
අක්කර 1800ක භූමි ප්‍රමාණයක් සහිතව ආසියාවේ දැවැන්තම සංචාරක ව්‍යාපෘතිය බෙන්තර දෙද්දුව ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත බැව් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ‘සිළුමිණ’ කළ විමසුකදී කියා සිටියේය.
ලබන මාර්තු මාසයේදී ආරම්භ කිරීමට සූදානම් වන මේ ව්‍යාපෘතියට අවශ්‍ය ඉඩම් ලබාගෙන, ඒවාට වන්දි ගෙවීම් සිදු කර අවසන් බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා එකී ව්‍යාපෘතියේ කටයුතු අධීක්ෂණය කළ බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
මේ සංචාරක ව්‍යාපෘතියේ සියලු සැලසුම් පරිසර හිතකාමි ලෙස නිම කිරීමට වගබලා ගැනෙන අතර, එය සංචාරක ආකර්ෂණය කෙරෙහි වඩා ප්‍රතිඵලදායක වනු ඇතැයිද මෙමඟින් රැකියා දහස් ගණනක් උත්පාදනය වනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.