ජූලි 29 සිට අගෝ 4 තෙක් ඔබට කොහොමද? | Page 2 | සිළුමිණ

ජූලි 29 සිට අගෝ 4 තෙක් ඔබට කොහොමද?

මේෂ

ක්‍රියාශීලී වේ

ලග්නාධිපති කුජ දහයේ උච්චව දග්බලයෙන් ද රුචක යෝගයෙන් ද සිටිමින් ලග්නය දකී. සඳු ලග්නය දකින අතරම ගුරු, සිකුරු, රවි ද ලග්නය දැකීම තුළ මෙම කාලය තුළ සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු කළ ද ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථක කර ගනී. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. සමාජීය සහ ආගමික අංශයට වැඩි නැඹුරුවක් පෙන්වයි. පෙණහැල්ල ආශ්‍රිත රෝග පීඩාදියෙන් ද ප්‍රවේශම් විය යුතුයි. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න.

ජය වර්ණය- රතු, ජය අංකය- 09, ශුභ දිනය- සඳුදා


කටක

සමපලයි

ලග්නාධිපති සඳු අටේද, ගුරු කේන්ද්‍රගතව ද, සිකුරු ශනි ත්‍රිකෝණගතවද සිටියදී සතිය ආරම්භ වේ. යම් යම් බාධා අවහිරතා ඉස්මතු වුව ද ස්වකීය උත්සාහයෙන් බලාපොරොත්තු කිහිපයක් ඉෂ්ට සිද්ධ කර ගනී. අමුතුවෙන් ආරම්භ කරන කටයුතු දියුණු කරගත හැක. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය පාලනය කර ගැනීම අපහසු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. සමගියට සාමයට බාධා එල්ල විය හැකි නිසා තරමක් ඉවසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. තැලීම් අනතරු පීඩා, තුවාල යනාදියෙන් ප්‍රවේශම් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, ජය අංකකය- 02, ශුභ දිනය- ස‘දුදා


තුලා

මිශ්‍ර පල ලැබේ

ලග්නාධිපති සිකුරු අයස්ථානයේය. ගුරු ලග්නයේ ද කුජ උච්චව රුචක යොගයෙන් ද සිටී. බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොකරයි.
කෙසේ වුවත් විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු කිසියම් සාර්ථකත්වයක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසිදායක වේ.
ගෙදරදොර කටයුතු යහපත්ය. කෙටි ගමන්බිමන් යෙදේ. ආගමික සහ සමාජීය කටයුතුවලට හිත ඇදී යයි. තමාගේ හරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.

ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා


මකර

සමපලයි

ලග්නාධිපති ශනි 12ය. කුජ උච්චව ලග්නයේය. කේතු සමගයි. රවි, බුධ, රාශු හතේ ද යෝගකාරක සිකරු අටේද සිටී. මෙම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේ දී තමාගේ වෘත්තීය සහ රැකියා කටයුතු කිරීමේදී විටින් විට බාධා අවහිරතා ගැටලු මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවේ.
මුදල් ලැබීම අතින් ශුභදායකයි. අලූත් විෂයයන් ද ඉගෙනීමට අවස්ථාව සැලසේ. එසේම ගුප්ත විද්‍යා වැනි දේ සම්බන්ධයෙන් පර්යේෂණයන් කිරීමට ද ඉඩ සලසා ගනී. රුධිර පීඩනය, මලබද්ධය, ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග බලපායි.

ජය වර්ණය- නිල්, ජය අංකය- 08, ශුභ දිනය- ශනිදා


වෘෂභ

ආබාධ සහිතයි

ලග්නාධිපති සිකුරු දිග්බලයෙන් හතර වැන්නේ සිටී. සඳුට කේන්ද්‍රගතයි. මෙම ග්‍රහ පිහිටීම් තුළ යම් යම් බාධා අවහිරතා ඉස්මතු වේ. කරගෙන ආ වැඩපිළිවෙළ වෙනස් කර අමුතුම දෙයක් නිපදවා ගැනීමට හැකි ඥානයක් පහළ විය හැක. තම මතයට හිතුවක්කාර අන්දමින් කටයුතු කිරීමට සිතයි. මුරණ්ඩුකාරී වේ. අමුතු දේ සෙවීමට උත්සාහ කරයි. මිල මුදල් සම්බන්ධයෙන් එතරම්ම අයහපත් නොවේ. එහෙත් ආදායම් ලැබුණ ද වියදම් අධික වේ.

ජය වර්ණය- නිල්, ජය අංකය- 05, ශුභ දිනය- සිකුරාදා


සිංහ

බාධා සහිතයි

ලග්නාධිපති රවි රාශු, බුධ සමග 12 වැන්නේය. සිකරු ලකන්යේ ද චන්ද්‍රයා හත්වැන්නේ ද සිටීම තුළ මෙම සතිය තුළ තමාගේ කටයුතුවල දී බාධා අවහිරතා ඉස්මතු කළ හැකි නිසා හැම විටම බුද්ධිමත්ව ද ඉවසිමත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල කල්පනාකාරී විය යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම අයහපත් නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඉස්මතු වුවත් වැඩිහිටි විරෝධතාවන්ට මුහුණ පෑමට සිදු වේ.

ජය වර්ණය- රතු, ජය අංකය-01, ශුභ දිනය- ඉරිදා


වෘශ්චික

බාධා මැද දියුණුව

ලග්නාධිපති කුජ තුන්වැන්නේ උච්චව කේතු සමග සිටියදී සතිය ආරම්භ වේ. තම කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ගැටලූ ඉස්මතු වන නිසා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී ආකූලතා මතු කළ හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වේ. වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. අලූත් විෂයයන් හැදෑරීමට අවස්ථාව සැලසේ. උරහිස් පීඩා, උෂ්ණාධික රෝග බලපායි.

ජය වර්ණය- රතු, ජය අංකය- 09, ශුභ දිනය- ගුරුදා


කුම්භ

කමයෙන් සාර්ථක වේ

ලග්නාධිපති සෙනසුරු වක්‍රව අයස්ථානයේ සිටිමින් ලග්නය දකී. චන්ද්‍රයා ලග්නයේ ද යෝගකාරක සිකුරු හතේ ද සිටී. ගුරු නවයේය. වෘත්තීය හා රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ඉස්මතු කළ ද ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වේ. වාසි ලබයි. විදේශ අධ්‍යාපනයක් ලබා ගැනීම උදෙසා කටයුතු සම්පාදනය විය හැක. සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.

ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- බදාදා


මිථුන

තාක්ෂණික දේවලට ශුභයි

ලග්නාධිපති බුධ රවි, රාශු සමග දෙවැන්නේය. උත්සාහය තුළින් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. මූල්‍යමය හා ආර්ථික වශයෙන් යහපත් බවක් පෙනී ගියත් වියදම් පක්ෂය ඉහළ යයි.
මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී තරමක් ප්‍රවේශම් වන්න. විනෝදදායක දේවලට හිත ඇදී යයි. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. උෂ්ණාධික රෝග, ඇස්වල දුර්වලතා, දන්තාබාධ, උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, තුවාල පීඩාදියෙන් ප්‍රවේශම් වන්න.

ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා


කන්‍යා

දියුණුවක් ලැබේ

ලග්නාධිපති බුධ රවි, රාශු සමග අයස්ථානයේය. ගුරු දෙවැන්නේය. ශනි හතරේ ද සිටී. මෙම කාල සීමාවේදී ස්වකීය උත්සාහය සහ කැපවීමෙන් කිසියම් දියුණුවක් ලැබිය හැක. උසස් අයගේ අවධානය යොමු වේ. ආර්ථික වශයෙන් ශුභදායක වේ. විවිධ ආදායම් මාර්ග විවර කර ගත හැක. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. තරුණ තරුණියන් අතර රහස් ප්‍රේම සම්බන්ධතා ඇති වේ. වැඩිහිටි විරෝධතා එල්ල විය හැක. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ යනාදියට ඉඩ පවතී.

ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා


ධනු

බාධා සහිතයි

ලග්නාධිපති ගුරු අයස්ථානයේ වක්‍රව සිටියදී සතිය ආරම්භ වේ. ශනි ලග්නයේ ගෝචරය වේ. සිකුරු නවවැන්නේය.
මෙම ගෝචර ගමන් සැලකීමේ දී හැම විටම තමාගේ කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැකි නිසා ඉතාමත් උනන්දුවෙන් ද කැපවීමෙන් ද ක්‍රියා කිරීම තුළ පමණක් කිසියම් අන්දමක සාර්ථක බවක් ලබයි.

මිල මුදල් ලැබීම අතින් ශුභදායකයි. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.

ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- ගුරුදා


මීන

බාධා සහිතයි

තවදුරටත් ලග්නාධිපති ගුරු අටවැන්නේ ගමන් ගනී. සිකුරු හයේ ශනි දහයේය.
මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ගැටලූකාරී තත්ත්වයන් මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි.
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. ඉගෙනීමේ කටයුතුවල දී යම් යම් බාධා සහ අවහිරතා ඉස්මතු කළ හැක. ගමන්බිමන් සාර්ථක වේ.
තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.

ජය වර්ණය- රන්වන්, ශුභ දිනය- ගුරුදා, ජය අංකය- 03

 

Comments