
පැන්තරා පාඩස් කොටියා (panthera pardus kotiya) ශ්‍රී ලංකාවට ආවේණික කොටි විශේෂයකි. ලෝකයේ කොටි විශේෂ 9න් ලංකාවේ සිටින්නේ මේ කොටි විශේෂය පමණි. එමෙන්ම ලංකාවේ වෙසෙන විශාලතම මාංසභක්ෂක සත්ව විශේෂය ලෙස ද සැලකෙන මේ කොටියාගේ ආයු කාලය වසර 10-12ක් පමණ වේ.
වනෝද්‍යනවල සිටින සතුන්ට ආහාර දඬයමේ නොගොස් ම ලැබෙන හෙයින් උන්ගේ ආයුෂ අවුරුදු 20ක් පමණ වේ. එහෙත් කැලයේ ජීවත්වන කොටින්ගේ ආයුෂ අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අවසාන කාලයේ ආහාර සොයා ගැනීමට, දඩයම් කිරීමට ඇති ඉඩකඩ අවම වීම හේතුවෙනි.
මුවා, ගෝනා, මීමින්නා, මී හරකා, වල් ඌරා, වැලි මුවා සතුන් ආහාරට කොටියා දැඩි රුචිකත්වයක් දක්වන අතර, කුර සහිත සතුන් බහුල ලෙස ආහාරයට ගන්නා ගනී. මේ ඇතුළු ගොදුරු ලෙස සත්ව වර්ග 92ක් ලබා ගන්නා බව පිළිගැනේ.
ලංකාවට ආවේණික පැන්තරා පාඩස් කොටි 750 - 1000ක් අතර ප්‍රමාණයක් වාර්තාවන අතර ඉන් 100 -175 අතර ප්‍රමාණයක් විල්පත්තු වනයේ වාසය කරති. මේ දර්ශන විල්පත්තු ජාතික වනෝද්‍යානයේදී දැකගත හැකි ය.
ඡායාරූප - විල්පත්තු සමූහ