පුත්ත­ලම් වෙර­ළට කුණු‍ ­ගෙ­නාවේ කේරළ ගංව­තුර ද? | සිළුමිණ

පුත්ත­ලම් වෙර­ළට කුණු‍ ­ගෙ­නාවේ කේරළ ගංව­තුර ද?

 

ධන­යෙන් බල­යෙන් ආඪ්‍ය රට­වල කුණු බක්කි දුගී, දුබල රට­වල්ය. ලොව කාර්මික රට­වල ඉව­ත්වන කාර්මික අප­ද්‍රව්‍ය ද, වෙනත් සුන් බුන් ද, නැවු මඟින් විවිධ දූප­ත්ව­ලට, දිළිඳු රට­ව­ලට දමා යන බවට ලොව දස­තින් පුවත් ඇසෙයි. ශ්‍රී ලංකාව ඇත්තේ ජාත්‍ය­න්තර මුහුදු ගමන් මාර්ගයේ කුඩා දූප­තක් වශ­යෙන් නිසා, ජාත්‍ය­න්තර කුණු ද අප දූපත වටා මුහුදු කලා­පය වටා ඒක­රාශි වීම ද අරු­ම­යක් නොවේ. එහෙත් මේ ඇසෙන කතාව වෙනස්ය. අපේ උතුරු වෙරළ තීර­යට මෑතක සිට කුණු ටොන් ගණන් එන්නට පට­න්ගෙන තිබේ. කුණු එන බව කියන්නේ ඉන්දි­යා­වෙනි.

අයි. එම්. ජී. සරත් චන්ද­නා­යක

පසු­ගිය දින­වල කල්පි­ටිය පෙදෙ­සට මිය ගිය තල්ම­සුන් ගොඩට ගැසීම ද මන්නා­රම වෙරළ තීර­යට මිය­ගිය මසුන් විශාල වශ­යෙන් ගොඩ ගැසීම ද කර­තිවු තිරි­ක්ක­ප­ල්ලම වෙර­ළට මිය­ගිය ඩොල්පින් මසුන් ගොඩ ගැසීම ද මේ අතර වාර්තා විය.

මසුන් මුහුදේ ඉප­දීම මෙන්ම මිය යාම අරු­ම­යක් නොවේ. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මසුන් අත­රෙහි මසුන් 500-600 ක් මිය ගොස් වෙර­ළට ගොඩ ගැසීම ද අරු­ම­යක් නොවේ. එහෙත් දැන් ධීව­ර­යන් තිගැ­ස්ම­කය.

තම මත්ස්‍ය සම්පත ඉන්දීය ධීව­ර­යින් විසින් මංකොල්ල කෑමේ නිර­තව සිටිය දී මෙප­රි­ද්දෙන් මසුන් (කුඩා හා විසල්) මිය ගොස් ‍ගොඩ ගැසීම ධීව­ර­යි­නට කන­ස්ස­ල්ලට කරු­ණක් වෙයි. ඇතැම් ධීව­ර­යන් ගොඩ ගැසූ තල්ම­සුන්ගේ බඩ පාදා ඇම්බර් ඇති දැයි බැලූ අව­ස්ථා­වන් ද දක්නට තිබිණි. ඒ “පිනා චාන්ස්” එකක් හෝ ලැබේවි දැයි සිත­මිනි.

ජය­ල­ලිතා මහ ඇම­ති­නිය මිය ගිය පසුව නම් ඇය සතුව තිබූ තුන්සීය ගාණ­නක් වූ බෝට්ටු තමි­ල්නා­ඩු­වෙන් ශ්‍රී ලංකා මුහුදු කලා­පය වෙත පැමි­ණීම තර­මක් අඩු වී ඇති බව, කල්පිට - මන්නා­රම් ධීව­රයෝ පව­සති. කරු­ණා­නි­ධිගේ අභා­වය ද සමඟ ඔහු සතු ධීවර බෝට්ටු ද පැමි­ණීම අඩු වෙමින් පව­තින බැව් ඔවුහු කියති. කෙසේ ‍නමුත් පරණ පුරු­ද්දට ඉන්දීය ධීවර බෝට්ටු තව­මත් පැමි­ණෙයි. නාවික හා පොලි­සි­ව­ලට හසු­වෙයි. හසු නොවු ඒවා ශ්‍රී ලාංකික මුහුදු මත්ස්‍ය සම්පත සුරා­ගෙන, බෝට්ටු පුර­වා­ගෙන රහසේ ඉන්දීය ධීවර‍යෝ අපේ ධීව­ර­යන්ගේ දැල් පන් ඉරා දම­මින්, පො‍ළොවද සුරා­ගෙන කූඩැ­ල්ලන් ඇතුළු කූණිස්සා දක්වා වූ මසුන් සියල්ල තම බෝට්ටු­වල පුරවා පලා යති. අප ධීව­ර­යන් මුලින් සිතුවේ මෙම ඉන්දි­යන් ධීව­ර­යන් අප සීම‍ාවේ මසුන් ඩයි­න­ම­යිට් දමා, වෙනත් විෂ ඇම් දමා මරා දමද්දී විශාල පිරි­සක් මිය ගොස් පාවෙ­න්නට ඇති බවයි. පසුව ඔවුන් පැවැ­සුවේ ඉන්දි­යාව දෙසින් අප­ද්‍රව්‍ය, කුණු කන්දල් ගසා­ගෙන අවුත් ඒ නිසා බල­පෑ­මෙන් මසුන් මිය යන්නට ඇති බවයි. සැබැ­වින් ම ඔවුන් එසේ කීවද, එය විද්‍යා­ත්ම­කව ඔප්පු කිරී­මක් කොට සනාථ කළ යුතු වෙයි.

මේ පිළි­බ­ඳව කිසි­යම් අ‍වබෝ­ධ­යක් ලබා ගනු පිණිස පුත්ත­ලම් දිස්ත්‍රික් සහ­කාර ධීවර අධ්‍යක්ෂ අයි.එම්.ජී. සරත් චන්ද­නා­යක මහතා මුණ ගැසී කරුණු විමසූ අව­ස්ථාවේ ඒ මහතා කියා සිටියේ එවැනි කුණු කන්දල් නිසා මසුන් මිය යාමක් පිළි­බ­ඳව කරුණු සොයා ගත නොහැකි වූ බවයි. තල්ම­සුන් සය (06) දෙනෙකු ද, ඩොල්පින් දෙදෙ­නකු (02) හා මසුන් රැසක් කර­තිවු, තිරි­ක්ක­ප­ල්ලම සින්න­පා­ඩුව, කල්පි­ටිය, දලුම, කන්ද කුලිය ප්‍රදේ­ශ­වල මළ­කුණු ගොඩ ගසා තිබූ බව ද සඳ­හන් කළ ඒ මහතා මෙම කුණු කන්දල් පිළි­බ­ඳව පුද්ග­ලි­ක­වම තමා ගොස් පරික්ෂා කළ බවත් වෙනදා මෙන්ම වෙර­ළට ගොඩ ගසන ද්‍රව්‍ය, අප ද්‍රව්‍ය, හිස් ප්ලාස්ටික් බෝතල්, දැල් ආම්පන්න ආදිය තිබූ බවත්, ඇතැම් ටින් කබල්, බෝත­ල්වල විදෙස් ලේබල් තිබූ බවත් ය.

ඔහු පැවැ­සුවේ පසු­ගිය කළ ඉන්දි­යාවේ පැවැති ගංව­තුර නිසා මුහු­දට වැටුණු පාවෙන ද්‍රව්‍ය මෙම කාලයේ ශ්‍රී ලංකාවේ පව­තින වාර­කන් සුළං කාලයේ ශ්‍රී ලංකාවේ පව­තින වාර­කන් සුළං හේතු­වෙන් ශ්‍රී ලංකාව පැත්තට පාවෙවී ඒමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත් නාවුක හමු­දාව යොදා මුහුදේ පරී­ක්ෂා­වන් සිදු කළ ද සුවි­ශේෂි වූ යමක් දැක­ගත හෝ සොයා ගැනී­මට නොහැකි බව ද ඔහු කීය. එසේ වුවද එම සත්ත්ව මළ කොටස් නාරා ආය­ත­නය වෙත පරී­ක්ෂා­වන් සඳහා යවා ඇති බවත් වාර්තා ලැබෙන තුරු යමක් පැවැ­සීම ප්‍රඥා ගෝචර නොවන බවත් ඔහු සඳ­හන් කළේය.

සමුද්‍ර ආර­ක්ෂක අධි­කා­රිය මඟින් මෙවන් ව්‍යසන, විපත් වෙනු­වෙන් ක්‍රියා­ත්මක වන්නේය. මෙසේ තිබි­ය­දීත් ගිය සති­යේදී ඉන්දීය ධීව­ර­යන් අට දෙනෙකු සහිත ධීවර බෝට්ටු­වක් තහ­නම් දැල් ආම්පන්න සහි­තව අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.

පුත්ත­ලම වන ජීවි සහ­කාර අධ්‍යක්ෂ චන්ද්‍ර­රත්න මහතා ප්‍රමුඛ වන ජීවි නිල­ධා­රීන් පිරි­සක් ද මෙම සතුන් මිය යෑම පිළි­බ­ඳව පරික්ෂා කර තිබිණි. ඔවුන් ද පැවැ­සුවේ මේ හේතුව නිශ්චි­තව නිග­මන තව­මත් නොමැති බවයි.

මෙම පළ­පු­රුදු නිල­ධා­රීන් පව­සන්නේ මහ මුහුද කෙත­රම් සුවි­සල් ද යත් මෙම කුණු කන්දල් ගණන් ගත නොහැකි තරමේ බවයි. සයුර ඇර­ඹුණ දා සිට විවිධ දෑ එයට එකතු වන බවත්, මිනිස් හා සත්ව, ශාඛ කොටස් ද, මිනිස් ක්‍රියා­කා­ර­කම් නිසා විවිධ කෘතීම දෑද මුහු­දට නිර­තු­රුව එක්වන බවත් ඔවුහු පැහැ­දිලි කළහ.

සැබැ­වින් ම පරි­ස­රය යනු මිනිසා, ගස් වැල්, සතුන්, අහස, පොළොව, මුහුද, ගාංගා වැනි දේය. මිනි­සාගේ විවිධ ක්‍රියා­කා­ර­කම් නිසා සංවේදී පරි­ස­රය සසල වනු ඇත. දුෂ­ණය වනු ඇත. පරි­ස­ර­යම අපා­යක් වනු ඇත. මුල දී අප පැවැසු සොඳුරු සිරි­ලක අඳුරු තැනක් වනු ඇත. සතුන්. මසුන් නික­රුණේ මිය යෑම පිළි­බ­ඳව අප සංවේ­දීව සොයා බැලිය යුතු­මය. ඒ අපේ ද, දරු­ව­නගේ ද හෙට දවස වෙනු­වෙනි. ඉතින් ඒ මිය­ගිය සතුන් අපට කියා දුන්නේ ඒ මහඟු පාඩ­මයි.

Comments