කාලගුණ විපත්වලින් ආර්ථිකය රැකගන්න කඩිනම් වැඩපිළිවෙළක් හදනවා | Page 8 | සිළුමිණ

කාලගුණ විපත්වලින් ආර්ථිකය රැකගන්න කඩිනම් වැඩපිළිවෙළක් හදනවා

පසුගිය කාලයේ රටට බලපෑ නියං, ගංවතුර වැනි අයහපත් කාලගුණක තත්ත්වයන් හේතුවෙන් අපේ රටේ කෘෂි ආර්ථිකයට විශාල වශයෙන් බලපෑම් එල්ල වුවත්, ඉදිරියේදී දේශගුණික විපර්යාස හේතුවෙන් රටේ ආර්ථිකය කිසිසේත් බිඳ වැටෙන්නට ඉඩ නොදෙන බවත්, මේ සම්බන්ධයෙන් වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තා ලැබූ පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුම් දෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසී ය. ඒ මහතා එසේ පැවැසූයේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම හා එයට මුහුණ දීමට රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  මැතිසබය දැනුවත් කිරීමේදීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා සඳහන් කළේ පසුගිය කාලයේ සහල් මෙන්ම එළවුළු නිෂ්පාදනයද ශීඝ්‍රයන් පහත වැටී ඇති බවත්, 2017 යල කන්නයට උඩරට එළවුළු වගා කිරීමට හැකි වූයේ හෙක්ටයාර් 10,712ක් හා පහතරට හෙක්ටයාර් 19,000ක් පමණක් බවත් උඩරට එළවුළු බිම් සියයට 36කින් ද පහතරට එළවළු බිම් සියයට 30කින්ද අඩු වූ බවත්ය. එසේම සහල් නිෂ්පාදනය සියයට 40කින්ද පහළ යන බවට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවා තිබූ බවද 2018 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මසකට පොල් ගෙඩි මිලියන 40ක පමණ හිඟයක් ඇති විය හැකි බවද අගමැතිවරයා මෙහිදී කියා සිටියේය. 

 

Comments

සුද්ද්දගෙන් අහල කියයි.

පිටු