
නිහාල් පී. අබේසිංහ
විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය හා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය එක්ව ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට සන්නිවේදන චන්ද්‍රිකා දෙකක් අභ්‍යවකාශයට යැවීමට සූදානම් වෙයි.
ඒ අනුව ලබන වසරේදි ජපානයේ උදව් ඇතිව එක් නැනෝ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යවන බවත් අනෙක් චන්ද්‍රිකාව 2020 දි රුසියාවේ ආධාර ඇතිව අභ්‍යවකාශයට යවන බවත් මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා උපදේශක ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
ලොව දියුණු රටවල භෝග වගා පිළිබඳව හා පොහොර යෙදීම පිළිබඳව මෙන්ම රටේ වන ගහනය හා වන විනාශය තෙත් බිම් විනාශය පිළිබඳව පවා තොරතුරු චන්ද්‍රිකා මඟින් ලබා ගනිමින් ඇතැයි ද අපේ රට සංවර්ධිත රටක් බවට පත්කිරීමට නම් අපේ රෙට් කෘෂිකර්ම සන්නිවේදන වාරිමාර්ග හා පාරිසරික ක්ෂේත්‍ර කෙරෙහි දැනට වඩා විද්‍යා තාක්ෂණ සහ සම්බන්ධතාවක් ඇති කළ යුතු බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.