අධි­වේ­ග­යෙන් කෝටි 3028ක් | සිළුමිණ

අධි­වේ­ග­යෙන් කෝටි 3028ක්

 

අධි­වේගී මාර්ග පද්ධ­ති­යෙන් පසු­ගිය ජූනි මාසය වන විට රුපි­යල් බිලි­යන 30කට අධික මුද­ලක් උප­යා­ගෙන ඇතැයි අධි­වේගී මාර්ග පද්ධ­තියේ නඩත්තු හා මෙහෙ­යුම් අංශ ප්‍රධානී එස්. ඕප­නා­යක මහතා පව­සයි. මේ මුදල කොළඹ පිටත වට­ර­වුම් අධි­වේගී මාර්ග එක් අදි­ය­රක් සඳහා වැය කළ මුදල උප­යා­ ගැ­නී­මකි. 

මේ කාලය තුළ අධි­වේගී මාර්ගයේ ගමන් කර ඇති සමස්ත වාහන සංඛ්‍යාව 11,26,23988කි.

දක්ෂිණ අධි­වේගී මාර්ගයේ හා කොළඹ පිටත වට­ර­වුම් මාර්ගයේ ගමන් කර ඇති වාහන සංඛ්‍යාව 7,36,17147ක් වන අතර, එහිදී දක්ෂිණ අධි­වේගී මාර්ග­යේදී රුපි­යල් 16666974757.07ක් හා කොළඹ පිටත වට­ර­වුම් මාර්ග­යෙන් රුපි­යල් 2710007852.18ක් උප­යා­ගෙන ඇතැ­යිද ඕප­නා­යක මහතා කී ය.

Comments