රජයේ සියලු වැටුප් ගැන විශේෂ කොමිසමක් | සිළුමිණ

රජයේ සියලු වැටුප් ගැන විශේෂ කොමිසමක්

සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් සකස් කිරීම පිණිස විශේෂ කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. විශේෂයෙන්ම දුම්රිය, තැපැල්, සෞඛ්‍ය ඇතුළු අර්බුද සහිත දෙපාර්තමේන්තු 28ක්ද ඇතුළුව සමස්ත රාජ්‍ය අංශයම මේ ව්‍යූහයට ඇතුළත් කෙරෙනු ඇත.

මේ සඳහා අවශ්‍ය අනුමැතිය උදෙසා ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා කීය. ජනාධිපතිවරයාෙග් උපදෙස් පරිදි මේ කමිටුව පත් කිරීමට කටයුතු යොදා ඇති බව පැවසූ ඇමැතිවරයා වරින් වර සිදු කරනු ලබන උද්ඝෝෂණ හා වර්ජන නැවැත්වීම මෙහි අරමුණ බවද පෙන්වා දුන්නේය.

Comments