
හේතුවක් නැතිව ඵලයක් හට ගන්නේ නැත. කෙනෙක් වස්තු සම්පත් ඇති තැනක උපදින්නේ පෙර ජාතීන් හි අනුන්ගේ යහපත සඳහා දානමානාදී පුණ්‍ය කර්ම සිදු කැර තිබීමේ හේතුවෙනි. එසේම පැහැපත්ව, රූමත්ව, ප්‍රසන්නව උපදින්නේ පෙර ජාතීන්හි තරහ වෛර ක්‍රෝධයන්ගෙන් තොරව සියලු ලෝක සියලු සත්ත්වයන් කෙරෙහි මිතුරු බව මිතුරු සිතුවිලි පතුරවා මෛත්‍රී සහගතව කටයුතු කිරීමේ හේතුවේ ඵලය වශයෙනි.
වර්තමානයේ ජීවත්වන පුද්ගලයාද දානයෙන් පරිත්‍යාගයෙන් තොරව තමන්ගේ ගොඩ ලොකු කැර ගැනීමේ චේතනාවෙන් විෂම ලෝකයෙන් අසීමිත තණ්හාවෙන් කටයුතු කළොත් මතු අන්ත දිළිඳු බවක් ම ලබයි. තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයාභය, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණං, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසම විපාක වශයෙන් ලබති. එසේම අනුන්ගේ සැප සම්පත් ප්‍රසන්නතාව දැක සිත කළු කැරගෙන ඊර්ෂ්‍යාවෙන් තරහෙන් දැවි දැවී ජීවත්වීමේ හේතුව නිසා මතු අප්‍රසන්නව ඉපදීමේ ඵලය ලබයි.
කොළඹ ප්‍රදේශයේ උපත ලැබූ කුමාරි හරීම ලස්සනයි. ශරීරය රත්තරන් පාට යැයි කීවොත් අතිශයෝක්තියක් නොවේ. ඒ තරම් ම පැහැපත්ය. තිස් හැවිරිදි කුමාරි පෞද්ගලික ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස රැකියාව කරයි. ඇගේ ස්වාමි පුරුෂයා නීල් ව්‍යාපාරිකයෙකි. ඔවුන්ට දරු සම්පත් අහිමිය.
දැන් මාස කිහිපයක සිට කුමාරිගේ අතපය සීරි ලේ ගලන්නට විය. සීරෙන ක්‍රමයක් හෝ සූරන කෙනෙක් ද නැත. ඇගේ පිට මැද සිට දෙකලව දක්වා සීරීමේ තුවාල ඇත. එසේ ම ඇගේ යටි බඩ ප්‍රදේශයේ ශරීරය ඇතුළතින්ද හුරන බවක් ඇයට දැනෙයි. මේ අතර නිතර ස්වාමී පුරුෂයා සමඟ රණ්ඩු සරුවල් ඇති කැර ගනී, ඇය රණ්ඩු කරන විට ඉවසන දනා රුපු යුද්ධයට ජය කොඩිය යැයි කියමින් නීල් ඉවසා දරා ගෙන සිටී. එහෙත් අසල්වැසි ඥාතීන් කියන්නේ නීල් ගෑනිට බය නෝන්ජලයෙක් කියාය. කුමාරි වැසිකිළියට ගියත් ඉන් නැගිටින්නේ කවුදෝ පිටු පස සිට හූරන බැවින් කෑගසාගෙනය. දැන් ඇය රෑකියාවට යන්නේ ද නැත. මීට අමතරව හීනෙන් බියට පත්ව කෑ ගසාගෙන අවදි වෙන බැවින් ඇයට හරි හැටි නින්දක් ද නැත.
මේ පිළිබඳ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගන්නට ගියාය. මනෝ වෛද්‍යවරයා දුන් පෙති පානය කළ විට ඇයට හොඳින් නින්ද යෑම නම් සිදු විය. ශරීරයේ සීරීම් නම් පුද්ගල ක්‍රියාකාරකම් බව මනෝ වෛද්‍යවරයා තදින්ම කීවේය. ඒ අනුව නියපොතු කපා ඇඟිලිවල පැලැස්තර අලවා මුරකාවල් පවා යොදවා බැලූ නමුත් පුද්ගල ක්‍රියා කාරකමක් දැක ගන්නට නොහැකිවිය. මීට අමතරව විවිධ වත් පිළිවෙත් කළත් සහනයක් නොවීය.
අන්තිමට නීල් ඇතුල්කොට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය කැඳවා ගෙන ආවේය. එහිදී ආධ්‍යාත්මික උපදේශකවරයා මුණ ගැසී අසනීප තත්ත්වයන් විස්තර කළේය. පළමු රෝග පරීක්ෂාවේදී කුමාරි ගැස්සෙන්නට වූවාය. ඇයට භූත දෝෂයක් ඇතැයි නිගමනය කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට නියම කළේය.
බෝධි පුජා පවත්වන අතරේත් කළු ගුලියක් ඇගේ ඇඟට පැන බෙල්ල වටේ එතී හුරන්නට
වූ බව දුරකථනයෙන් ගවේෂක වරයාට ඇය
දැනුම් දුන්නාය. මෙය කර්ම විපාකයක් සමඟ ක්‍රියාත්මක වන බැවින් කෙසේ හෝ දරාගෙන බෝධි පුජා අවසන් කොට එන්නැයි උපදෙස් ලැබුණි.
බෝධි පුජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින කුමාරිෙග් ශරීරයට ආවිෂ්ට වූ භූතාත්මය සමඟ ගවේෂකවරයා කතා කළේය.
“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”
“මම මේකීගෙ ආච්චි ගුණවතී” යි භූතාත්මය කීවාය.
“ආච්චි මොකද මිනිබිරීට කරදර කරන්නේ?”
“කරදර ? කරදර නොමෙයි මේකි මරන්න ඕනෑ”
“ඇයි ඔය තරම් තරහක්?”
“මහත්තයා මේ මගෙ දුවගෙ දුව. මගේ දුව වුණත් ඒකි හොඳ නෑ. මේකීත් ඒ වගේමයි. මේකිට වයස මාස හයේදී දුව මේකිව දාලම යන්න ගියා. මමයි මේ කෙල්ල හදා වඩා ගත්තේ මගේ ඇස් දෙක වගේ”.
“එතකොට කුමාරිගෙ තාත්තා?”
“තාත්තා කවුද කියලා අම්මවත් හරියට දන්නේ නෑ”
“ඉතින් තරහ ගත්තේ මොකටද?”
“මේකි ලස්සනයි. පොත්ත සුදුයි. ඉස්කෝලෙන් අයින් වෙලා ඔය රස්සාවට ගියා ඒ අතරේ මේ නීල්ව කසාද බැඳ ගත්තා, රස්සාව කරනා තැනට ලොකු ලොකු උදවිය එනවා. සල්ලි කාරයන් එනවා. මේ කෙල්ල උන්ව දැලේ දා ගන්නවා. දරුවෙක් ලැබෙන්න ආවා. ඒක ගබ්සා කර ගත්තා. එදා ඉඳලා මම තරහයි. මේවා ඔක්කොම නීල් දන්නවා. ඔය හොර ගොනා වගේ බිම බලාගෙන හිටියට ඔය ඔක්කොම දන්නවා. මේකිව පාලනය කරන්න බැරි නිසා මේ අහිංසකයා නිශ්ශබ්දව ඉන්නවා.” යි ප්‍රේතිය කීවාය.
කුමාරි ප්‍රකෘති සිහියට පත් කළ ගවේෂකවරයා ආච්චි පැවසූ දේවල් ඇත්ත දැයි ඇසීය. ඇය හිස සොලවා ඒවා සත්‍ය බව ඇඟ වීය.
“තමුන්ව පුංචි කාලේ හදා වඩාගත්තේ අම්මා ද?” “නැහැ”.
“කෝ දැන් අම්මා?”
“දන්නේ නෑ. මට මතකත් නෑ. දැක්කත් අඳුනන්නත් බැහැ”
“තාත්තා?”
“ඒත් දන්නේ නෑ”
“ඉතින් තමනුත් අම්මා වගේම වෙන්නද කල්පනවා?”
කුමාරි නිරුත්තරව අඬන්නට වූවාය. ගවේෂකවරයා ඉන් පසු නීල්ගෙන් ප්‍රශ්න කළේය.
“තමුන් මේවා දන්නවාද?”
“ඔව් මහත්තයා. කිව්වා නාහන කොට උඹ ඕනෑ දෙයක් කර ගනින් කියලා මම මගේ හිත හදාගත්තා”.
“ඉතින් එහෙම නම් මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට එක්කගෙන ආවේ?” යි ගවේෂකවරයා ඇසීය.
“දැන් මෙයා හොඳයි. වුණ දේවල් වුණා. මීට පස්සේ වැරදි හදාගෙන හොඳින් ඉඳීයි කියලා විශ්වාස කරනවා” යි. නීල් පැවැසුවේය.
“ඔව් මහත්තයා. මම මීට පස්සේ වැරදි කරන්නේ නෑ. හොඳින් ජීවත් වෙනවා. අනේ මට සමා වෙන්නැ” යි නීල්ගේ පා වඳිමින් කුමාරි කීවාය.
“මේ වගේ මහත්තයෙක් ස්වාමි පුරුෂයා වීම තමුන්ගේ වාසනාවක්.” යැයි කී ගවේෂකවරයා යළිත් භූතාත්මය කුමාරිගේ ශරීරයට දිෂ්ටි ගැන්වීය.
“මහත්තයා මම මේ ඔක්කෝම අහගෙන හිටියේ. ඒ වගේ හොඳින් ජීවත්වෙනවා නම් කොච්චර එකක්ද? මටත් ඒක සතුටක්. නැත්නම් මේකිව මරන්නයි මම හිටියේ”. යි භූතාත්මය කීවාය.
“කොහොමද මරන්නේ?”
“ලෙඩකරලාම මරනවා.”
හොඳයි. දැන් ඉතින් මීට පස්සේ මිනිබිරී හොඳින් ජීවත්වේවි. යී කී ගවේෂකවරයා නිවෙසේ සාංඝික දානයක් පිරිනමා ආච්චිට පින් අනුමෝදන් කර නැවත එන්නැයි කීවේය.
දානය පිරිනමා ඔවුහු නැවත පැමිණියහ. එදින ද භූතාත්මය කුමාරිට දිෂ්ටි ගන්වා ගවේෂකවරයා කතා කළේය.
“කොහොමඳ ? පින් අනුමෝදන් වුණා ද? යි ප්‍රේතියගෙන් ඇසීය.
“ඔව් මහත්තයා. මමත් පින් දහම් කළ කෙනෙක්. මෙයාගේ වැඩ ගැන තරහෙන් මැරුණු නිසායි මම ප්‍රේතියක් වුණේ. මට දැන් සතුටුයි.” ප්‍රේතිය කීවාය.
“එහෙම නම් අනුරාධපුරයට යන්න කැමතිද?”
“බැහැ මහත්තයා! මම ගමේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙනවා. මේකි ආයෙත් මෙහෙම වැඩ කළොත් මරාගෙනම යනවා. යි කී ප්‍රේතිය මම යනවා..... මම යනවා” යි ඉවත්ව ගියාය.
දරුවන්ද නැති නිසා නිදහස ඇති බැවින් සෑම සෙනසුරාදාවකම ඔවුන්ට පන්සල් ගොස් බෝධී පුජා පවත්වා අච්චිට පින් අනුමෝදන් කරන ලෙසද ගවේෂකවරයා උපදෙස් දුන්නේය.
නීල්ගේ ව්‍යාපාර කටයුතුවලට උදව් වෙමින් ඔහු සමඟම කල්ගෙවන බවත් යළිත් රැකියාවකට නොයන බවත් කුමාරි ද කීවාය.