‘ආනන්ද කුමාරස්වාමි මහත්තයාගේ මාවත උදුරාගත්ත කෙනාට අන්තිමේ තමන්ගේ ජනාධිපතිකම නැතිවුණා’
‘එයා ආනන්ද කුමාරස්වාමි කියලා කෙනෙක් ලංකාවේ හිටියා කියලා දැනගත්තේ ඔය ප‍්‍රශ්නේ ආවට පස්සේ’
‘මහරජතුමාට වඩා වටිනා කුමාරස්වාමි කවුද කියලා එතුමා කල්පනා කළා’
‘ඉතිහාසේ ගැන එතුමාට කිසිම දැනුමක් නැති නිසා තමන් බුදුහාමුදුරුවන්ගේ නෑයෝ කියලා ජැක්සන් කියනකොට එතුමාට ඒකත් ඇත්ත කියලා හිතුණා’
‘චීනේ හදලා දුන්න නෙළුම් පොකුණ කාශ්‍යප රජතුමා හදපු සීගිරියටත් වඩා උසස් නිර්මාණයක් කියලා එතුමාට හිතුණා’
‘ඇත්තටම තමන් ජනාධිපති නෙමෙයි මහරජ කියලා ලණුවක් දුන්නාම ඒකත් කෑවා’
‘දුන්න ලණු කාලා අන්තිමට ජීවත්වෙන තුරු රජවෙන්න ව්‍යවස්ථා සංශෝධනේකුත් ගෙනාවා’
‘අනේ අන්තිමට තමන්ගේ ගමෙන් නැතිව පිට පළාතකින් මන්ත‍්‍රී කෙනෙක් වෙන්නවුණා’
‘දැන්වත් එතුමා ඉතිහාසේ ටිකක් කියවන්න හිතයිද?’
‘දැන්වත් මොනවා හරි පොතක් පතක් කියවන්න හිතයිද?’
‘නැත්නම් තාමත් කරන්නේ ලණු කන එකද?’
‘එතුමාගේ ජනපි‍්‍රයම කෑම ලණුද?’
‘එතුමා වැඩියෙන්ම කන්නේ තමන්ගේ ලොකු මල්ලිගේ ලණුද?’
‘එතුමන් අන්තිටම කරන්න හදන්නේ තමන්ගේ ලොකු මල්ලිට පක්ෂයක් හදලා දෙන්න හදන එකද?’
‘රට බේරාගත් වීරයා මේ වගේ අන්තිම තත්ත්වෙට වැටුණේ කොහොමද?’
‘කවදාහරි වටේ බලන්නේ නැතිව තමන් දිහා අවංකව බලන්න එතුමා ඉගෙන ගනියිද?’
‘පෝට්ටුවත් එක්ක හිල්වෙච්ච බෝට්ටුවක් වගේ එතුමා යට යයිද?’
‘ලණු දෙන අය එතුමාට කරන්න හදන්නේ ඒක තමා’
‘ලණු කන අයට අන්තිමට වෙන්නෙත් ඒකම තමා’
ආනන්ද කුමාරස්වාමිගෙන් මාවතක් උදුරාගැනීම මට ද අමතක වී තිබිණි. එය මට මතක් කළේ සිහිනයකි. ජීවත්වන අපට වඩා සිහින අවංකය.