මේ ආණ්ඩුව වැඩියෙන්ම බය කාටද | සිළුමිණ

මේ ආණ්ඩුව වැඩියෙන්ම බය කාටද

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පොදුජන පෙරමුණ බහුතර බලයක් හිමිකර ගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

දහ වැනිදායින් පසු වත්මන් ආණ්ඩුව ගෙදර යවා මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති කර ජනතාවාදි ආණ්ඩුවක් ගොඩනංවන බවද හෙතෙම “සිළුමිණට“ ප්‍රකාශ කෙළේය.

වත්මන් රජයට ගැති ඇතැම් සංවිධානවල සමීක්ෂණ වාර්තාවලින් පොහොට්ටුවේ විශිෂ්ට ජයග්‍රහණය දැක ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වියරු වැටී ඇති බවත් මේ දිනවල මැතිවරණ වේදිකාවල සිදුකරනු ලබන කතාවලින් එය මනාව ඔප්පු වෙමින් තිබෙන බවත් ඒ මහතා කීවේය.

කවුරු කුමන ප්‍රකාශ සිදුකළද ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පොදුජන පෙරමුණේ අති විශිෂ්ට ජයග්‍රහණය ආපසු හැරවීමට නොහැකි බව පවසන රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් ද දවසින් දවස පොහොට්ටුව වටා එකතු වීම වැඩි වෙමින් තිබෙන බව පැවැසීය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දා සිට සඟ, ගුරු,වෙඳ, ගොවි, කම්කරු සියල්ලෝම විජාතිකයන් හට පවා දෙමින් ශ්‍රී ලාංකික අන්‍යනතාවය අමු අමුවේ විනාශ කරමින් සිටින බවත් නිදහසින් පසු බලයට පැමිණ කිසිඳු ආණ්ඩුවක් මේ තරම් කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදයට පත් වී නැති බවත් ප්‍රසන්න රණතුංග මහතා කීවේය.

 

Comments