නෝන මහත්ත‍යගේ ගණිත පාඩම | සිළුමිණ

නෝන මහත්ත‍යගේ ගණිත පාඩම

රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතා නොදියුණු ග්‍රාමීය ප්‍රාථමික පාසලක සිදුවූවකි‍. ගම් වැසියන්ගේ ගති පැවතුම් හා කතා බහ කිරී‍ෙම්දී බොහෝ විට වන්නිකරයේ ජනතාවගේ ආභාසය ලැබූසේ ය. උඹ බං බොලන් එහෙට මෙහෙට ආදී වචන කතා ව්‍යවහාරයේ දී නිතර අසන්නට ලැබුණි. මෙය පාසලේ දරු දැරියන් අතර ද ඉතා හොඳින් විද්‍යමාන විය.

මේ පාසලට අලුතින් ම ගුරු පත්වීමක් ලබා සේවයට පැමිණි ගුරු මෙණෙවියක් වූවා ය. ඇයට හතර වැනි ශ්‍රේණිය බාර විය. දිනක් ගුරුතුමිය එකතු කිරීමේ ගණිත ක්‍රමය සිසුනට උගන්වා ගෙදර වැඩ පැවරුමක් සිසුනට දීමට කටයුතු කළා ය. තමාට අපහසු නම් අම්මාගෙන්, තාත්තාගෙන් හෝ වෙනත් වැඩිහිටියකුගෙන් හෝ අසා විමසා අභ්‍යාසය කරගෙන එන ලෙස දැන්වීමට ගුරුතුමිය අමතක නොකළා ය.

පසු දින අභ්‍යාස ඇගයීම සඳහා පන්තියේ සිටි නිමල්සිරි ශිෂ්‍යයා පළමුව ගුරුතුමිය ළඟට කැඳවා‍ ගත්තා ය.‍ ඔහු එම අභ්‍යාස කිසිවක් කර නොමැති බව දත් ගුරුතුමිය “ඇයි ඔය ළමය දන්නෙ නැත්නම් අම්මගෙන් හරි අහගන්ඩ තිබුණනෙ” යි කීවා ය.

“අනේ නෝන මහත්තය අම්ම කිවුව ඔය ගණන් මං දන්නෙ නෑ. ඉස්කෝලෙ ගිහින් උඹෙන් අහගන්ඩ කිවුව” යනුවෙන් ශිෂ්‍යයා පිළිතුරු දුනි.

ගුරුතුමිය කාරණය තේරුම්ගත්තා ය. සිහින් සිනහවක් මුවගට නගාගත් ඇය අදාළ අභ්‍යාසය මුළු පන්තියටම විසඳා දීමට පටන්ගත්තා ය.

 

සිරිසේන හෙට්ටිගේ

උඩනිරිඇල්ල

 

Comments