
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පිහිටා ඇති ආදම්ගේ පාලම මිථ්‍යාවක් නොව, සැබෑ ලෙස මිනිසුන් අතින් නිර්මාණය වූවක් බව භූ විද්‍යාඥ කණ්ඩායමක් පවසයි. කිලෝමීටර් 30ක් පුරා විහිදි ඇති මේ පාලමේ වැලි සහ ගල් පරීක්ෂා කිරීමේදී මෙය තව-තවත් තහවුරු වන බව ආචාර්ය ඇලන් ලෙස්ටර් සහ එරින් ඇග්‍රිලන් යන භූ විද්‍යාඥයන්ගේ අදහසයි.
මේ ආදම්ගේ පාලම මීට වසර 7000ක් පමණ ඉහත කාලයේදී ඉදි වූවක් බවත්, එය රාවණා රජතුමන්ගේ කාලය දක්වා දිව යන බවත් එම පරීක්ෂණවලදී තහවුරු කරගෙන ඇත.
නාසා ආයතනයද කෘත්‍රිම චන්ද්‍රිකා ඡායාරූප මඟින් මෙහි සැබෑ තත්ත්වය පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙය අතීතයේ ජීවත් වූ මානව කණ්ඩායමක් විසින් ඉදි කරන ලද්දක් බව තහවුරු කර ඇත. පසු කාලයේදී සාගරයේ දියවැල්වලින් ඇති වූ බලපෑම් හේතුවෙන් එය විනාශයට පත් වන්නට ඇති බවත් ඉන්දියාවේ ධනුෂ්කොඩි සහ ශ්‍රී ලංකාව අතර එහි කොටස් ඉතා පැහැදිලිව දක්නට ඇති බවත් එම භූ විද්‍යාඥයෝ කියා සිටිති.