සුවපත් බව පතන තේවත්ත බැසිලිකාවේ රෝගී මංගල්‍යය | සිළුමිණ

සුවපත් බව පතන තේවත්ත බැසිලිකාවේ රෝගී මංගල්‍යය

ලංකාවේ අප ස්වාමි­දුගේ බැසි­ලි­කාව නමින් ප්‍රකට රාගම, තේවත්ත බැසි­ලිකා සිද්ධ­ස්ථා­නය කිතුනු බැති­ම­තුන්ගේ නොමඳ ආදර ගෞර­ව­යට පත් ප්‍රසිද්ධ පූජ­නීය ස්ථාන­යකි. රම­ණීය කඳු ගැට­යක පිහිටා

වර්ෂ 1940 මුළු ලෝක­යම දෙවන ලෝක යුද්ධයේ ගිනි­දැ­ල්ව­ලින් වෙළී­ය­මින් තිබූ කාල­යක් විය. බ්‍රිතාන්‍ය අධි­රා­ජ්‍යයේ යටත් විජි­ත­යක් ලෙස මෙන්ම උපාය මාර්ගි­කව වැද­ගත් ස්ථාන­යක පිහිටි ලංකා­වට ද යුද්ධයේ බල­පෑම් එල්ල­වෙ­මින් තිබිණි. ඒ කාලයේ කොළඹ අග­ර­ද­ගුරු ලෙස කට­යුතු කළ මේරි මැසොන් හිමි­පා­ණන් තේවත්ත ප්‍රදේ­ශයේ තිබූ ලූර්දු මෑණි­යන්ට කැප කළ කුඩා දෙව්මැ­දු­රක් වෙත ගොස් එහි පුද­සුන ඉදි­රියේ දණින් වැටී දේව මෑණි­යන්ට බාර­යක් වන්නේ එම යුද්ධයේ තිබූ භයං­කර බව දැන සිටි නිසාය.

දෙවන ලෝක යුද්ධ­යෙන් ලංකාව බේරා ­දු­න­හොත් දේව මෑණි­යන් වෙනු­වෙන් බැසි­ලි­කා­වක් ඉදි කොට, දේව මෑණි­යන් 'ලංකාවේ අප ස්වාමිදූ' නමින් අබි­සෙස් ගැන්වී­මට උන්ව­හන්සේ එහිදී පොරොන්දු වූහ. කවුද මේ දේව මෑණියෝ? කෙනෙ­කුට එසේ සිතිය හැකියි. ජේසුස් වහ­න්සේගේ මව වූ මරි­ය­තු­මිය අතී­තයේ පටන්ම විවිධ නම්ව­ලින් හඳු­න්ව­මින් ගෞරව දැක්වීම කිතුනු සම්ප්‍ර­දා­යක් වන අතර, ශුද්ධවූ ජප­මාල මෑණියෝ, පාති­මාවේ අප ස්වාමිදූ, ලූර්දුවේ අප ස්වාමිදූ වැනි විවිධ නම්ව­ලින් හඳු­න්ව­න්නේද එතු­මි­යයි. අග­ර­ගුරු හිමි­පා­ණන්ගේ ඒ යැදුම අනුව අප මවු­බි­මට කිසිදු කර­ද­ර­ය­කින් තොරව ලෝක සංග්‍රා­මය නිමා­වද්දී තමා වූ බාරය ඔප්පු කිරී­මට උන්ව­හන්සේ කට­යුතු කළහ. මේරි මැසොන් හිමි­පා­ණන් රෝම­යට ගොස් එව­කට සිටි 12 වැනි පියුස් පාප්ව­හ­න්සේ­ගෙන් ඒ සඳහා වන විශේෂ අව­ස­රය ලබා­ගන්නේ ඒ අනු­වය.

අග­ර­ද­ගුරු හිමි­පාණෝ බැසි­ලි­කාව ඉදි කිරී­මට සුදුසු ඉඩ­මක් සොය­මින් පසු­වෙද්දී දේව මාතා­වන්ට බාරය වූ කුඩා දේව­ස්ථා­නය ඉදි­රි­පිට වූ 'ඔරේන්ජ් හිල්' නම් රබර් වත්ත විකු­ණන බවට උන්ව­හ­න්සේට ආරං­චි­යක් ලැබෙන්නේ ඉන්ප­සු­වය. අක්කර ගණ­නා­වක් පුරා පැති­රුණු හරිත රබර් යායක් වූ එම ඉඩම බැසි­ලි­කාව ගොඩ­නැ­ඟීම සඳහා මන­රම් ස්ථාන­යක් බව දකින උන්ව­හ්නසේ එය මිලදී ගෙන කඩි­න­මින් එහි ඉදි­කි­රීම් කට­යුතු ආරම්භ කළහ. එහෙත් තමාගේ බාරය අනුව බැසි­ලි­කාව ඉදි කර­න්නට පෙර මේරි මසොන් අග­ර­ද­ගුරු හිමි­පාණෝ ස්වර්ගස්ථ වූ අතර ඉන්පසු එම භාර­දූර කාර්ය­යට උර­දෙන්නේ මෙරට ප්‍රථම කාදි­න­ල්ව­රයා වීමේ භාග්‍යය ලත් තෝමස් බෙන්ජ­මින් කාදි­නල් කුරේ හිමි­පා­ණෝය.

බැසි­ලි­කාව ඉදි­වෙ­මින් පව­තින අත­රේම ලංකාවේ අප ස්වාමි දුවගේ පිළි­රුව ද නිර්මා­ණය වූ අතර පෘතු­ගා­ලයේ පාති­මාවේ අප ස්වාමිදූ ප්‍රති­මාව නිර්මා­ණය කළ ශිල්පියා විසින්ම එය සිදු කිරීම ද විශේ­ෂ­ත්ව­යකි. එම ප්‍රති­මාවේ දේව මාතා­වන්ගේ දෙපා මුල නා මල් කිනි­ත්තක් රඳවා ඇත්තේ ශ්‍රී ලාංකික අන­න්‍ය­තාව පෙන්නුම් කිරී­ම­ටයි. එහෙත් ඒ වන විට නා ගස ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම් කර නොතිබූ බවද පැවසේ.

දේව මෑණි­යන්ගේ දෑතේ තබා ඇති ජේසු බිලි­ඳුන් සුරත දිගු කොට ජප­මා­ලය පෙන්වන අතර, උන්ව­හන්සේ අනෙක් අත දිගු කොට තම මෑණි­යන් පෙන්වන බවක් එම ප්‍රති­මාවේ වේ. එයින් පෙන්නුම් කෙරෙන්නේ නිතර ජප­මා­ලය උච්චා­ර­ණය කරන ලෙස දේව මෑණි­යන් සැදැ­හැ­ව­තුන්ට ආරා­ධනා කරන බවත් එසේ කරන අය දේව මාතා­වන් වහන්සේ තම ජේසු බිලි­ඳුන් තුරුලේ හොවා වැළද ගන්නා බවත්ය. මෙම දේව මාතා ප්‍රති­මාවේ ජේසු බිලි­ඳුන්ගේ හස්තය මත රඳවා ඇත්තේ හය­වැනි පාවුලූ පාප්ව­හන්සේ 1970 දෙසැ­ම්බර් 04 වැනිදා දිව­යි­නට වැඩම කළ අව­ස්ථාවේ තෑගි කරන ලද ජප­මා­ල­යයි.

එමෙන්ම දේව­මාතා වහ­න්සේගේ සහ ජේසු බිලි­ඳුන්ගේ සිරස් මත පලදා ඇති 'රන් ඔටුනු'ද දේශීය කලා ලක්ෂණ ඇතිව නිර්මා­ණය කර තිබේ. එම රන් ඔටුනු සෑදීම සඳහා අවශ්‍ය රත්ත­රන් අති උතුම් මසොන් රද­ගුරු හිමි­පා­ණන්ගේ කාලයේ සිට වසර ගණ­නා­වක් තුළ රැස් කරන ලද ඒවාය. හිටපු අග­ර­ද­ගුරු හිමි­ව­රුන්ගේ මුදු, කුරුස සහිත මාලද මෙන්ම කොළඹ කොච්චි­කඩේ සහ වෙනත් දේව­ස්ථා­න­ව­ලින් පරි­ත්‍යාග කරන ලද රත්රන් භාණ්ඩ ඒ සඳහා යොදා­ගෙන තිබේ. 1951වස­රේදී මුල්ගල තැබූ මෙම දර්ශ­නීය බැසි­ලි­කාව ස්වර්ගස්ථ මැසොන් අග­ර­ද­ගුරු හිමිගේ බාර පොරො­න්දුව අනුව ලංකාවේ අප ස්වාමිදු වෙනු­වෙන් අබි­සෙස් ලබන්නේ 1974 පෙබ­ර­වාරි මස 06 වැනි­දාය.

සිද්ධ­ස්ථා­නයේ අභි­මා­න­වත් පෙනුම මෙන්ම සිද්ධ­ස්ථාන භූමිය පුරා­වට තිබෙන අනෙ­කුත් අංග ද එහි අපූ­ර්ව­ත්ව­යට හේතු වී තිබේ. සිද්ධ­ස්ථා­න­යට යාබද කඳු ගැටයේ ඉදි කර ඇති දර්ශ­නීය ලූර්දු ගුහාව කාගේත් නෙත් සිත් සන­සා­ලයි. ලූර්දු නුවර දේව­මාතා දර්ශ­නය වූ ස්වාභා­වික පරි­ස­ර­යට සමාන මෙම පරි­ස­රයේ ගල් පර්ව­ත­යක් තුළ ඉදි කර ඇති මෙම නව ලූර්දු ගුහාව බැසි­ලි­කාව සතු අපූ­ර්ව­තම නිර්මා­ණ­යකි. එමෙන්ම බැසි­ලිකා භූමිය පුරා­ව­ටම දක්නට ලැබෙන හරිත පැහැ­යෙන් දිදු­ලන රුක් වගාව අති උතුම් තෝමස් කුරේ කාදි­නල් හිමි­පා­ණන්ගේ සැල­ස්මකි. සෙසු අංග අතර ඥාන­කාන්ති මන්දි­රය, කන්‍යා­රා­මය, පිය­ව­රුන්ගේ නේවා­සි­කා­ගාර, වන්ද­නා­ක­රු­වන්ට අවශ්‍ය නිවාස, කතෝ­ලික දහමේ චිත්‍ර, කලා­කෘති ආදිය වේ.

ආශිර්වාද ජල තටාකය

ජාතික බැසි­ලි­කාව වන්දනා ගමන් ආණ්ඩු පනත යටතේ ගැසට් නිවේ­ද­න­යක් මගින් ජාතික සිද්ධ­ස්ථා­න­යක් ලෙස නම් කර තිබෙන නිසා ජාති, කුල, වර්ණ­භේ­ද­ව­ලින් තොරව ඕනෑම කෙනෙ­කුට වන්දනා කිරී­මට අවශ්‍ය පහ­සු­කම් සලසා දී තිබේ.

කිතු­නු­වන් මේ තරම් බැති­යෙන් වන්ද­නා­මාන කරන මෙවැනි බැසි­ලි­කා­වක් සාමන්‍ය දෙව්මැ­දු­ර­කින් වෙනස් වන්නේ කෙසේද යන්න කෙනෙ­කුට ප්‍රශ්න­යක් විය හැකිය. ඈත අතී­ත­යේදී රෝමයේ පොදු කට­යුතු සඳහා භාවිතා කළ විශාල ගොඩ­නැ­ගිලි බැසි­ලිකා ලෙස හඳුන්වා ඇති අතර පසු­කා­ලී­නව විශාල කතෝ­ලික දේව­ස්ථාන බැසි­ලිකා නමින් හඳුන්වා තිබේ. ග්‍රීක බසින් බැසි­ලිකා යන්නෙහි අරුත 'රාජ­කීය' යන්නයි. මුළු ලෝකය පුරාව එවැනි බැසි­ලිකා 1587ක් පිහිටා තිබෙන අතර ඉන් 49ක් පිහිටා ඇත්තේ ආසි­යා­වේය. 2011 වස­රේදී කතෝ­ලික සභාවේ ප්‍රධාන බාලි­කාව වන රෝමයේ මේරි මේජර් බැසි­ලි­කා­වට හිමිවී ඇති තත්ත්ව­යට තේවත්ත ජාතික බැසි­ලි­කා­වද සමාන කිරීම අපේ රට ලැබූ භාග්‍ය­යක් ලෙස සැල­කිය හැකිය.

බැසි­ලි­කාවේ ඇති සුවි­ශේෂ අංග අතර දෙව්මැ­දුර ඇතු­ළත ඇති ප්‍රධාන සුදු තිරි­වානා අල්තා­රය හෙවත් පුද­සුන අපූ­ර්ව­තම නිර්මා­ණ­යකි. මෙය කිරි­බ­ත්ගොඩ ගල්හේන හන්දිය අසල ගල් වළ­කින් ලබා ගන්නා ලද තනි සුදු ගල් කුට්ටි­යක් වන අතර එහි බර ටොන් 18කි. එය ගෙන ඒම මෙන්ම දෙව්මැ­දු­රට ඇතුළු කිරී­මද පහසු නොවූ අතර ඒ සඳහා කම්ක­රු­වන් දොළොස් දෙනෙකු සති දෙකක් තිස්සේ වෙහෙස වූ බව පැවසේ.

බැසි­ලිකා දෙව් මැදුරේ ප්‍රධාන අල්තා­රය පිටු­පස කොටස තට්ටු දෙක­කින් සම­න්විත දෙම­හල් ගොඩ­නැ­ගි­ල්ලක් වන අතර පහත මහල අද දිව්‍ය සත්ප්‍ර­සාද වන්ද­නාව සඳ­හාම වෙන් කර තිබේ. එමෙන්ම පැරණි කතෝ­ලික සම්ප්‍ර­දාය අනුව ස්වර්ගස්ථ වූ අති උතුම් තොමස් කාදි­නල් කුරේ හිමි­පා­ණන් භූමි­දාන කර ඇත්තේ එහිය. උන්ව­හ­න්සේගේ ශුද්ධ­වත් ජීවිත පැවැත්ම ගැන දන්නා බැති­මත්හු එතු­මන්ගේ එම සොහොන් ගැබ අබි­යස වන්දනා කර­මින් එතු­මන්ගේ මැද­හත් පිහිට පත­මින් උන්ව­හන්සේ සුදු­ව­ර­යට ඔස­වනු පිණිස යාච්ඤා කිරී­ම­ටද අම­තක නොක­රති.

තේවත්තේ බැසි­ලි­කාවේ අවු­රුදු පතා පව­ත්වන රෝගීන්ගේ සුව මංග­ල්‍යයේ ඉති­හා­සය වසර 77ක් දක්වා ඈතට දිව­යයි. මුලින්ම මෙම රෝගීන්ගේ දේව මෙහෙය පවත්වා ඇත්තේ දෙවන ලෝක යුද සම­යේදී අති උතුම් මේරි මසොන් හිමි­පා­ණන් දේව මෑණි­යන්ට බාරය වූ පැරණි දෙව්මැ­දුරේ ලූර්දු ගුහාව අබි­ය­සයි. එතැන් සිට මේ දක්වා සෑම වස­ර­ක­දීම අගෝස්තු මාසයේ අව­සන් ඉරු දින පව­ත්වනු ලබන මෙම සුව මංග­ල්‍ය­යට දිව­යිනේ දස දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැති­මත්හු පැමි­ණෙති. ඒ අතර අන්‍යා­ග­මි­කයෝ ද වෙති.

පවුල් ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, දරු සම්පත් අහිමි වීම, විවාහ අපේක්ෂා බිඳ­වැ­ටීම් ආදී ජීවි­තයේ පැමි­ණෙන විවි­ධා­කාර ප්‍රශ්න කර­දර හමුවේ දේව මාතා­වන්ගේ පිහිට අපේ­ක්ෂා­වෙන් බැසි­ලිකා පුද­බි­මට පැමි­ණෙන සැදැ­හැ­ව­තුන් අතර විශේ­ෂ­යෙන් ලෙඩ­දුක් වෙනු­වෙන් පිහිට පතන්නෝ බොහෝය. පැරණි දෙව්මැ­දුරු භූමියේ ඉදි කර තිබෙන ළිඳෙහි ජලය රෝගීන් සුව කරන බල­ය­කින් යුතු බව බැති­ම­තුන්ගේ විශ්වා­ස­යයි. අස­නීප වූවන් එම ජලය පානය කිරී­මෙන් සහ ගත තැව­රී­මෙන් සුවය ලබන බව විශ්වාස කර­නවා සේම ලෙඩ රෝග­ව­ලින් ආරක්ෂා කර­ගැ­නීමේ පැතුම ඇතිව කුඩා දරු­වන් එම ළිං ජල­යෙන් නැහැ­වී­මත් බොහෝ බැති­ම­තුන්ගේ සිරි­තකි.

ශුද්ධ වූ ළිඳ

නිවෙ­ස්වල ආර­ක්ෂාව පතා එම ළිඳෙන් වතුර බෝත­ල­යක් රැගෙන යෑම­ටත් බොහෝ බැති­මත්හු අම­තක නොක­රති. රට පුරා පැති­ර­ගිය මැලේ­රියා වසං­ග­ත­යේදී බොහෝ දෙනෙකු එම ළිං ජලය ගත තවරා ගැනී­මෙන් සුවය ලැබූ බවත් ජන­ප්‍ර­වා­දයේ සඳ­හන් වේ.

විශේ­ෂ­යෙන් දර්ශ­නීය ලූර්දු පුද­බිමේ පිහිටා ඇති ශුද්ධ වූ බයි­බ­ලයේ එන 'සීලො­වම් පොකුණ' හා සමාන ආශි­ර්වා­දිත ජල තටා­ක­යෙන් එතෙර වීමෙන් සුවය ලැබෙන බවට විශ්වාස කරන බැති­ම­තු­න්ගෙන් සතියේ සෑම සෙන­සු­රාදා, ඉරිදා දින­ව­ලදී පුද­බිම පිරී ඉතිරී යයි. අලු­තින් ස්ථාපිත කළ අලං­කාර 'ඉටි­ප­න්දම් පල්ලිය' ද පුද­බිමේ ආශි­ර්වා­දිත ස්වාභා­වය තවත් වැඩි කර තිබේ. ප්‍රංශයේ ලූර්දු නුව­රට ගොස් වන්ද­නා­මාන කිරී­මට නොහැකි බොහෝ බැති­ම­තුන්ට තේවත්ත ජාතික බැසි­ලිකා සිද්ධ­ස්ථා­නය අපූ­ර්ව­තම ආශි­ර්වා­ද­යක් බව මෙම පුද­බි­මට පිවි­සෙන ඕනෑම කෙනෙ­කුට සිතෙනු ඇත.

අද දින පැව­ත්වෙන 77 වැනි වාර්ෂික සුව මංග­ල්‍යය ආරම්භ වූයේ මීට සති­ය­කට පෙර කොඩි­ගස එස­වී­මෙනි. දිව­යිනේ සිවු දෙසින් පැමිණි බැති­මත්හු එදින සිටම සිද්ධ­ස්ථාන භූමියේ කඳ­වුරු බැඳ­ගෙන ආග­මික වතා­ව­ත්ව­ලට සහ­භා­ගි­වෙ­මින් මෙම මංග­ල්‍යය සඳහා අධ්‍යා­ත්මික ලෙස සූදා­නම් වූහ. විවිධ රෝග­ව­ලින් පෙළෙ­මින් එක්තැන් වී සිටින දහස් ගණන් රෝගීන් පවා අත්වා­රු­ව­ලින්, රෝද පුටු­ව­ලින් හෝ සෙස්සන්ගේ කර­ම­තින් පැමිණ මෙම සුවය පතන දේව මෙහෙ­යට එකතු වන්නේ පුදු­ම­කාර භක්ති­ය­කින් සහ විශ්වා­ස­ය­කිනි.

"දේව අම්මාගේ පිහිට පුදු­මා­කා­රයි. අපේ ජීවි­ත­ව­ලට එන හැම­දු­ක­ක­දීම, කර­ද­ර­ය­ක­දීම පිහිට වෙන එතු­මි­යගේ මැද­හ­ත්කම ගැන අපට ලොකු විශ්වා­ස­යක් තියෙ­නවා. ඒ වගේම මේ පුද­බිමේ හැම තැන­ක­දීම හිතට දැනෙන්නෙ පුදු­මා­කර සැන­සී­මක්. ඒ නිසාම පුළු­වන් හැම වෙලා­ව­ක­දීම අපි පවුල පිටින් මේ සිද්ධ­ස්ථා­න­යට එනවා"

ඒ, ලංකා අප ස්වාමි­දූගේ පිහිට පතා එන බොහෝ බැති­ම­තුන් මෙම අපූ­ර්ව­තම පුද­බිම ගැන දරන පොදු අද­හ­ස­ක්ව­ලින් බිඳකි. ඒ සැන­සීම, සුවය සුව­හ­සක් සැදැ­හැ­වත් හද­ව­ත්ව­ලට ලබා­දෙන අතර, සියලු උව­දු­රු­ව­ලින් ලක්මව ආරක්ෂා කර­මින්ද බැසි­ලිකා සිද්ධ­ස්ථා­නය සදා විරා­ජ­මාන වනු ඇත.

ඡායාරූප සුදම් ගුණසිංහ

Comments