සුව­හ­සක් බැති­ම­තුන් වෙනු­වෙන් දාස්පෙතියා වවන පින්වත් තරු­ණයා | සිළුමිණ

සුව­හ­සක් බැති­ම­තුන් වෙනු­වෙන් දාස්පෙතියා වවන පින්වත් තරු­ණයා

වැඩි දෙනා මල් වැවීම සිදු කරන්නේ අලං­කා­රය සඳ­හාය. ඇතැ­මෙක් විකි­ණිම සඳහා මල් වවති. එහෙත් පූජා කිරීම සදහා පිනට දෙන්නට මහා පරි­මාණ ලෙස මල් වැවීම යනු අති දුර්ලභ කාර­ණා­වකි. එවන් අපුර්ව කට­යු­ත්තක නිරත වන පුණ්‍ය­වන්ත හද­ව­තක් පිළි­බ­ඳව අනු­රා­ධ­පුර ප්‍රදේ­ශ­යෙන් අස­න්නට ලැබිණි. පසු­ගිය දා අනු­රා­ධ­පු­රයේ දී අව­සන් වූ දහ­ස්ප­තියා මල් පූජා­වත් සමඟ මෙම දහ­ස්ප­තියා මල් වවන පුණ්‍ය­වන්ත තර­ණයා පිළි­බ­දව කතාව කර­ළි­යට පැමි­ණියේ ය.

අනු­රා­ධ­පුර , තිර­ප්පනේ ප්‍රදේ­ශයේ , ගල්කි­රි­යා­ගම නම් ගමෙහි වෙසෙන මොහු අක්කර දෙක­කට අධික භුමි භාග­යක දහ­ස්පෙ­තියා මල් වවා තිබේ. එය දුටු­වන් මන බඳනා අලං­කා­ර­වත් දසු­නකි. වැසි රහිත කාල­යක වුවද මහත් උත්සා­හ­යෙන් මෙම මල් වගාව පව­ත්වා­ගෙන යන්නේ , පිනට ලබා දීම සද­හාම වීම විශේ­ෂ­ත්ව­යකි. නමින් ඩබ්ලිව්.ජී.එස් . පද්ම­කු­මාර ලෙස හදු­න්වන මොහු යුද හමුදා සේවයේ නිර­තව විශ්‍රාම ලබා සිටී. කර්කශ යුද පිටි­යෙහි අවි සමග හරඹ කර­මින් සෙබළ භුමි­කා­වක සිටි ඔහු දැන් පිං තකා මල් වවන්නේ ය. බුද්ධ­ග­යා­වෙහි මහා ඉහ­ළින් පැවැත්වූ දහ­ස්පෙ­තියා මල් පූජා­වක් රූප­වා­හි­නි­යෙන් දුටු ඔහුට එකෙ­ණෙ­හිම මෙම මල් වැවීමේ අද­හස පහළ වූ බව කියයි. මේ වන විටත් අනු­ර­පුර ථූපා­රා­මයේ පූජා­වක් සඳ­හාත්, පසු­ගි­යදා පැවැති දහ­ස්ප­තියා මල් පූජාව සද­හාත් මල් ලබාදී ඇත. සිය ගමෙහි සහ අවට ගම්මා­න­වල වැසි­යන් පැමිණ රිසි සේ මල් නෙළා­ගෙන යන්නේ කිසිදු ආයා­ස­ය­කින් තොර­වයි. ඒ නම් මෙම තරු­ණ­යාගේ පුණ්‍ය­වන්ත අර­මුණ ඉටු වීම ය. මල් රැගෙන යන්නන් කොයි තරම් නම් පින් පෙත් ඔහු වෙත ළඟා කර­නවා ඇත්ද ? මෙය නම් වර්ත­මාන තරුණ පර­පු­රට අති උතුම් ආද­ර්ශ­යකි. මොහු සිදු කරන්නේ මිල කළ නොහැකි කට­යු­ත්තකි.

මේ කාර්යය සිදු කිරීම සදහා අනු­රා­ධ­පුර අභි­මං­සල සුව සහන නිකේ­ත­නයේ සේනා විධා­යක කර්නල් හේරත් මහතා ද පුර්ණ සහය ලබා දී තිබේ. දෙපා අහි­මිව සිටිය ද, අභි­මං­ස­ලෙහි සිටින සම­ර­රත්න නම් රණ­වි­රුවා ද මේ සදහා දිරි­ගැ­න්වීම් ලබා දී ඇත. තම ගම වන ගල්කි­රි­යා­ගම ප්‍රදේ­ශයේ ගම් වාසීන් ද, වෙහෙ­ර­ගල, ඇතු­න්ගම ආදී ගම්මා­න­වල ජන­තාව මේ සදහා ලබා­දෙන සහය ද අගය කරන බව මෙම පින්වත්, ආද­ර්ශ­වත් පුද්ග­ලයා අප සමඟ කීය.

 

Comments