
පුද්ගල ශරීරයේ තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් තයිරොක්සීන් නම් හෝමෝනය නිපද වේ. තයිරොක්සීන් මඟින් ශරීරයේ සිදු වන සියලුම පරිවෘත්තීය ක්‍රියා පාලනය කරයි. තයිරොක්සීන් නිපදවීමට අයඩීන් අවශ්‍ය වේ. පුද්ගලයින් ගනු ලබන ආහාරවල අයඩීන් අඩංගු වන්නේ අයඩයිඩ වශයෙනි. අයඩයිඩ අඩංගු ආහාර වන්නේ කුඩා මුහුදු මාළු පානීය ජලය හා එළවළු වර්ගයි. සමහර පළාත්වල (ඌව, සබරගමුව) අයඩීන් අඩුවෙන් පවතින අතර මෙම පළාත්වල මිනිස්සු වැඩි දෙනෙක් ගලගණ්ඩය නමැති තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීමේ රෝගයෙන් පෙළෙති. අයඩයිඩ පානීය ජලයේ අඩංගු වුව ද, කුඩා මසුන් බහුලව ආහාරයට ගන්නා ප්‍රෙද්ශවල ද මෙම ගලගණ්ඩය හා හයිපොතයිරොයිඩිසම් තත්ත්වය දක්නට ලැබේ. මෙසේ වන්නේ ආහාරයේ අඩංගු ගලගණ්ඩකාරක මගින්.ගලගණ්ඩකාරක නොයෙක් ආකාරයෙන් ගලගණ්ඩය හා හයිපොතයිරොයිඩිසම් තත්ත්වය ඇති කළ හැකි ය. ප්‍රධාන ගලගණ්ඩකාරක මෙසේ දැක්විය හැකි වේ.
Flavvonoids අප ආහාරයේ අඩංගු ආහාරයේ අඩංගු මෙම Flavvonoids සෝයාවල, කුළුබඩුවල වැඩිපුර අඩංගු වන අතර ගලගණ්ඩකාරය, මෙසේ වන්නේ ඒවා පමණට වඩා ආහාරයට ගැනීමෙනි.
ගෝවා, රාබු නෝකෝල් ආදියේ ද ගලගණ්ඩකාරක අඩංගු වේ. Losatain ( ලොසාටන් )
තව ද මඤ්ඤොක්කාවල අඩංගු HCN ද ගලගණ්ඩකාරයකි. මඤ්ඤොක්කා විෂ හැර ආහාරයට ගැනීමෙන් මෙය වළක්වා ගත හැක. HCN අඩංගු වන්නේ ලිනමර්රින්වල ය.
ආහාරයට ගන්නා ඇතැම් මාළු වර්ගවල ද ගලගණ්ඩකාර තිබිය හැකිය. තව ද ප්ලාස්ටික් අර්ධදහනයෙන් ද හට ගන්නා ඩයොක්සීන ගලගණ්ඩකාරක හා පිළිකාකාරක වේ.
මිනිසුන් ගන්නා ආහාරවල වැඩිපුර අයඩයිඩ් අඩංගු වු විට ද එය ගලගණ්ඩාකාරකයක් ලෙස ක්‍රියා කරයි. තව ද මෙකී තත්ත්වයෙන් පිළිකා සෑදෙන්නේ නැත. එම නිසා හේතුවක් නොමැතිව අයඩීන් ලුණු භාවිතය ද සුදුසු නැත.
මෙකී ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන් වැළකී තමාගේ තයිරොක්සින් තත්ත්වය හෝ මුත්‍රාවල අයඩයිඩ තත්ත්වය පරීක්ෂා කර අයඩයිඩ ලුණු භාවිත කළොත් ඉතාම සුදුසු ය. වෛද්‍ය උපදෙස් නොමැතිව අයඩීන් ලුණු භාවිතයෙන් වැළකිය යුතු වේ.
කොළඔ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ පෝෂණ වෛද්‍ය විශේෂඥ
සෙලී ප්‍රනාන්දු විසින් රචිත ආහාර හා පෝෂණය ග්‍රන්ථය ඇසුරිනි.
මදාරා