
කොළඹ නගරයේ පමණක් යාචකයන් 600ක් පමණ වෙසෙන බවත්, ඔවුන් එම තත්ත්වයෙන් මුදාගැනීම සඳහා රුපියල් ලක්ෂ 800ක පමණ මුදලක් වැය කොට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදි කර ඇති බවත්, ඒ අනුව 2018 ජනවාරි 01 වැනිදා සිට යාචක රැකියාවෙන් ඉවත් වන ලෙසත් මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා යාචක ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ පිළිබඳ ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ කරුණු දැක්වීය.
“කොළඹ නගරයේ සිටින යාචකයන් පිළිබඳ අවධානය යොමු කර නාගරික පුණ්‍ය කොමසාරිස්, සමාජ සේවා අමාත්‍යාංශය සහ දකුණු පළාත් සභාව සමඟ එකතු වෙලා අප අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සංගණනයක් පැවැත්වූවා. ඒ අනුවයි අප පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හැදුවේ. මේ ජනතාව තවදුරටත් පාරවල දුක්විඳිය යුතු නෑ. අප අධිකරණවලින් ඉල්ලා සිටිනවා