නත්තල් සීයා බලන්න මාත් ආසයි. | Page 13 | සිළුමිණ

නත්තල් සීයා බලන්න මාත් ආසයි.

‍මේ උඳුවප් මාසයයි. දැන් හරිම සීතලයි.නත්තල් උත්සවය කාලෙට හැමදාම මෙහෙමයි. සමහර රටවල හිම වැටෙනවාලු. මුවන් බැඳපු කරත්තවල නැගලා නත්තල් සීයා යන පින්තූර මං දැකලා තියෙනවා. මමත් ආසයි නත්තල් සීයා දකින්න. මං පුංචි කාලේ අම්මා මට තෑගි ගෙනැල්ලා දෙනවා. අම්මා කියන්නේ නත්තල් සීයා තමයි ඒ තෑගි ගේන්නේ කියලා. එත් මං ටික ටික ලොකු වෙනකොට ඒ තෑගි දෙන එක නතර වුණා. දැන් මම දන්නවා මාව සතුටු කරන්න තමයි අම්මා එහෙම කළේ කියලා. පසුගිය දවසක අපි ටවුමට ගියා එතකොට නත්තල් සීයලා හැම තැනම එක එක බඩු විකුණනවා. මට දුකත් හිතුණා. නත්තල් සීයා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි නේ.

රතු පාට ලෝගුව, රතු තොප්පිය, පුළුන් වගේ සුදු රැවුල, තෑගි පුරවපු ඔලගුව අරන් එන නත්තල් සීයා කොයි තරම් ලස්සන ද?

චමුදි අනුත්තරා

9. ඒ ශ්‍රේණිය,

ධර්මසේන ආටිගල

බාලිකා විද්‍යාලය,කැස්බෑව.

 

Comments