අපේ දරුවන්ගේ අනාගතය නැති කරන්න එපා! | Page 2 | සිළුමිණ

අපේ දරුවන්ගේ අනාගතය නැති කරන්න එපා!

 රටක දියුණුවට වගේම සමඟිය සංවර්ධනයට ලොකුම බාධාවක් තමයි බෙදුම් වාදය, ඒ වගේම ජාතිවාදයත් මේ සංවර්ධනයට ලොකුම බාධාවක් වනවා, ලෝකයේ කිසිම රටකට මේ දුර්ගුණාංග ඉස්මතු වෙනකල් දියුණු වෙන්න හැකායාවක් ලැබිලා නාහැ.

අපේ රටේත් අවුරුදු 30ක් පැවැතුණු බෙදුම්වාදීන්ගේ යුද්ධය නිසා රට සංවර්ධනය කරා ගෙනියන්න අපහසු වුණා. යුද්ධය උතුරු නැඟෙනහිර විතරක් නෙමෙයි රට මැදටත් ආවා. රට හැම තැනම බෝම්බ පිපිරුණා. මරාගෙන මැරෙන අය රටේ හැම තැනකමට වගේ ආවා. වටිනා ජීවිත වගේම දළඳා මාලිගාව මහ බැංකුව ගුවන් තොටුපොළ වගේ තැන්වලට එල්ල වුණු බෝම්බ ප්‍රහාර නිසා අපේ රටේ මරුමස්ථානවලට විශාල පහරක් වැදුණා. ජනතාව දුම්රියේ බස් රියේ පවා ගමන් කෙළේ බොහොම බයෙන්.

මේ තත්ත්වය නිසා දිගින් දිගටම රටේ ආර්ථික වර්ධනය හීන වුණා. ආරක්ෂක බද්දක් වෙනම එකතු කරන්න රජයටත් සිදුවුණා.

කොහොමින් කොහොම හරි ලෝකයේ දරුණුම ගරිල්ලා සංවිධානයක් වුණු ම්ලේච්ඡ කොටි සංවිධානය මර්දනය කරන්න අපේ රණවිරුවන්ට හැකි වුණා. ඒ 2009 අවුරුද්දෙ. එදා ඉදල දැන් අවුරුදු 9කට ආසන්න කාලයක් තිස්සේ යුද්ධයේ ආදිනව වැඩි වශයෙන් බලපාපු උතුරු නැඟෙනහිර ඇතුළු අනෙකුත් පළාත්වලත් සංවර්ධන කටයුතු ආරම්භ කළා. විශේෂයෙන්ම යුද්ධය ආරම්භ කරපු ත්‍රස්තවාදී සංවිධානවල පිරිස් පුනරුත්ථාපනයට කටයුතු යෙදුණා. මොකද ඒ අයත් අපේම රටේ පුරවැසියන් නිසා.

ඒ වගේම මේ හිංසාකාරී යුද්ධය අවශ්‍ය වුණේ කීප දෙනකුට විතරක් බව අප හොඳාකාරවාම දන්නා නිසයි. සමහර අය මේ ත්‍රස්තවාදී සංවිධානවලට බැඳිල තිබුණේ මෙළෝ හසරක් නොදැන.

තුවක්කු පෙන්නවා අපේ ගම් නගර තියෙන ඊළාම් රැන ගන්න වරෙල්ලා කිව්වහම ඒ අය ගියා. එතැනින් එහා දෙයක් මේ අය දැනගෙන හිටියේ නැහැ.

මේ විදිහට ඇරැඹුණු යුද්ධයට ආගමික නායකයන් විටින් විට පිළියම් යොදන්න උත්සාහ ගත්තා. ඒකට බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් කියල වෙනසක් තිබුණේ නැහැ. මේ ත්‍රස්තවාදීන් ඒ කිසි කෙනකුගේ දැනුම් දීම් පිළි ගත්තේ නැහැ. ත්‍රස්තවාදය යුද්ධයෙන්ම අවසන් වන තරු මේ සටන් නවත්වන්න ත්‍රස්තවාදීන් කැමැති වුණේ නැහැ.

දැන් යුද්ධය අවසන් වෙලා බොහෝ අයගේ ජන ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත් වීගෙන ඇවිත්. තවමත් කඳවුරුවල ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ අයගේ ජීවන වෘත්තීන් නංවන්න සැලසුම් සකස් කරල තියෙන්නේ. ඇතැම් පිරිස් ලොතරැයි අලෙවි පත් අලෙවි කරන රැකියාවන්ට යොමු කරලා. තවත් අය සිවිල් ආරක්ෂක බලකාය හරහා රටේ සංවර්ධනයට දායක වෙලා.බොහෝ දෙනා නොදන්න තවත් දෙයක් තියෙනවා. ඒ තමයි හමුදාවට එරෙහිව සටන් කරපු පිරිස් බොහොමයක් හමුදාවටත් බඳවාගෙන තියෙනවා. ඒ අයට රජයේ රැකියාවක් ලැබිලා තියෙන්නෙ. නොදැන කරපු මේ යුද්ධය ගැන අද ඒ අය පසුතැවෙනවා.

මේ විදිහට උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සිදු වෙනවා. අවුරුදු 30කට පස්සේ යාල්දේවිත් යාපා පටුනට යන්න පටන් ගත්තා. දැන් උතුරු නැගෙනහිර සංහිදියාව ඇරැඹිලා. කන්කසන්‍තුරේ පේදුරුතුඩුව මාර්ගය වසර 28කට පසුව ජනතාවට විවෘත වුණා.

ඒ විතරක් නෙමෙයි මුලතිව් ආරක්ෂක හමුදා මූලස්ථානය අසල පිහිටි කෙප්පපිලව් ගම්මානයේ භූමි භාගයෙන් විශාල ප්‍රමණයක් ආපසු ජනතාවට ලබා දුන්නා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන භූමි හැර සෙසු සියලු ස්ථානයන් පාහේ මේ වන විට ජනතාවට ලබා දී අවසන්. උතුරු පළාතේ දේශපාලඥයන් ඇතුළු ජනතා නියෝජිතයන්ගේ අදහස් අනුවයි මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ. කන්කසන්තුරයේ කීරමලේ නිවාස ව්‍යාපෘති නිසා නිවාස අහිමි අයට විශාල පිළිසරණක් වුණා.

ඒ විතරක් නෙමෙයි උතුරේ නව කර්මාන්ත නංවන්නත් කටයුතු යෙදුණා. යාපනයේ වෙළෙඳ ප්‍රදර්ශනයක් පවා පැවැත්වූවා. සංගිත සංදර්ශන මගින් ජනතාවගේ සිත් සතුටු කරන්න කටයුතු යෙදුවා. ගාලු මුවදොර වගේම කන්කසන්තුරයේ සහ මුලතිව් මුහුදු වෙරළට හවසට ජනතාව එක් රොක් වනවා. සාමයේ සෙවණැලි ක්‍රමයෙන් ආපු උතුරේ දැන් තියෙන්නේ අලුත්ම ඉරක්.

ඒත් ලෝකයේ ඕනෑම තැනක පිරිසක් හොඳින් ඉන්නව බලන්න අකමැති පිරිස් ඉන්නවනේ. අපි මේ කියන්න යන කතාවත් ඒ වගේ පිරිසක් ගැන. පසුගිය 4 වැනිදා ඒ කියන්නෙ අපේ 70 වැනි නිදහස් සමරුව පැවැත්වෙද්දී අන්තර්ජාතික ප්‍රඥප්ති පවා උල්ලංඝනය කරලා ළමා අයිතිවාසිකම් කඩකරපු පියතුමෙක් හා පුසාරිවරයක් සම්බන්ධවයි.

පාසල් යන කුඩා දරුවන් ඉස්සරහට දාගෙන පෝස්ටර් කලු කොඩි රැගෙන කරපු විරෝධයකින් ඒ අය කිව්වෙ තමන්ට නිදහසක් නැහැ කියලා. මේ තත්ත්වය හරිම භයානකයි. මොකද මේ දරුවො කිසි කෙනෙක් දැනගෙන හිටියෙ නැහැ. ඒ අයට මොකටද එන්න කියල තියෙන්න කියලා,

ළමා සොල්දාදුවන් සටන් බිමට යවපු කොටි සංවිධානයට නොදෙවෙනි වැඩක් තමයි මේ ආගමික නායකයන් දෙන්න සිදු කරල තියෙන්නෙ.

ඒවිතරක් නෙමෙයි මේ දෙන්න ආගමික වේෂයෙන් ආපු දෙන්නෙක්ද කියලත් මේ වන විට සැක පළ වෙලා තියෙනවා. මේ දරුවන් දැනගෙන හිටියෙ නැහැ මොකක්ද මේ විරෝධය කියලා, මේ පිරිස් මේ විරෝධය පෑවෙ ළගදි විවෘත කරල දීපු මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපිටින් ඇති බස් මාර්ගය දිගේ ඇවිදිමින්. මේ නින්දිත ක්‍රියාදාමය බොහෝ අයගේ පිළිකුළට භාජන වුණා.

මේ සමහර දරුවන් සෙල්ලම් කරන වෙලාවලදි ඒ අය එක්කරගෙන ගිහින් තිබුණෙ සෙල්ලම් බඩු අරගෙන දෙන්නම් කියලා, තවත් සමහර අය එක්කරගෙන ගිහින් තිබුණෙ කැමැති කෑම වර්ග අරගෙන දෙන්නම් කියලා, මේ දරුවන් කිසි දෙයක් නොදැන තමයි මේ උද්ඝෝෂණවලට ගියේ. මේ වැඩිහිටි පිරිස් කරපු ක්‍රියාදාමය සාමය වගේම සංහිදියාටව විශාල බාධාවක්. එතෙර සිටින ඊළාම්වාදී ඩයස් පෝරාවේ මෙන්ම මෙතෙර සිටින විවිධාකාර අන්තවාදීන්ට ඒක සතුට දනවන්නක් වෙන්න පුළුවන්.

කාලාන්තරයක් තිස්සේ රට බෙදිය යුතු බවට සටන් කළ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරීව කටයුතු කළ වර්තමානයේ සාමයෙන් සහජීවනයෙන් දිවි ගෙවන සියලුම සාමාජිකයන් මෙවන් ක්‍රියා තරයේම ප්‍රතික්ෂේප කරනවා.

මුලතිව් මෙන්ම විශ්වමඩු ප්‍රදේශවල සිටින ඔවුන් පවසන්නේ දරු දැරියන් මෙවන් කාර්යයන් සඳහා යොදවා ගැනීම පිළිකුල් මෙන්ම එම දරුවන්ගේ අනාගතය නැති කිරීමට යොදන ලද කාර්යයක් බවයි.

විශේෂයෙන්ම විශ්වමඩු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන එල්ටීටීඊ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරී සාමාජිකයන් අතුරින් ලෝවැඩ සඟරාවේ කවි 108ක්ම පාඩම් අයකුද සිටී. ඔහු ‍යුද්ධයේ ආදීනව හොඳින් දන්නා අතර සැම විටම සාමය අගය කළ යුතු බව පවසා සිටිනවා. යුද්ධය පැවැති සමයේ ධර්මපුරම්හි මෙහෙයුම් ජ්‍යෙෂ්ඨයන් ලෙස කටයුතු කළ අයද පවසන්නේ කිසිදු ඉල්ලීමක් අසාධාරණයෙන් හෝ ආයුධවලින් ලබා ගත නොහැකි බවයි.

‘අපි අවුරුදු ගණනාවක් කැලෑවැදී යුද්ධ කළා. මොනවද ඉතිරි වුණේ සමහරුන්ගේ ජීවිත නැති වුණා. අත පය අහිමි වුණා. ගේ දාර ඉඩකඩම් නැතිවුණා. ඒ සේරටම වඩා සිංහල දෙමළ මුස්ලිම් අය අතර තිබුණු හොඳ හිත නැති වුණා. අපි මේ නැතිවුණු ජීවිත හැර අනෙක් සියල්ල ‍ගොඩ ගන්න නම් සාමයෙන් සමගියෙන් කටයුතු කළ යුතු වනවා.‍’ එසේ නොමැතිව ආයුධයෙන් පිකටිං කිරීමෙන් උපවාසයෙන් ප්‍රශ්න විසඳා ගන්න බැහැ. ඒක අපි අවරුදු 30ක්ස අත් වින්දා. දැන් තවත් ඒ දුක විදින්න බැහැ. අපේ අනාගත දරුවන්ට වෛරය පතුරවීම මහා පාපයක්‘

යාපනය පලාලි ගොවිපොළේ සේවය කරනු ලබන එල්ටීටී‍ඊයේ හිටපු ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන්ද පවසන්නේද එවැනිම කතාවන්ය.

අපි කුඩා දරුවන් කාලෙ තමයි මේ අහිමිරි අත්දැකීම්වලට මුහුණ පාන්න සිද්ධ වුණේ ආරක්ෂක සේනා මූලස්ථානය අපි දැන් විවාහ වෙලා ඉන්නෙ. සමහරු සිංහල අයත් එක්ක විවාහ වෙලා ඉන්නෙ. මේ සමඟිය කඩල බිදල දාන්න ඕනකරන අයත් ඉන්නවා. නමුත් අපි බුද්ධිමත්ව කටයුතු කළොත් අඩුම ගාණේ අපේ ඉදිරි දරු දැරියන්ගේ අනාගතය හරි හදා ගන්න පුළුවන් වේවි. අනේ ඒකට ඉඩ තියන්න එපා. දරු දැරියන්ගෙ අනාගතය අගාධයට යවන්න එපා කියලා අපි වැදල කරල ඉල්ලනවා.‘

මේ සිදුවීම සම්බන්ධයෙන් අපි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ මරීනාද ලිවේරා මහත්මියගෙන් විමසීමක් කළා. ඇය පැවසුවේ මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරනු ලබන බවයි. එමෙන්ම මේ සම්බන්ධව දැනුවත් කිරීම සම්බන්ධයෙන් සිළුමිණ පුවත්පතට ඇය කෘතඥතාවයද පළ කර සිටියා.

දරුවන් කියන්නේ රටේ අනාගතය. මල් වගේ ඒ දරු පරපුරේ හිතට ඇතුළු කළ යුත්තේ ආදරය, කරුණාව, මෛත්‍රිය මිසක් ජාතිවාදය හෝ ආගම්වාදය නොවන බව මෙහිදී පැවසිය යුතුයි.

තාරක වික්‍රමසේකර
සේයාරූ - සමන්ත වීරසිරි

Comments