේ විදු­හ­ල්පති ලෙස පත් වුණේ. 2017 වසරේ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යෙන් පැවැත් වූ තර­ග­ය­කදි අපේ පාසල ඵල­දා­යි­තා­වෙන් දෙවන ස්ථාන­යට පත් වුණා. දැන් දරුවෝ ඉස්ස­රට වඩා ඉස්කෝලේ එන්න උන­න්දුයි. දෙම­වු­පි­යොත් දරුවෝ පාස­ලට එවන්න උන­න්දුයි. සති­යට එක දව­සක් පාසලේ උදේ රැස්වීම තියන්නේ වැදි භාෂා­වෙන්. නැත්නම් දරු­වොන්ට ඒ ගැන හැඟි­මක් නැතිව යනවා. හැම­දාම දෙම­වු­පි­යන්ට වඳින්න දරු­වන්ට හුරු­ක­රලා තියෙන්නේ. පාසලේ පන්ති කාමරේ අම්මලා තාත්ත­ලාගේ පින්තුර තියෙ­නවා. දරුවෝ ඒවාට වඳි­නවා. අපේ පාසලේ දරු­වන් තිස් දෙකක් ඉන්නවා. මේ දරු­වන් යහ­ම­ඟට ගැනී­මයි ඔවුන්ට අනා­ග­ත­යක් හැදී­මයි අපේ අර­මුණ. බොහෝම දුක් විඳ ඉගෙන ගත් අපි ඉගෙ­නීමේ අගේ දන්නවා.” ධර්ම­රත්න පව­සයි.

කල­කට පෙර යූ. ඩබ්ලිව්. දයා­රත්න ‍ස්වෙච්ඡා ගුරු­ව­ර­යෙකි. දැන් ඔහු ස්ථිර ගුරු සේව­යේය. ඔහුත් සමඟ ආදි වාසි ගුරු­වරු ලෙස ගුරු­කු­ඹුර පාසලේ විදු­හ­ල්පති ඇතු­ළුව ගුරු­ව­රන් තිදෙ­නෙකි. එමෙන්ම ගමේ පාස­ලෙන් පිට ගොස් ගුරු වෘත්තියේ නියැ­ළෙන තවත් කිහිප දෙනෙකි. එක් ගුරු­ව­ර­යෙක් රතු­ග­ලත් තවත් ගුරු­ව­ර­යෙක් හෙනා­නි­ග­ලත් සේවය කරති.

ආදි­වාසී ගුරු­ව­රුන් සොයා ගිය ගමනේ අපේ මීළඟ නැව­තුම් පොළ වුයේ දඹාන පාස­ලයි. එහි ආදි­වාසි ගුරු­ව­රි­යන් දෙදෙ­නෙකි. ටී. එම්. සිරි­යා­වති සහ සම­ර­කෝන් මුදි­ය­න්සේ­ලාගේ දයා­නිය.

ටී.එම්. සිරි­යා­වති දඹානේ ගුණ­ව­ර්ධ­නගේ බාල නැග­ණි­යයි. ඇය ද උපා­ධි­ධා­රි­ණි­යකි.

“මම තමයි පවුලේ දොළොස් වැනියා. අම්මා නැති වෙන කොට මට වයස අවු­රුදු හතයි. අක්කලා අයි­යලා තමයි මාව හදා ගත්තේ. ‍ගුණේ අයියා විශ්ව­වි­ද්‍යා­ල­යට ගියාම අපි­ටත් ඉගෙන ගන්න ඕන කියන ආසාව ඇති වුණා. මම උසස් පෙළ කළේ ඔරු­බැඳි වැව පාසලේ. බාහිර උපා­ධි­යට ඉගෙන ගන්න පදි­ය­ත­ලා­වට ගියා. කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් කලා උපා­ධිය ලබා ගත්තේ. ආදි වාසී නාය­ක­තුමා තමයි මට ගුරු පත්වී­මක් අරන් දෙන්න මුල් වුණේ. මුලින්ම ගුරු­ප­ත්වීම ලැබිලා පාස­ලට ආව දිනයේ මගේ සිතට දැනුණේ ලොකු සතු­ටක්. ඒ සතුට ඉස්කෝ­ලෙට එන හැම දව­ස­කම මට දැනෙ­නවා . අමා­රු­වෙන් දුක් මහ­න්සි­වෙලා ගුරු­ව­රි­යක වෙන්න ලැබු­ණානේ කියන සතුට කියලා නිම කරන්න බැහැ.” සිරි­යා­වති උදම් අන­න්නිය.

සිරි­යා­ව­තීගේ යෙහෙ­ළිය දයා­නිද වැදි පර­පු­රට නෑකම් කිය­න්නීය. තිස් එක් හැවි­රිදි වියේ පසු­වන ඇය විවා­හ­කය. එක් දරු මවකි. ඇය දඹාන පාසලේ ගුරු මණ්ඩ­ල­යට එක් වුයේ දෙද­හස් පහ­ළොව වස­රේ­දීය.

“මගේ පවුලේ හතර දෙනයි. නවය වස­රේදී තමයි ඔරු­බැදි වැව ඉස්කෝ­ලෙට ගියේ. වතු­යාය ගමේ ඉඳලා ඔරු­බැදි වැව ඉස්කෝ­ලෙට යන්න ගොඩක් දුක් වින්දා. උදේ පාන්දර පහ­මා­රට විතර ගෙද­රින් යන්නේ. පාරේ අලි ඉන්නවා. බස් එකේ නගින්න දඹාන හන්දි­යට කිලෝ මීටර් තුනක් විතර පයින් ගියේ. ගෙදර එන­විට හැන්දෑවේ හතර පහ වෙනවා. ඒත් දුක් වින්දට දැන් හිතට දැනෙන්නේ සතු­ටක්. සිරි­යා­වති වගේම මමත් උපා­ධි­යට ඉගෙන ගත්තේ ජන­සන්නි වේද­නය, සිංහල හා සමාජ විද්‍යාව යන විෂ­යන්. කව­දා­වත් අපි ආදි­වා­සින් කියා කියන්න ලැජ්ජා වන්නේ නැහැ.”

මේ කොයි කාටත් තමන් ගැන අභි­මා­න­යක් ඇත. ඔවුන් ඔවු­න්ගේම ලොවක් තනා­ගෙන ඇත. ගුරු­කු­ඹු­රට, කොට­බ­කි­නි­යට හා දඹා­නට පම­ණක් සීමා නොවූ ඔවුහු දැනුම සොයා යති. ඒ සොයා යෑමේ එක් කඩ­ඉ­මක් වන්නේ ඔවුන් ගුරු­ව­රුන් ලෙස සේවය කිරී­මයි. තම වර්ග පර­ම්රාවේ අභි­මා­නය ලොවට කියා පෑමයි.

ඌරු­ව­රිගේ ගුණ­ති­ලක දැන් උග­න්වනු ලබන්නේ වේවත්ත ‍කනිෂ්ඨ විද්‍යා­ල­යේය.

“මම ඉගෙන ගත්තෙත් දඹාන ඉස්කොලේ. ගුරු­ව­ර­යකු ලෙස සේවය කර­න්නට ලෑබීම මට නම් ආඩ­ම්බ­ර­යක්. මම දැන් මගේ ගේ හදා ගන්න හදන්නේ. මට දරුවෝ ඉන්නවා. දරු­වන්ට හොදින් උගන්න ගන්න ඕනැ. අපිට අපේ කියලා ලෝක­යක් තියෙ­නවා. අපට ඕනෑ අපේ ආදි­වාසි දරුවෝ ඉගෙ­නුම අතින් ඉහ­ළට එනවා දකි­න්නයි.” ගුණ­ති­ලක පව­සන්නේ තම දරු­වන් දෙදෙනා තුරුල‍ට ගනි­මිනි.


ඡායා­රූප-තුෂාර ප්‍රනාන්දු

Comments