
මේෂ දේපළ ලාභ
ලග්නාධිපති කුජ දිග්බලව උච්ච රාශිගතව කේතු සමග සිටී. බර වැඩ කටයුතුවලට බැස ක්‍රියා කිරීමට සිදු වේ. දේපළ සම්බන්ධ ආදායමක් ලබා ගනී. අපවාද චෝදනාවලට ලක්විය හැකි බැවින් ඉතාමත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී හා ගෙදරදොර කටයුතුවල දී තරමක් කල්පනාකාරී විය යුතුයි. දරුවන්ගේ කටයුතුවල දී සාර්ථක ප්‍රතිඵලයක් ලබනු ඇත. අධ්‍යාපන කටයුතුවලදී උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වනු ඇත.
ජය වර්ණය- රෝස, ජය අංකය- 09, ශුභ දිනය- බ්‍රහස්පතින්දා
වෘෂභ බාධා සහිතයි
ලග්නාධිපති සිකුරු තුන්වැන්නේ රාශු සමගයි. තම කටයුතු කරගෙන යාමේ දී උනන්දුව තරමක් අඩුවී යයි. සිතෙහි සැනසීම අඩුවේ. කෙටි ගමන් බිමන් අධිකයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී තරමක් කල්පනාකාරී විය යුතුයි. මිල මුදල් ලැබිම අතින් ද එතරම් ශුභදායක නොවේ. ලද දෙයින් සතුටු විය යුතුයි. ගෙදරදොර කටයුතුවල දී සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. උදරාශ්‍රිත රෝගාදියෙන් පරිස්සම් වන්න. ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා
මිථුන ශුභා’ශුභ මිශ්රයි
ලග්නාධිපති බුධ දෙවැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. ගමන්බිමන්වලින් පල ප්‍රයෝජන ලබයි. උසස් අය හෝ තමාට මතුවට ප්‍රයෝජනවත් වන අය හඳුනා ගැනීමට ඉඩ ලැබේ. හිතවතකුගේ වෙන්වීමක් පෙන්වන සතියකි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී යම් බාධා ඇති විය හැකි නිසා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබිම අතින් යහපත් සතියක් වේ. එහෙත් වියදම් ඉහළය. යුගදිවියේ සමගියට බාධා මතු විය හැකි බැවින් කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු යහපත්ය. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් විය යුතුයි. ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා
කටක බාධා මැද දියුණුව
සිකුරු රාශු ලග්නයේ ද කුජ කේතු හතේ ද ගුරු හතරේද සිටිය දී සතිය ආරම්භ වේ. ගෙදරදොර අය අතරේ වෙනස්කම් ඇති වේ. වෘත්තීය කටයුතුවලදී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. සිතට සැනසීම තරමක් අඩුයි. මුදල් ඉතිරිකර ගැනීමට අපහසු වේ. ගෙදරදොර කටයුතුවල දී වඩාත් සැලකිලිමත් වන්න. දරුවන්ගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩාදියෙන් පරිස්සම්් විය යුතුයි. වැටීම්, තැළීම් තුවාල පීඩාවලට ඉඩ පවතී. ජය වර්ණය- ක්‍රීම්, ජය අංකය- 02, ශුභ දිනය- සඳුදා
සිංහ දියුණුවක් ලබයි
ලග්නාධිපති රවි අයස්ථානයේය. බුධ සමගයි. සියලූ කටයුතුවල කිසියම් දියුණුවක්, සාර්ථකත්වයක් උදා කරනු ඇත. අලුත් හිතමිතුරන් හඳුනා ගැනීමට ඉඩ සලසා ගනී. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ සැලසේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න. ඉගෙනීමේදී උත්සාහයෙන් හා කැපවීමෙන් කටයුතු කළ යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න. ජය වර්ණය- රෝස, ජය අංකය- 01, ශුභ දිනය- ඉරිදා
කන්‍යා කටයුතු සාර්ථක වේ
ලග්නාධිපති බුධ දසවැන්නේ ස්වක්ෂේත්‍රයි. බුධ භද්‍ර යෝගයෙන් රවි සමග සිටී. සෙනසුරු හතරවැන්නේ සිටිමින් ලග්නය දකී. බුධ ලග්නය දකී. මෙම පිහිටීම් තුළ තමා බලාපොරොත්තුවෙන් සිටි කටයුතු කාරණා කිහිපයක්ම සාර්ථක කරගත හැක. විවිධ අංශයන්ට යොමුවීමෙන් ආර්ථික වාසි ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභය. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. අධ්‍යාපන කටයුතු යහපත් වේ. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න. ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා
තුලා කටයුතුවලට බාධා
ලග්නාධිපති සිකුරු දහයේ සිටිය දී සතිය ආරම්භ වේ. කරගෙන යන කටයුතුවල කිසියම් වූ වෙනස්කම් ද අතපසුවීම්වලට ද ඉඩ පවතී. වචන පාවිච්චියේ දී බුද්ධිමත් විය යුතුයි. වෘත්තීය අංශයේ දී තම තත්ත්වය තබාගැනීමට ඉඩ නොලැබේ. එම නිසා ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. වියදමට සරිලන ආදායම් ලබා ගනී. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් උදා කරයි. ප්‍රේම සම්බන්ධතා ඇති කරයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- බදාදා
වෘශ්චික මිශ්රඵල
ලග්නාධිපති තුන්වැන්නේ උච්චව සිටිය දී සතිය ආරම්භ වේ. ඇඳුම් පැලඳුම්, වස්ත්රාභරණ ලබන සතියකි. ආගමික අංශයට නැඹුරුවිමෙන් සහනයක් ද සැනසීමක් ද උදා කරගනු ඇත. ස්ථානගත වෙනස්කම් මෙන්ම කරගෙන යන වැඩකටයුතුවල වෙනස්කම් ද ඇති කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ද ශුභයි. විවිධ ක්ෂේත්රයන්ට යොමුවීමෙන් සාර්ථක ප්‍රතිඵල උදා කර ගනී. ගෙදරදොර කටයුතු යහපත්ය. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න. ජයවර්ණය- රෝස, ජය අංකය- 09, ශුභ දිනය- සඳුදා
ධනු වියදම් අධිකයි
ලග්නාධිපති ගුරු අයස්ථානයේ සිටිය දී සතිය ආරම්භ වේ. යම් යම් බාධා ඇතත් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. අන්‍යයන්ගේ ආධාර උපකාර ලැබේ. ආර්ථික වශයෙන් ශුභදායක වුවත් වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. වාසි ගෙන දේ. ගෙදරදොර කටයුතු යහපත්ය. එහෙත් කතාවේ දී පරිස්සම් විය යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් යුක්තව සිටිය යුතුයි. ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න. ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා
මකර ආර්ථික ලාභ
ලග්නාධිපති සෙනසුරු 12 ද උච්ච කුජ ලග්නයේ ද සිටිය දී සතිය ආරම්භ වේ. අමුතු මිත්‍රයන් හඳුනා ගැනීමට අවස්ථාව සැලසේ. සමාජයෙහි යහපත් තත්ත්වයක් ලැබේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වුව ද උත්සාහය නිසා සාර්ථක ප්‍රතිඵල ලැබේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. ඉවසීමෙන් සහ බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් සමගිය සාමය සුරක්ෂිත කරගත හැක. දරුවන්ගේ කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ සැලසේ. ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් විය යුතුයි.
ජය වර්ණය- නිල්, ජය අංකය- 08, ශුභ දිනය- සිකුරාදා
කුම්භ මිශ්රඵල
ලග්නාධිපති ශනි වක්‍රව අයස්ථානයේ සිටිය දී සතිය ආරම්භ වේ. උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල උදා වේ. ආර්ථික වශයෙන් යහපත් වුවද අනපේක්ෂිත සිදුවීම් උද්ගත වීම තුළ මුදල් වියදම් පාලනය කිරීම අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේශම් වන්න. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් ක්‍රියා කරන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි. ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සෙනසුරාදා
මීන බාධා ඉස්මතු වේ
බ්‍රහස්පති වක්‍රව අටවැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. කෙටි ගමන්බිමන් අධික වෙතත් ඉන් ලැබෙන පල ප්‍රයෝජනයක් නොමැති වනු ඇත. දියුණුවීමට ගන්නා වූ අධික උත්සාහය වුව ද නිෂ්ඵල විය හැක. දේපළ හානිවලට ඉඩ පවතී. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. ප්‍රේම සම්බන්ධතාවලට වැඩිහිටි විරෝධය මතු වේ. ඉගෙනීමේ යෙදී සිටින අයට අලූත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න. උෂ්ණාධික රෝග බලපායි.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා
ජ්‍යොතීර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී. ඇම්. ගුණපාල