
ඉකුත් 05 වැනිදා තෙල්දෙණියෙන් ආරම්භ වූ විනාශකාරී ගැටුම් කෝලහාල තත්ත්වය මේ වන විට මුළුමනින්ම සමනය වී එය මෙරට ඉතිහාසයට එක්වූ තවත් එක් ‘කළු‘ පැල්ලමක් ලෙස සටහන් වී අවසානය. ඒ අනුව ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය පතුරුවන සුළුතරයකගේ ග්‍රහණයට නතුව එකිනෙකාගේ අනවබෝධය නිසා අළු යට ගිනි මෙන් සැරෙන් සැරේ මතු වෙමින් මෙරට ජනජීවිතයට සිදුවන විපත සමනය කිරීමට හැකියාව ඇත්තේ ද ශ්‍රී ලාංකේය ජනයාටමය.
එකිනෙකා කෙරෙහි බියෙන් සැකෙන් නොබලා සියලු ජාතිකයන් ශ්‍රී ලාංකේය ජාතීන් ලෙස එකමුතුව අත්වැල් බැඳ ගැනීම මේ මොහොතේ රටට හිතැති සෑම පුරවැසියකුගෙන්ම විය යුතු බුද්ධිමත්ම තීන්දුව ලෙස සඳහන් කළ හැකිය. එලෙස තෙල්දෙණිය - දිගන වර්ගවාදයට - අන්තවාදයට උඩ-ගෙඩි දුන් පිරිසට රටේ බොහෝ පෙදෙස්වලින් ‘කනේ‘ පහරවල් එල්ල වූ ආකාරය පසුගිය දින කිහිපයේම වාර්තා විණි. ඒ රට තුළ ජීවත්වන සියලු ජනකොට්ඨාසයන්ටම අයත් බොහෝ පුරවැසියන් තුළ ගැබ්වී තිබෙන සාමයේ - සංහිඳියාවේ මහිමය ලොවටම පිළිබිඹු කරමිනි.
එහි දී ජාතීන් අතර අන්යෝ න්යට අවබෝධයෙන් යුතුව ඇතිවූ දුක්ඛදායක, ගැටලුකාරි, පීඩනකාරී තත්ත්වය මනාව තේරුම්ගෙන සියලු ජාතිකයන් ශ්‍රී ලාංකිකයන් බව ඔප්පු කළ සිදුවීම් පෙළක්ම පසුගිය දින කිහිපයේ නොයෙකුත් පෙදෙස්වලින් වාර්තා විණි. මේ මොහොතේ විය යුතු රටට හිතැති එම ක්‍රියාදාමයන් ගැන අවධානය යොමුකළහොත් තෙල්දෙණිය සිදුවීමෙන් රට තුළ ආන්දෝලනයක් හටගෙන දවසක් ගෙවෙන්ටත් මත්තෙන් ජාතීන් අතර අවබෝධය ඉස්මතු වූ අපුරු දසුනක් ඉස්මතු වූයේ මීගමුව පෙරියමුල්ලෙනි. ඒ තායිලන්තයේ සිට වැඩම කළ භික්ෂුන් 47නමක් කටුනායක සිට කොච්චිකඩේ මහමෙවුනා භාවනා අසපුව බලා පාගමනින් වැඩම කරද් දී පෙරියමුල්ලේ මුස්ලිම් ප්‍රජාව ගිලන්පස පිරිකර පූජා කළේ රටේ ජනකොටස් අතර තිබෙන අවංකත්වය තහවුරු කරමිනි.
අනතුරුව තායිලන්තයෙන් වැඩි එම භික්ෂුන් වෙනුවෙන්ම පසුගිය 12 වැනිදා ද අනුරාධපුර නීරාවිය මුස්ලිම් වැසියන් පිණ්ඩපාතය පූජා කරමින් භික්ෂුන්ගේ දෙපා නමැද්දේ උන්වහන්සේලා අනුරාධපුර පූජා භූමියට වැඩම කරන අතරතුරදීය.
එවැනි සිදුවීම් කෙනෙකුට සුළු සිදුවීම් ලෙස හුවා දැක්විය හැකි වුවත් එයින් ගම්‍ය වන එකම ශ්‍රී ලාංකේය ජාතියක් කියන පණිවිඩය මේ රටේ හෙට දවස වෙනුවෙන් වත්මන් ජනයා පුදන අගනා තිළිණ ලෙස සැලැකිය හැකිය. පසුගිය දින කීපයේ තෙල්දෙණිය, දිගන අවට පෙදෙස්වල ගැටුම්කාරි වාතාවරණය පැවැති සමයේ දී ගොමගොඩ පන්සලේ කහගල ධම්මානන්ද හිමිපාණන් ක්‍රියාකළ ආකාරය මෙන්ම මුස්ලිම් තරුණයා මියගිය ප්‍රදේශයේ පිහිටි අම්බාලේ පේරකැටිය විහාරාධිපති කීණපැලැස්සේ උපාලි ඤාණිස්සර හිමිපාණෝද බෞද්ධ ධර්මයේ නියමාර්ථය ලොවටම පෙන්වූයේ අන්‍ය ජාතීන්ටද පිහිට වෙමිනි.
එසේම නෙල්ලිගල අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පන්සල අවට සිටි සියලුම මුස්ලිම් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මෙහෙයක් කළ හිමිනමක් ලෙස පසුගිය දින කිහිපයේ දී රටම කතා කළේය. උන්වහන්සේ මාධ්‍යයට පවසා සිටියේ,
“අපිට තොරතුරු ලැබුණා, සංවිධානාත්මක පිරිස් පිට ඉඳන් ඇවිල්ලා මේ ප්‍රදේශයට පහර දෙන්න ඉන්නවා කියලා. අපි දිවා-රෑ නොබලා ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවුණා. මුස්ලිම් ආගමික මධ්‍යස්ථාන ඉදිරිපිට ඉඳගෙන අපි ඒවා ආරක්ෂා කළා. අපේ යුතුකම තමයි මහ ජාතිය වශයෙන් සුළු ජාතිය ආරක්ෂා කිරීම බව“ උන්වහන්සේ වදාළ සිටි සේක.
ඇතැම් ආගමික නායකයන් ජාතිවාදය, ආගම්වාදය වපුරන්න උත්සාහ කරද් දී මෙවන් සංඝ පීතෘවරුන් ගැන රටම කතා කළ යුත්තේ ආගමික සංහිඳියාව පෙරට ගෙන ජාතීන් අතර අවබෝධය ගොඩනැඟීමටය
තවද ව්‍යසනකාරී සමයේ මෙන්ම ඉන් පසුවද ඇතැම් පළාත් සර්ව ආගමික ස්ථානවලින් නද දුන් ශබ්දවාහිනි මඟින් සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කළ කී දේ බොහෝ සේය. එලෙස ගම්පොළ ගෙලිඔය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් එක්ව නගරයේ ආරක්ෂාව වෙනුවෙන් ශබ්දවාහිනි යන්ත්‍ර මඟින් පැය ගණන් ජනතාව දැනුවත් කළේ කිසිදු අන්තවාදී බලවේගයකට නැගිටීමට ඉඩක් නොතබමිනි. ඒ ආකාරයට අකුරණ මුස්ලිම් පල්ලිය මඟින් ජනතාව දැනුවත් කළේ ජාතික සමඟිය පිළිබිඹු වන ආකාරයට කටයුතු කරමිනි.
මහනුවර සිදුවීම් මාලාවට සාපේක්ෂව රටේ විවිධ පළාත්වලත් ඇතැම් අවස්ථාවල දී යම් යම් කලහකාරී සිදුවීම් වාර්තා විණි. ඒ අතර කලහකාරී සිදුවීම් පෙළක් මාර්තු 06 වැනිදා සිදුවූයේ අම්පාර, කල්මුණේ සමන්තුරෙයි පෙදෙස්වලය. එහි දී විරෝධතාකරුවන් බස් රථවලට පහර දෙමින් නගරයේ ජනජීවිතය අවුල් කිරීමට උත්සාහ දරා තිබිණි. අවසානයේ පාසල් ළමයින්ට නිවෙස්වලට යාමට බස්රථ පවා නොමැති වීම හේතුවෙන් ළමයින් 120ක් මෙන්ම ගුරුවරුන්ද අතරමංව සිටි අවස්ථාවේ ඒ වෙනුවෙන් පිහිටට ආවේ දෙමළ තරුණ පිරිසකි. එම දෙමළ තරුණයන් පිරිස ළමයින් ඇතුළු ගුරුවරුන් පිරිස සිමෙන්ති කන්ටේනරයක නංවා ආරක්ෂිතව නිවෙස්වලට ඇරලූවේ ජාතික සමඟිය මොනවට ඔප්පු කරමිනි.
එලෙසට ජාතික සංහිඳියාව වෙනුවෙන් සර්ව ආගමික නායක කාරකාදීන් ඇතුළුව සියලු ජනකොටස්වලම එකතුව ඉස්මතු වූ අවස්ථාවක් වූයේ ආණමඩුව ‘මදීනා‘ හෝටලය ගිනි තැබූ සිදුවීමේදීය. එහි දී නීතිය සාමය ආරක්ෂා කරන පොලිස් නිලධාරින් ඇතුළු සියලු ජාතීන් එක්ව මදීනා හෝටලය පැය 24ක් ගතවීමටත් මත්තෙන් නැවත යථා තත්ත්වයට පත් කළේ සමඟියේ බලය කිසිදු අන්තවාදී බලවේගයකට යටපත් කළ නොහැකි බව සනාථ කරමිනි.
ඒ අතරෙහි බෞද්ධ භික්ෂුවකගේ දෙමාපියන් වෙනුවෙන් හිසට සෙවණක් ලබාදීමට මුස්ලිම් පල්ලියකින් ගන්නා ලද වෑයමක් වාර්තා වූයේ කොලොන්නාව ප්‍රදේශයෙනි. කොලොන්නාව ජුම්මා පල්ලියේ අනීස් මවුලවි තුමන් ඇතුළු පිරිස විසින් පනාමුරේ විමලබුද්ධි හිමියන්ගේ මවුපියන් වෙනුවෙන් නිවෙස ඉදිකිරීමට මුදල් පරිත්‍යාග කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ගම් නගරවල ආරක්ෂාව, සාමය, සංහිඳියාව වෙනුවෙන් කැපවූ බොහෝ සර්ව ආගමික සමුළු සංවිධානය බොහෝ පෙදෙස්වලින් පසුගිය දින කිහිපයේ වාර්තා විණි.
ඇතැම් දෙනා දන්සල්ද ඒ දිනවල පැවැත්වූයේ ජාතික සංහිඳියාව ඉස්මතු කිරීමටයි. එවන් දන්සලක් ‘සහෝදරත්වයේ දන්සල‘ නමින් වැල්ලවායේ දී පැවැත්වුණේ පසුගිය 09 වැනිදාය.
එසේම දඹුල්ල, හොරණ, මට්ටක්කුලිය ආදි නන්දෙස පෙදෙස්වලින් සර්ව ආගමික එකමුතුම ඇති කිරීම වෙනුවෙන් සමුළු, සුහද හමු පැවැත්වුණේ අනාගතය වෙනුවෙන් ජාතීන් අතර සුබවාදී ආකල්ප ඉස්මතු කරමිනි.
මේ මොහොතේ රට තුළ සියලු ජාතීන් එක්ව සමඟියෙන් තම ජීවිතය ගත කළ යුතු බව පසක් කිරීමට සනත්, සංගා, මහේල යන ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය ක්‍රීඩකයෝද පෙරට පැමිණීම අගය කළ යුතුම කාරණයකි. ඒ අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෝ පමණක් නොව අපේ රටේ ජාතීන් එකමුතුව සිටිය යුතු බව ඉන්දීය දමිළ ක්‍රීඩක රවිචන්ද්ප්‍රි අශ්වින්ද ට්විටර් පණිවිඩයක් මඟින් අවධාරණය කොට සිටියේය.
ඒ අනුව රටේ විශේෂයෙන්ම විවිධ ජාතීන් ජීවත්වන ගම්, නගරවල මසකට වතාවක්, දෙවතාවක් හෝ සියලු ජාතීන් එක්ව සාමය, සංහිඳියාව මෙන්ම නගර ගම්වලට පිටතින් එන ඕනෑම බලවේගයකට එරෙහිව නැඟී සිටීමට එකමුතුව ජීවත්වීමේ අගය පහදා දෙන වැඩසටහන් දියත් කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බව අපිද පෙන්වා දෙන්නෙමු. එසේ නොමැති වුවහොත් පසුගිය දිනවල මහනුවර, අම්පාර, ගිංතොට වැනි පෙදෙස්වලින් වාර්තා වූ සිදුවීම් වැනි දේ තවත් මසකින්, දෙකකින් නැවතත් කුමන හෝ ගමකින්, නගරයකින් ඉස්මතු වීම වැළැක්විය නොහැකි තත්ත්වයක් ලෙස පෙනේ. ඒ ජාතිවා දී, අන්තවා දී, වර්ගවාදී සුළුතරය අළු යට ගිනි මෙන් පුපුරු ගසමින් සිටින හෙයිනි.
ඔවුන්ට නැඟී සිටීමට ඉඩ නො දී වැටකඩුලු තර කිරීමට වගකිවයුතු බලධාරින් කළ යුතුම හොඳම ක්‍රියාමාර්ගය ගම්-නගරවල සියලු ජනකොටස්වල එකරාශියෙන් සමිති, සමාගම්, සමුළු, මුළුගන්වමින් සාමය, සංහිඳියාව මෙන්ම ආරක්ෂාව පතුරුවන වැඩසටහන් දියත් කිරීමයි.
අමිල මලවිසූරිය