
පෘථිවි තලය මත පවතින ජීවය වසර කෝටි 350කටත් වඩා එහා ගිය ඈත අතීතයකට සම්බන්ධ වන බැව් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. මිනිස් හිස කෙස් ගසකටත් වඩා අතිසියුම් වූ ‘මයික්‍රෝ පොසිලයක්’ ආශ්‍රිතව පර්යේෂණ කළ භූ ගර්භ විද්‍යාඥයන් විසින් පසුගිය දෙසැම්බර් 18 දා ප්‍රකාශයට පත් කර තිබුණේ එකී මයික්‍රෝ ජීව පොසිලය වසර කෝටි 350කට වඩා පැරණි අතීතයක සිට පැවතෙන බවයි.
ලොව සුප්‍රකට භූගර්භ විද්‍යාඥයකු වූ මහාචාර්ය ජෝන් වැලී පැවසූ පරිදි මහ පොළොවේ ජීවය සම්බන්ධයෙන් මෙතෙක් හමු වූ පළමු සහ එකම ජීව විද්‍යාත්මක සාක්ෂිය එම මයික්‍රෝ පොසිලය වෙයි. මේවා සියල්ලක්ම මයික්‍රෝ මීටර් 10ට වඩා අඩු පළලකින් යුතු වන අතර, අතිනවීන තාක්ෂණයකින් පිරික්සුමට ලක් කෙරුණු බවත්, සිදු කරන ලද කාබන් පරීක්ෂණය මගින් එකී පොසිල වසර කෝටි 350කට වඩා පැරණි බවත් අනාවරණය වී තිබේ.