
ඉතිහාසයේ ප්‍රථම වරට පසුගිය වසරේ ශ්‍රී ලංගම රුපියල් කෝටි 161.8ක ශුද්ධ ලාභයක් ලබා ඇතැයිද, මේ වන විට දිවයින පුරා ඇති ලංගම ඩිපෝ 106න් 70%කට ආසන්න ප්‍රමාණයක ඩිපෝවක ලක්ෂ 150ක් පමණ ස්ථාවර තැන්පතු ගිණුම් ආරම්භ කර ඇතැයිද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා සිළුමිණට කීය.
අතිරික්ත සේවකයන් ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයෙන් ලංගමෙන් ඉවත් වීම තුළ ලංගම දශක ගණනාකවට පසු මේ අයුරින් ලාභ උපදවා ඇතැයි පෙන්වා දුන් ඇමැතිවරයා එක් බස් රථයකින් 7 දෙනකු පමණ යැපෙන තත්ත්වයක් ලංගම තුළ තිබූ බවත් 36200ක් වූ සේවක සංඛ්‍යාවෙන් ඉන් 4000කට අධික පිරිසක් විශ්‍රාම ගැනීම නිසා මේ ලාභය උපයා ගැන්මට වැඩි දායකත්වයක් ලැබුණු බවද කීය.
මේ නිසා එම සේවක පිරිසේ අධික වැටුප් ප්‍රමාණය ඉතිරි කරගන්නට හැකි වීමත් නියමිත වේලාවට අමතර කොටස්, ටයර් ටියුබ් හා බැටරි මිල දී ගැනීමට හැකි වූ නිසා සේවාව ස්ථාවර කරගැන්මට හැකි වූ බවද ඇමැතිවරයා පැවසීය.
එසේම ලංගම බස් රථ කිසිදු දේශපාලන අවශ්‍යතාවකට මුදල් ගෙවීමකින් තොරව ලබා නොදීම නිසාද මේ ලෙසින් ලංගම යළි ගොඩ ගැන්මට හැකි වූ බවද ඇමැතිවරයා කීය.