![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/12/22/sil-06-11-na-01-ndk09062017.jpg?itok=5ager9bz)
’මල් කැකුළ පිපී එන විට ම හදේ එය පරව ගියා’ කියාගෙන ජී. ඇල්. ආවා.
’ආදරේ කරන විදිහට දේශපාලනේ කරන්න ගියාම ඕක තමයි වෙන්නේ’
මං කිව්වා.
‘බේබි නාමල්ටද මට ද කිව්වේ’ කියලා ජී. ඇල්. ඇහැව්වා.
‘නෑ මං කිව්වේ බැසිල් පඩිතුමාට’ කියලා එතකොට මං කිව්වා.
‘හා හා ඒක නම් ඇත්ත තමා’ කියලා එතකොට ප්‍රොෆෙසර් ජී. ඇල්. හිනාවුණා.
‘හැම වෙලේම නැතිවුණත් ඉඳහිටලාවත් ජී. ඇල්. ට මොළේ කල්පනා වෙනවා’ එතකොට මට හිතුණා.
‘දේශපාලනෙ කියන්නේ සංවිධානේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වුණත් බැසිල් පඩිතුමා එහෙම හිතාගෙන ඉන්නවා’
මං ජී. ඇල්ට කිව්වා.
‘නාමල් බේබිත් එහෙම තමයි හිතන්නේ’ එතකොට ප්‍රොෆෙසර් ජී. ඇල්. කිව්වා.
‘මාමාටයි බෑනටයි දෙන්නටම තියෙන්නේ එක ලෙඬේ’
එතකොට මට හිතුණා.
‘‘බේබිලා දන්නවද දේශපාලනේ’ ජී. ඇල් ඔළුව හොලවා හොලවා කිව්වා.
‘මිනිස්සු එක්ක ඉන්නවා කියන්නෙයි මිනිස්සුන්ව සංවිධානය කරනවා කියන්නෙයි එකක් නෙමෙයි දෙකක්’ ප්‍රොෆෙසර් ඇල් ජී කිව්වා.
මේ ප්‍රොෆෙසර් ද කියන්නේ කියලා මට හිතුණා.
‘මිනිස්සු කියන්නේ දාං ඉත්තෝ කියලා බැසිල් හිතාගෙන ඉන්නේ. එයා හිතනවා එයාට දාං ඉත්තෝ අදිනවා වගේ මිනිස්සුංවත් අදින්න පුළුවන් කියලා’
ජී. ඇල් කටපාඩමින් වගේ කියාගෙන ගියා. ජී. ඇල් කියවපු මොන පොතේ ද ඒවා තියෙන්නේ කියලා එතකොට මට හිතුණා.
‘ඔය මොන මොන සැර තිබුණත් අන්තිමට දිනන්නේ හීන්සැරේ’ කියලා අන්තිමට ජී. ඇල් කිව්වා.
ආ ඒක තියෙන්නේ නම් කුමාරතුංග මුනිදාස මහත්තයාගේ පොතේ කියලා මට එතකොට කල්පනා වුණා.
ඒ අතරම මං ආපසු හීන්සැරේම හීන ලෝකෙන් නිදි ලෝකෙට ගිහිං තිබුණා. හැබැයි ඇහැරෙන කොටත් මට ඔක්කොම මතක තිබ්බා. මං නාමල් බේබි වගේ නෙමෙයි කියලා මට හිතුණා.