2017 දෙස ආපසු හැරී බැලීමක්... | සිළුමිණ

2017 දෙස ආපසු හැරී බැලීමක්...

ජනවාරි

ජනවාරි 03 - කුලියාපිටිය මෝටර් රථ කම්හලට ජනාධිපතිවරයා හා අගමැතිවරයා මුල් ගල තැබීම

ජනවාරි 05 - කළුගඟ 2 ව්‍යාපෘතියේ වැඩ කටයුතු අගමැතිවරයා අතින් හොරණ කඳන දී ඇරැඹීම

ජනවාරි 07 - රුහුණු සංවර්ධන ව්‍යාපෘතියට මුල් ගල් තැබීම

ජනවාරි 09 - අගමැතිවරයා විසින් තිරසර සංවර්ධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම

ජනවාරි 10 - විමල් වීරවංශ මන්ත්‍රීවරයා වාහන අවභාවිතය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම

ජනවාරි 13 - ගායන ශිල්පී දීපාල් සිල්වා මහතා ගේ අභාවය

ජනවාරි 16 - ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ස්වාධීන වීම

ජනවාරි 27 - ජනාධිපතිවරයා විසින් බැඳුම්කර කොමිසම පත් කිරීම

ජනවාරි 31 - සයිටම් උපාධිය අභියාචනාධිකරණය විසින් අනුමත කිරීම

පෙබරවාරි

පෙබරවාරි 01 - මධ්‍යම අධිවේගි මාර්ගයට අග්‍රාමාත්‍ය වරයා විසින් ගිරිඋල්ලේදි මුල් ගල තැබීම.

පෙබරවාරි 11- කරුණා අම්මාන් විසින් දෙමළ එක්සත් නිදහස් පක්ෂය පිහිටුවීම

පෙබරවාරි 17 - රජය විසින් අක්ෂි කාච මිල රුපියල් 26900 සිට 9878 ක් දක්වා අඩු කිරීම

පෙබරවාරි 19 - කළුතර දේවස්ථානයක වන්දනාවේ ගොස් බෝට්ටුවක ගමන් ගත් බැතිමතුන් 11 දෙනකු බෝට්ටුව පෙරළීමෙන් මිය යෑම

පෙබරවාරි 27- පාතාල නායකයකු ලෙස සැලකෙන සමයං ඇතුළු 5 දෙනකු කළුතරදී බන්ධනාගාර බස් රථයක් තුළ ඝාතනයට ලක්වීම

මාර්තු

මාර්තු 1 - බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ජාතිද්‍රෝහීන් ලෙස කර තිබූ ජාතික විරයන් යළි ජාතික වීරයන් ලෙස ජනාධිපතිතුමන් විසින් නම් කිරීම

මාර්තු 6 - ජකාර්තා සමුළුවට සහභාගි වීම ඇතුළු රාජ්‍ය නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඉන්දුනීසියාව බලා පිටත් වීම

මාර්තු 8- පාර්ලිමේම්න්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට පාර්ලිමේන්තුව සතියක කාලයක් තහනම් කිරීම

මාර්තු 12- හිටපු ඇමැතිනී රේණුකා හේරත් මහත්මියගේ අභාවය

මාර්තු 22- රුසියානු ජනාධිපති පුටින්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා රුසියාව බලා පිටත් වීම

අප්‍රේල්

අප්‍රේල් 2 - දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමිගේ අපවත් වීම

අප්‍රේල් 3 - රවී ජයවර්ධන මහතාගේ අභාවය

අප්‍රේල් 5 - මාධ්‍යවේදී එස් . පියසේන මහතා‍ගේ අභාවය

අප්‍රේල් 10 - අග්‍රාමාත්‍යවරයා ජපානය නිල සංචාරයක යෙදීම

අප්‍රේල් 14 - මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම

අප්‍රේල් 24 - ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් අඛණ්ඩ තෙල් වර්ජනයක් ආරම්භ කිරීම

අප්‍රේල් 26‍ - ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍යවරයා නවදිල්ලියේදී ඉන්දිය අගමැති මෝදි හමුවී දෙරට ද්විපාර්ශ්වික වෙළෙඳාම පිළිබඳ සාකච්ඡා කිරීම

මැයි

මැයි 3 - ගීතා කුමාරසිංහ මහත්මියට ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිමේන්තු අසුන අහිමි වන බවට අභියාචනාධිකරණය තීන්දු කරයි.

මැයි 10 - අන්තර්ජාතික වෙසක් උලෙළට සහභාගි වීම ඇතුළු සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලංකාවට පැමිණෙයි.

මැයි 19 - පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ‍ පිළියන්දලදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී අසරණ දැරියක් මරණයට පත් වීම.

මැයි 21 - කැබිනට් සංශෝධනය අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ මංගල සමරවීර මහතාටත් විදේශ කටයුතු අමාත්‍ය ධුරය රවි කරුණානායක මහතාටත් හිමි වීම

මැයි 30 - මෙරටට බල පෑ අයහපත් කාලගුණය නිසා 91 දෙනකු මරණයට පත් වී 100කට අධික පිරිසක් අතුරුදන් විම

ජූනි

ජූනි 14. - රෝගීන් වැඩිවීම නිසා අංගොඩ එච්. අයි. වී. රෝහල වසා දමයි

ජූනි 21 - විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී පොදු දේපළට හානි කිරීම

ජූනි 27 - මෙරට 22 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පත් කෙරේ

ජූලි

ජූලි 5 - මාධ්‍යවේදීනී මෙල් ගුණසේකර ඝාතකයාට මරණ දඬුවම නියම වීම

ජූලි 7 - මහනුවර රොහලේදී සාර්ථක හදවත් බද්ධයක් සිදු කිරීම

ජූලි 11 - ඇන්ජිලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස් වීම

ජූලි 17 - නෙවිල් ප්‍රනාන්දු රෝහල හෙවත් සයිටම් රෝහල රජයට පවරා ගැනීම

ජූලි 22 - යාපනය මහාධිකරණ විනිසුරුට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ආරක්ෂක පොලිස් නිලධාරියා මිය යාම.

අගෝස්තු

අගෝස්තු 10 - රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අගෝස්තු 15 - තිලක් මාරපන මහතා විදේශ කටයුතු ඇමැති ධුරයේ දිවුරුම් දීම

අගෝස්තු 23 - එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයක් හා ඉල්ලීමක් අනුව විජයදාස රාජපක්ෂ මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීම

සැප්තැම්බර්

සැප්තැම්බර් 7 - හිටපු ජනාධිපති ලේකම්වරයා වූ ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහත්වරු බන්ධනාගාර ගත කෙරෙති

සැප්තැම්බර් 28 - යාපනයේ විද්‍යා සිසුවිය ඝාතකයන්ට මරණ දඬුවම නියම කිරීම

ඔක්තෝබර්

ඔක්තෝබර් 6 - හම්බන්තොට විරෝධතා කළ 28 දෙනකු අත්අඩංගුවට ගැනීම

ඔක්තෝබර් 10 - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගනී

ඔක්තෝබර් 29 - සයිටම් ආයතනය නෙවිල් ප්‍රනාන්දුගෙන් ඉවත් කෙරේ.

ඔක්තෝබර් 30 - සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවට රජයේ වෛද්‍ය සංගමය එකඟ වුවත් සයිටම් විරෝධීන් දිගින් දිගටම විරෝධතා පවත්වාගෙන යෑම.

නොවැම්බර්

නොවැම්බර් 2 - ලෝක බෞද්ධ සමුළුව කොළඹදී ආරම්භ වෙයි

නොවැම්බර් 4 - යළිත් තෙල් වර්ජනයක ආරම්භය

නොවැම්බර් 10 - ගීතා කුමාරසිංහගෙන් අහිමි වූ පාර්ලිමේන්තු වූ අසුනට පියසේන ගමගේ පත් කෙරේ.

නොවැම්බර් 20 - අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමි ස‍මේ සාක්කි දීමට පැමිණෙයි

නොවැම්බර් 25 - කල් දැමුණු පළාත් පාලන මැතිවරණයේ පළාත් පාලන ආයතන 93කට පමණක් නාම යෝජනා කැඳවයි

දෙසැම්බර්

දෙසැම්බර් 4 - පළාත් පාලන ආයතන 248කට නාමයෝජනා කැඳවයි

දෙසැම්බර් 8 - අඛණ්ඩ දුමරිය වර්ජනයක් ඇරැඹෙයි

දෙසැම්බර් 15 - රුසියාව මෙරට තේ සඳහා තහනමක් පනවයි

දෙසැම්බර්18 - පළාත් පාලන මැතිවරණයට දින නියම කෙරේ

දෙසැම්බර් 25 - මේ වසර අවසානයේ සිට මෙරට ‍ තේ තහනම ඉවත් කිරීමට රුසියාව තීරණය කරයි

තාරක වික්‍රමසේකර

Comments