
ඉදිකිරීමක් යනු හුදු ගඩොළු - කොන්ක්‍රීට් මුසුවක් නොව, ජාතියක සංස්කෘතික ප්‍රකාශනයකි; ආර්ථික සමෘද්ධියේ සංකේතයකි; අභිමානයේ
මූර්තියකි. අනුරාධපුර යුගයේ දී ජාතිය අත්කරගත් සමෘද්ධියේ ජීවමාන සාක්ෂි අහස සිපගත් මහා දාගැබ්ය, මහා සයුරු සදිසි වැව්ය.
එදා අනුරාධපුර අගනගරය ලෝකය රංජනය කළේය. අද අප මේ දකින්නේත් රටේ අගනුවර දැකුමකි. කොළඹ අහස සිපගත් මහා ඉදිකිරීම් මේ කියමින් සිටින්නේ තිරසර සංවර්ධනයක් කරා යන ශිෂ්ටාචාරයේ මාවත අපට විවර වී ඇති බවය.
ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු