පන්ලක්ෂයකට බදු නිදහස | සිළුමිණ

පන්ලක්ෂයකට බදු නිදහස

අවුරුද්දකට රුපියල් ලක්ෂ 7 ½ක්ව පැවැති 'උපයන විට බද්ද' ගෙවීමේ බදු නිදහස් උපරිම සීමාව, නව දේශීය ආදායම් පනත මඟින් රුපියල් ලක්ෂ 12ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් දැනට 'උපයන විට බදු' ගෙවන ලක්ෂ 12ක් වන සේවා නියුක්තිකයන්ගෙන් ලක්ෂ පහකට ආසන්න පිරිසක් නිදහස් වන බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි.

දෙකෝටියක් පමණ ජනතාව වෙසෙන මෙරට බදු ලිපිගොනු තිබෙනුයේ ලක්ෂ 16කි. මේ ලක්ෂ 16න් ලක්ෂ 12ක්ම 'උපයන විට බද්ද' ගෙවන සේවා නියුක්තිකයෝය. මේ අයගෙන් බදු අය කරනුයේ අවුරුද්දකට රුපියල් ලක්ෂ 7 ½කට වැඩි ආදායමක් ලැබුව හොත් පමණි.

එහෙත් නව දේශීය ආදායම් බදු පනතින් මාසයකට රුපියල් ලක්ෂයක බදු නිදහස් සීමාවක් සලසා දී ඇත.

ඒ අනුව අවුරුද්දකට බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 දක්වා නව පනතින් වැඩි කොට ඇත. මේ නිසා සත්‍ය ලෙසම බදු ලිපි ගොනු තිබූ ලක්ෂ 12න් තවත් ලක්ෂ 05ක පිරිසක් බදු ගෙවීමෙන් නිදහස් වන බව මහා භාණ්ඩාගාරයේ උසස් නිලධාරියෙක් ‘සිළුමිණ’ ට ප්‍රකාශ කළේය. 

Comments