
ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍යාධාර වෙන් කර ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සින් සන්දු මහතා පවසයි. එයින් අමෙරිකානු ඩොලර් මිලියන 545ක් පූර්ණ සහනදායි ආධාර බවද ඒ මහතා කියා සිටී.
ඉන්දියාව මේ ආධාර සිදු කරන්නේ දිගුකාලීන යුද්ධයෙන් අඩපණ වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර සංවර්ධන කටයුතු සිදු කරගැනීමට බවත්, කිසිදු ආකාරයක බලාපොරොත්තුවක් මත නොවන බවත් ඒ මහතා පවසයි. ආධාර මේ වන විටත් සපයමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.