කතරගම දේව අඩවිෙය් තල­ගු­ලු­හෙළ | සිළුමිණ

කතරගම දේව අඩවිෙය් තල­ගු­ලු­හෙළ

යාල කලාප අංක තුන තුළ පිහිටා ඇති තල­ගු­රු­වෙ­හෙර සොයා පල­ටු­පා­නින් උදෑ­සන 6.00ට පමණ අපි ගමන් ඇරැ­ඹු­වෙමු. අපගේ ගමන වන­න්තරේ අබ­ලන්වූ මාර්ග­යක ජිප් රථ­ය­කින් කිලෝ මීටර් 35 ක් සහ ඉනි­ක්බිති පාග­ම­නින් කිලෝ­මි­ටර් 15 කට ආස­න්නවු පාමුර සංචා­ර­යක් වශ­යෙ­නුත් වු අංශ දෙක­කින් යා යුතුය. ඇතැම් ස්ථාන­යන්හී දි අප ගමන් ගත් මාර්ගය හරහා විසල් වු බුරුත ගස් පාර හරහා වැටී තිබිණි. එවැනි විසල් ගස් පාරට ඇද දැමුවේ වන­පෙතේ හයි­කා­ර­යෝය. ඒ අලි ඇත්තුය.

මාර්ගය හරහා වැටි ඇති විසල් ගස් මග හරි­මින් අප ගමන් කළේ සීරු­වෙන්ය. තවද මාර්ගයේ පැවැති අබ­ලන් තත්ත්වය හේතු­වෙන් ගමන සිදු වූයේ හෙමිනි.

ජන ප්‍රවා­ද­යන්ට අනුව කත­ර­ගම දෙවි­යන් පිළි­බද පුවත් ජන සමා­ජය විසින් හඳුනා ගනු ලබන්නේ දුටු­ගැ­මුණු රජු කත­ර­ගම දේවා­ලය ඉදි කිරී­මත් හා සමඟ ය. කත­ර­ගම දේවා­ලය ඉදි කිරි­ම­ටද පළමු සිටම යාල වන­පෙතේ මෙම අඩ­විය කත­ර­ගම දෙවි­යන්ගේ අණසකට යටත් වුණු ප්‍රදේ­ශ­යකි. මෙහි පවත්නා ගුප්ත හාස්කම් කැබි­ලිත්ත පුද බිමට විශේ­ෂි­තය. ඕල­න්දයෝ අප රට ආක්‍ර­ම­ණය කළෝය. දේවාල පන්සල් කොල්ල කෑහ. ඒ සමයේ කත­ර­ගම දේවා­ලයේ වස්තුව රැක ගන්න පාර­ම්ප­රික කපු මහ­ත්වරු දිවි පර­දු­වට තබ­මින් කට­යුතු කළහ. රුහුණු රටද ඕල­න්දයෝ ආක්‍ර­ම­ණය කළහ. කත­ර­ගම දේවා­ලයේ වස්තුව කොල්ල­කෑ­මට සැර­සෙන බව දැන ගත් දේවා­ලයේ කපු මහ­ත්තුරු කත­ර­ගම දේවා­ලයේ වස්තුව පොදි බැද­ගෙන සිය­ඹලා දේවා­ලය එනම් කැබි­ලිත්ත ප්‍රදේ­ශ­යට පැමිණ ඇත. ඒ වන විට කැබි­ලිත්තේ සිටි කැබි­ලිත්ත රාළ­නම් වූ අයට දේවා­ලයේ වස්තුව රැක ගැනී­මට පවරා ඇත. වස්තුව සිය­ඹලා ගස් බෙන­යක සඟවා පුජා පවත්වා ඇත. නමුදු එය ද වැඩි­කල් පැව­තුණේ නැත. හේතුව නම් ඕල­න්ද­කා­ර­යන් පාන­මට කඩා පැන දේවා­ලය සොයා වස්තුව කොල්ල කා තිබේ. නමුත් කැබි­ලිත්තේ රාළ ඕල­න්ද­කා­ර­යන් සමඟ සටන් කෙළේය. මේ සට­නේදි ඕල­න්ද­කා­ර­යෝත් කැබි­ලිත්තේ රාළත් මිය­ගොස් තිබේ. නමුත් මිය යන මොහො­තේ­දීත් කැබි­ලිත්තේ රාළ ගේ සිතේ තිබී ඇත්තේ කෙසේ හෝ දෙවි­යන්ගේ වස්තුව ආරක්ෂා කර ගන්නවා ය යන පැතු­මය. මේ නිසා මර­ණින් පසු අදෘ­ශ්‍ය­මාන වේශ­ය­කින් කැබි­ලිත්තේ රාළ මේ බිමට අරක් ගෙන සියල්ල ආරක්ෂා කර­නවා ඇතැයි යන්න අද ද ජනයා තුළ පැල­පැ­දි­යම් වී ඇති විශ්වා­ස­යකි. මේ බිමේ නොපෙ­නෙන දේවා­ල­යක් තිබෙ­නවා යන්න ගැමි විශ්වා­ස­යයි. හාස්කම් රැසක් ඇති තල­ගු­ලු­වෙ­හෙ­රත්, නිල් මානෙල් පෑලැ­ස්සත් පිහි­ටලා තිබෙන්නේ මේ ප්‍රදේ­ශ­යේ­මය. ඒ වගේම පැරැණි බොදු සිද්ධ­ස්ථාන නට­බුන් ඒ අවට වනය තුළ සැගවී ඇත. මේ දේව අඩ­වියේ කත­ර­ගම දෙවියන් වැඩ ඉන්න­වාය යන්න ප්‍රකට ජන­ප්‍ර­වා­ද­යකි. අප මේ යමින් සිටින්නේ ඒ අතීත පුද­බිම සොය­මින්ය.

යාල කලාප අංක තුන යනු වියළි මිශ්‍ර සදා­හ­රිත ලක්ෂණ වලින් අණුන වු වන පෙතකි. කලාප අංක එක, දෙක හා සම ව මෙහි ශුෂ්ක ගති­යක් නැත. පලු, කෝං, දං, මාදං, වීර, බුරුත, කළු මැදි­රිය ආදි වු වන­ස්ප­තීන්ය.ඒ අසල පර්ව­ත­යකි. අප ගමන් ගන්නා මාර්ගය වැටි ඇත්තේ ද මේ පර්ව­තය පාමු­ලනි. දැන් ඉතිං ගමන දුෂ්ක­රය. අඳුරු සළු පොර­වා­ගත් වන­පෙත බියෙන් ගල්ගැ­හී­ඇත. ගමනේ දුෂ්ක­රම කොට­සට අපි පැමිණ සිටිමු.

“නියත වශ­යෙන්ම ඔය කියන වෙහෙරේ නට­බුන් ඇත්තේ අන්න අර පර්ව­තය මුදු­ණෙයි”. සිත පව­සයි. නමුත් පා ගමන ආරම්භ කළ සම­තලා බිම කෙමෙන් කෙමෙන් උච්ච­ත්වය කරා පිවි­සෙන සැටි­යක් අව­ටින් දර්ශ­නය වන භු රූප­යන් ගේ වෙනස් වන ස්වරූප අනුව සිතා ගත හැකිය. එබැ­වින් හාත්ප­සින්ම දිස් වන්නේ අප වට කර ගත් හුදෙ­කලා පර්වත සමූ­හ­යකි. ඒවා අත­රින් තල­ගු­ලු­වෙ­හෙර පිහිටා ඇති පර්ව­තය වන්නේ කුමක්ද? ගැට­ලු­වකි. අතැති ජී.පී.එස්. යන්ත්‍රය පෙන්නුම් කරන්නේ අපට ඉදි­රි­යෙන් විරා­ජ­මාන වන ගල් පව්වයි. එබැ­වින් ඒ වෙත යායු­තුව ඇත්තේ ගල් පව්ව වටා පිහිටා ඇති පරි­වාර පර්ව­ත­යන් කිහි­ප­යක්ම මග හරි­මි­න්ය. හරි කෙළින් ගල් පව්ව දිස් වුවත්, කළ යුතුව ඇත්තේ ඒ වටා පිහිටි පරි­වාර බාධ­ක­යන් පසු­කර, අන­තු­රුව නිය­මිත පර්ව­තය තර­ණය කිරීම බව වැට­හු­ණෙන් අප කණ්ඩා­යම යුහු­සු­ලුව මේ බාධ­ක­යද ජය ගන්නා අටි­යෙන් ගමන ඇරැඹු අතර, ලද මද විරා­මය විඩා පත් ගතට ගෙන­එන්නේ අස්වැ­සි­ල්ලකි.

තර­ණය කළ යුතුව ඇති පරි­වාර ගල් පර්ව­ත­ය­න්ගෙන් ඉනි­ක්බිති තල­ගු­ලු­හෙළ පාමු­ලට අපි පැමි­ණි­යෙමු. අවට පැතිරි ගිය වන වදුළ යම් ගුප්ත බවක් මේ ස්ථානය වෙතට ලබා දී ඇතැයි මට හිතුණු වාර නම් අප­ම­ණය. ඒ ගුප්ත හැඟුමද පෙර­දැ­රිව කඳු තර­ණ­යට අප සැර­සුණේ රාත්‍රි ගන අඳුරේ කණා පල්ලම් ගස­මින් යෑමට වඩා, පර්ව­තය මත තව­මත් රජ­යන බැස යන හිරුගේ ආලෝ­කයේ පරා­ව­ර්ත­නය බිම් කළු­වර විසින් ගිල ගැනී­මට ප්‍රථම එහි වාසිය අප වෙත ළඟා කර ගන්නා අටි­යෙනි. කාල­යාගේ අැවෑමෙන් මකා දැමී­මට උත්සාහ කළ ගල් පඩි පෙළක් ගස්-වැල්, කඳු අත­රින් දිව ගියේ මේ පුණ්‍ය භූමිය අතී­ත­යේදී පැව­තුණේ කෙසේ­දැයි සිතු­ව­මක් මා අභි­මුව මවා පාමිනි.

“තවත් ටිකක් ඉස්ස­ර­හට යන­කොට සුදු අර­ලිය මල් ගස් දෙකක් මැදින් තමයි මේ ගල් පඩි ටික වැටිලා තියෙන්නේ ”ගමන් සග­යකු පව­සනු මගේ කනේ වැකුණි. ඔහු පෙර එක් වතා­ව­කදී, වසර පහ­කට පමණ පෙර මේ ස්ථාන­යට පැමිණි බවත්, එහිදි අත් විඳපු සහ දැකපු දේව­ලුත් මේ ගමන අත­ර­තු­රදි අප හා සමග කථා බස් කළේ මේ ගම­නට මග පෙන්වන්නා බව­ටද පත් වෙමිනි.

“හරි­ය­ටම හරි...., ආන්න තියෙ­නවා කියපු අර­ලිය මල් ගස් දෙක, දැන් ඉතින් ජී.පී.එස්, ඕන වෙන්නේ නෑ, තවත් ගල් පඩි කිහි­ප­යයි නගින්න තියෙන්නේ. හැබැයි දුෂ්ක­රයි. ”

අප අබිමුව විසල් අර­ලිය ගස් දෙකක් මැදින් දිව­යන නට­බුන්ව ගිය ගල් පඩි මාර්ග­යක් දිස් වේ. අර­ලියා ගස් දෙක පසු කර­මින් ඒ පඩි සට­හන් නොපෙනී යන්නේ අනි­වා­ර්ය­යෙන්ම මාර්ගය වංගු සහිත වු නැග්මක් සහිත බැවින් විය යුතුය. මෙතෙක් විදි දුෂ්ක­ර­තාව සහ වෙහෙස අම­තක කළ අප හනි හනි­කට නිය­මිත මාර්ග­යට පිවි­සුනෙමු.

අර­ලිය ගස් දෙක පසු කර­මින් දිව යන ගල් පඩි පෙළ එක් වනම වංගු­වක් ගෙන පර්ව­තයේ එක් කෙළ­ව­ර­කින්, සීග්‍ර වු නැග්මක් සහි­තව පර්ව­තය මුදු­න­ටම එක එල්ලේ ගමන් කරයි. ගල් බිත්තිය මත බ්‍රාහ්මීය අක්ෂර කොටා ඇති සල­කුණු දැක ගත හැකි විය. ඒ අනුව මේ නම් ඉපැ­රණි සෙල් ලිපි­යක නෂ්ටව ගිය කොට­සක් විය යුතුය යන්න අපේ කණ්ඩා­යමේ නිග­ම­නය විය. එසේම සීඝ්‍ර වු නැග්ම ආර­ක්ෂි­තව තර­ණය කිරීම වෙනු­වෙන් ගල් බිත්තිය මත සවි කර තිබූ අත් වැටක් ගල් බිත්ති­යට සවි කර තිබූ බවට වු සල­කුණු ලෙස අඩි පහෙන් පහට ගලෙහි පිහිටි සිදු­රුද දැක ගත හැකි විය.

“අපි මේ ඉන්න තල­ගු­ලු­වෙ­හෙර කියන වන­යෙන් යට­වුණු ඓති­හා­සික ස්ථානය යාල ඉති­හා­ස­යට අයත් වුණු වැද­ගත් තැනක්. තළ­ගු­ලු­හෙල ආශ්‍රිත ඊට ආසන්න ප්‍රදේ­ශයේ තමයි කැබි­ලිත්ත පිහි­ටලා තියෙන්නේ. ජන­ප්‍ර­වා­දයේ සද­හන් වෙන ආකා­ර­යට සිය­ඹලේ දේවා­ලය, කැබි­ලිත්ත පුද බිම කියන්නේ කත­ර­ගම දෙවි­යන් භාව­නා­නු­යෝ­ගීව වැඩ වසන ශුද්ධ වු ස්ථාන­යක්. ”කණ්ඩා­යමේ සිටි අයකු පව­ස­න්නට විය. අප දැන් සිටින්නේ යාල වන මධ්‍ය­යේය.දැන් ඉතින් රාත්‍රිය ගත කළ යුතුව ඇත්තේ මේ පර්ව­ත­යේය. උදෑ­සන සිට අපත් හා සමඟ පැමිණි හිරු ඈත ක්ෂිතිජ ඉම පසු කර සැඟව ගොසිනි.

 

සද­මල් රශ්මී ශ්‍රී බුද්ධික

Comments