70 වස‍රක නිදහස් සැමරුම | සිළුමිණ

70 වස‍රක නිදහස් සැමරුම

 ‘හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පොරණේ
දිනු මවු බිම සව්සිරියෙන් සරසව් පිබිදෙව්.... ‘

සී.ටී. ප්‍රනාන්දු මහතා විසින් කාලයකට පෙර ගායනා කරන ලද කාලාන්තරයක් තිස්සේම මේ ගීතයද අදටත් ජනප්‍රිය වේ.

අතීතයේ අපිට අපි දිනූ මවුබිම රැක ගැන්මට අප කටයුතු කළ යුතුය. ඇත්තෙන්ම ඒ නිදහස අපි දෙවරක්ම දිනා ඇත. වරක් 1948 පෙබරවාරි මස 4 වැනිදාය. ඒ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන්ය. දෙවැන්න 2009 වසරේදීය. ඒ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගත් නිදහසය. මේ අභිමානයන් සැමරීම සෑම වසරකම පෙබරවාරි 4 වැනිදා රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. මෙවර අපේ නිදහස් සැමරුමේ 70 වන සංවත්සරය යෙදී තිබුණි. ඒ අභිමානවත් උත්සවය සැමරීම උදෙසා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජික එඩ්වඩ් කුමරු හා සෝපියා කුමරියද පැමිණීම විශේෂත්වයක් විය.

නිදහස් උලෙළේ විශේෂ ආරාධිතයන් ලෙසින් පැමිණුනු රාජකීය යුවළ පිළි ගන්නා ලද්දේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඇමැතිවරයා විසිනි. පසුව පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ පිළි ගන්නා ලද්දේද ඇමැතිවරයා විසින් වන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැමිණීම සිදු වූයේ විශේෂ රථ පෙළපාලියකිනි. ඒ ජනාධිපති ආර්යාවද සමඟිනි. ඒ දෙපළ පිළි ගැනීමට අග්‍රාමාත්‍යවරයා සහ වජිර අබේවර්ධන ඇමැතිවරයාද සහභාගි විය.

මඟුල් බෙර හා සක් හඬ මධ්‍යෙය් ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමත් සමඟ උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරිණි.

පළමුවෙන්ම සේනාධිනායක ජනාධිපතිවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් ආචාර වෙඩිමුර 21ක් තබමිනි.

‘ජනාධිපතිවරයා මෙහිදී විශේෂයෙන්ම සඳහන් කලේ තුසීත බවින් මිදී මූල්‍ය විනයක් අතිව කටයුතු කිරීම වැදගත් බවයි.‘

ජනාධිපතිවයාගේ කතාවේන කොටසක් අවශ්‍යද?

ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව ආචාර පෙළපාලිය ආරම්භ කරන ලදී.

පළමුව නිදහස් දින උළෙල සමරමින් සිංහ රුව රැගත් රථයකින් ජාතික අභිමානය පිළිඹිබු කරන ලදී. එයින් පසුව සිංහ ධජ රැගත් යුද, ගුවන්, නාවික, හා පොලිස් නිලධාරීන් විසින් දේශීයත්වයේ අභිමානය ප්‍රදර්ශනය කරන ලදි.

යුද හමුදාවේ විශේෂ ආචාර පෙළපාලිය ගමන් ගත්තේ එයින් පසුවයි. යුද හමුදාවේ නිලධාරීන් 160ක් සහ සෙසු නිලයින් 3638 මේ අවස්ථාව නියෝජනය කරන ලදී. පෙළපාලිය අණදීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් සිදු කරන ලදී. දෙවන අණ දෙන නිලධාරි වශයෙන් බ්‍රිගේඩියර් නිශාන්ත වඩුගොඩපිටිය මහතා කටයුතු කරන ලදී. ඒ අනුව යුද හමුදාවේ 3798ක පිරිසක් නිදහස් දින උලෙළේ උත්තමාචාර සඳහා සහභාගි විය.

ජනාධිපතිවරයා සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති පෙළපාලියේ නැරැඹීමට සහභාගි වූ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.

එසේම විදේශීය තානාපතිවරු සහ විශේෂ අමුත්තන් රැසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

යුද හමුදාව සහ නාවික හමුදාව හා ගුවන් හමුදාවත් පොලිස් විශේෂ කාර්ය බලකායත් එක්ව පවත්වන ලද පැරෂුට් ප්‍රදර්ශනය මෙවරත් පවත්වනලද අතර මෙහිදී ප්‍රථම වරට ත්‍රාසජනක දැක්මක් සිදු කරන ලදි. ඒ අනුව ෂැංග්‍රිලා හෝටලයේ 52වන මහලේ සිට පැරෂුටය දිග හැරීමකින් තොරව ඉහළ සිට බිමට පැනීමට මේ විරුවන් විසින් කටයුතු යොදන ලදී.

ඔවුන් විසින් පැරෂුටය දිග හැරීමට සලස්වන ලද්දේ මහලෙන් එළියට පැනීමෙන් පසුව විම මේ ත්‍රාසජනක සිදුවීමේ විශේෂත්වයයි.

ඒ සඳහා කාන්තා නිලධාරිනියක්ද සහභාගි වන ලදී.

නාවික හමුදාවේ පෙළපාලිය සඳහා නාවික හමුදා නිලධාරීන් 38ත් හා හා සෙසු නිලයන් 981ත් සහභාගි වූ අතර එම පෙළපාලිය ගමන් කරනු ලබන අවස්ථාවේදි ගාලු මුවදොර මුහුදු තීරයේ නාවික හමුදා යාත්‍රා කරමින් නාවික බලය පෙන්නුම් කරන ලදී. ඒ සඳහා නෞකා 8ක් හා ඩෝරා 10ක් නාවික ධජ යටතේ ගමන් කරන ලදී. එය ගාලුමුවදොර පමණක් නොව මුහුදු තීරය දිස්වන ප්‍ර දේශ සියල්ලන්ටම අලංකාර දසුනක් විය. සංචාරකයන්ගෙන් පිරි ඉතිරී තිබූ අවට හෝටල්වල සිටි සංචාරකයන් දුර දක්නවලින් මේ අලංකාරත්වය විඳ ගන්නා අයුරු දක්නට ලැබුණි.

එසේම ගුවන් හමුදාවේ නිලධාරීන් 47ක් හා සෙසු අය 867ක් මේ ආචාර පෙළපාලියට සහභාගි වූ අතර ගුවන් හමුදා පෙළපාලියේ ගමන් කිරීමේදී කෆීර් ‍ යානා මෙන්ම බෙල් 212 බෙල් 412 ,සී 130 එම්. ඒ 60 ඇතුළු ගුවන් යානා හා හෙලිකොප්ටර් යානා 15ක් පමණ ගුවනේ විකුම් පානා ලදී. පොලිසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් හා සෙසු නිලයන් ගමන් ගත්තේ ඉන් පසුවය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 14ක් හා සෙසු නිලයින් 516ක් මේ ආචාර පෙළපාලියට එක් වූ අතර මේ හමුචා හා පොලිස් උත්තමාචාරවලින් පසුව හෙළයේ සංස්කෘතිය විදහා දක්වන නර්තන කණ්ඩායම් පෙළපාලියේ ගමන් කරන ලදී. ඒ සියල්ලම කියා පෑයේ අප දිනූ නිදහස ආරක්ෂා කර ගත යුතු බවත්. ඒ සඳහා සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එක්ව එකා මෙන් නැඟී සිටිය යුතු බවත්ය.

යුද හමුදාව පෙරටු කරගත් සන්නාහ සන්නද්ධ රථ පෙරහර ගමන් කරන ලද්දේ ඉන් පසුවය. එම රථ 58ක් යොදවා තිබූ අතර යුද හමුදාවේ කාලතුවක්කු බලකායන් ඇතුළු බොහෝ සංග්‍රාමික උපකරණ එහි ඇතුළත් විය. නාවික හමුදාවේ යුද උපකරණ සහිත රථ 9ක්ද මේ සඳහා යොදා තිබුණි.

ආචාර පෙළපාලිය අවසානයේ පිරිස විසිර ගියත් මධ්‍යහන 12.00ට නාවික හමුදා මූලස්ථානයේ ප්‍රදීපාගාරය ඉදිරිපිටදි කාලතුවක්කු ආචාර වෙඩිමුර 21ක් පවත්වා නිදහස සමරුව වර්ණවත් කරන ලදී.

70 වසරක නිදහස එසේ ජාතික වශයෙන් සමරද්දී රටේ නන් දෙස ජනතාවද අපේ මවුබිම දිනූ නිදහස සැමරූහ. ඒ නිදහස යථාර්ථයක් බවට පත් කර ගත යුත්තේ සියලු ජාතීන් එක්ව අලස කම දුරලමින් රට සංවර්ධනය කරා ගෙන ගියොත් පමණකි.

තාරක වික්‍රමසේකර
සේයාරූ - රුක්මාල් ගමගේ

Comments