සෝවියට් දේශය දොස්තයෙව්ස්කි ද්‍රෝහියෙකු වශයෙන් සැලකුවේ නැත. ඔහුගේ අපරාධය සහ දඬුවම, කරමසෝ සහෝදරයෝ ඇතුළු කෘති විශාල ගණනාක් ලොව පුරා පරිවර්තනය කර බෙදාහැරියේය. එනම් දොස්තයෙව්ස්කිගේ නිර්මාණ හේතුවෙන් එම අදහස් දැඩි
සමාජවාදීන්ගේ හෘද සාක්ෂියෙහි පවා කොටසක් බවට පත්විය.
ප්රතික්ෂේප කළ නොහැකි බවක් දොස්තයෙව්ස්කිගේ ලේඛනයන්හි වෙයි. ඔහුගේ විශිෂ්ටත්වය එයයි. එයට හේතුව දොස්තයෙව්ස්කි කිසිම මතවාදයකට බැදී නොසිටීමයි. තමන්ට පවා බැඳී නොසිටීමයි.
ඇල්බෙයා කැමූ සමාජවාදය ප්‍රශ්න කිරීමකට ලක්කරයි. සමාජවාදයේ අපේක්ෂාව වන්නේ අනාගතයේ දිනක සැමට සමාන අවස්ථා ලැබෙන උත්තරීතර සමාජයක් බිහිකිරීමයි. එය තවමත් උදාවී නැති අනාගත අරමුණකි. එහෙත් ඒ අනාගත අරමුණ වෙනුවෙන් වර්තමානයේ සිටින මිනිසුන් ඝාතනය කරමින් කැරලි හා අරගල සිදුකරනු ලැබේ. අනාගතයේ සිදුවෙනවා යැයි කියන දෙයක් වෙනුවෙන් අද ඔබේ සහෝදර මිනිසෙකු ඝාතනයට ලක්කිරීම සාධාරණ වන්නේ ද? ඇල්බෙයා කැමූ නගන්නේ මෙවැනි ප්‍රශ්නයකි.
අනාගත සිහිනයක් වෙනුවෙන් වර්තමානයේ අපරාධ යැයි සැලකෙන දේ කිරීම කොතරම් දුරට යුක්ති යුක්ත කළ හැකිද? සදාචාරවාදී ද? මානව හිතවාදී ද? ඔහු එවන් ප්‍රශ්න කිරීමක් සිදුකරයි.
ඉන් පසුව ඔහු තවදුරටත් ප්‍රශ්න කරන්නේ සැබවින්ම මේ සමාජවාදී රාජ්‍යයක් අනාගතයේ උදාකිරීම වෙනුවෙන් යැයි අනෙකෙකුගේ ලේ හැලූවාට එසේ සිදුකරන්නා ඇත්ත වශයෙන් ම එය කරන්නේ එවන් උත්තරීතර පූජනීය අරමුණකින් ද යන්නයි. එනම් තවකෙකු විනාශ කිරීම සඳහා මිනිසුන් තුළ වන පහත් ආශාවට දාර්ශනික වෙස් මුහුණක් පැළඳවීම සමාජවාදය මගින් සිදුකෙරෙන්නේ ද යන්නයි. වෛරයට මෛත්‍රීෙය් ඇඳුම් ද ඊර්ෂ්‍යාවට සමානාත්මතාවයේ ඇඳුම් ද ක්‍රෝධයට සහෝදරත්වයේ ඇඳුම් ද අන්දමින් මිනිසාගේ හදවත තුළ ම අපායක් බිහිකිරීම මෙමගින් සිදුනොවන්නේ ද යන්න ඇල්බෙයා කැමූ විසින් විමසුමට ලක්කරන ගැටළුව බව කිව හැකිය.
සැබවින්ම මෙය මේ ආකාරයෙන් ඇල්බෙයා කැමූ විසින් මතු කිරීමට වසර පනහකට හැටකට පමණ පෙර දොස්තයෙව්ස්කි ද මතුකරනු ලැබිණි. ෙප්‍ර්මය ෙමෙත්‍රිය දයාව වර්තමානය තුළ පැවතිය යුතු දේ බව දොස්තයෙව්ස්කි අවධාරණය කළේය.
සමාජවාදය තව අවුරුදු දහසකින් මතු නොව අද ම තම හදවත තුළ උදාකරගත යුතු බව ද එසේ උදා නොවන සමාජවාදය කවදාවත් උදා නොවෙන එකක් බව ද දොස්තයෙව්ස්කි විශ්වාස කළේය.
මේ මොහොතේ තමාගේ හිත තුළ නොමැති සාධාරණත්වයක් සමානාත්මතාවයක් කවෙදාවත් කෙදිනක හෝ පහළ නොවන බව දොස්තයෙව්ස්කි පැවසුවේය. තමන් තුළ මේ මොහොතේ ආත්ම පෙරිත්‍යාගයක් නැතිනම් එය කවදාවත් සිදුනොවන බව දොස්තයෙව්ස්කි කීවේය.
කිසිදු ආත්ම පරිත්‍යාගයක් කළ නොහැකි මිනිසුන් කෙදිනක හෝ සිදුවන විප්ලවයක් ගැන සිතමින් ස්වකීය ආත්මාර්තකාමීත්වයට ජීවනය දෙනවා වැනි අදහසක් මා මෙසේ කීවාට වඩා ඒත්තු ගන්නා හා සංයත ස්වරූපයකින් දොස්තයෙව්ස්කි ඉදිරිපත් කළේ යැයි සිතමි.
ධෛර්යයක් නැති සත්‍යයට මුහුණ දීමට බිය සියලු මිනිසුන් මතවාද පිටුපස සැඟවෙනවාද යන අදහස දොස්තයෙව්ස්කි එදා ලියූ දේ කියවෙන විට සිතේ පහළ වේ.
සත්‍යයට මුහුණ දීම සමාජය විසින් නොව තනි තනිව පුද්ගලයන් වශයෙන් කළ යුත්තකි. සමාජය මුලට දැමීම වංචනිකයන්ගේ ක්‍රියාවකි. තමා වෙනස් වීමට සමාජය වෙනස් වන තුරු බලා සිටින්නා නිවවටයෙකි. විප්ලවයට එරෙහිව මෙවන් විප්ලවකාරී අදහස් දොස්තයෙව්ස්කි ගෙන ආවේය.
සැබවින්ම මේ අදහස් අඩංගු දොස්තයෙව්ස්කිගේ පොතපත විශේෂයෙන් ‘බොළඳ තරුණයා’ නම් නවකතාව සෝවියට් සංගමය මගින් ද පළකළේ නැත. කෙසේවුවත් සෝවියට් දේශය දොස්තයෙව්ස්කි ද්‍රෝහියෙකු වශයෙන් සැලකුවේ නැත.
ඔහුගේ අපරාධය සහ දඬුවම, කරමසෝ සහෝදරයෝ ඇතුළු කෘති විශාල ගණනාක් ලොව පුරා පරිවර්තනය කර බෙදාහැරියේය. එනම් දොස්තයෙව්ස්කිගේ නිර්මාණ හේතුවෙන් එම අදහස් දැඩි සමාජවාදීන්ගේ හෘද සාක්ෂියෙහි පවා කොටසක් බවට පත්විය. ප්රතික්ෂේප කළ නොහැකි බවක් දොස්තයෙව්ස්කිගේ ලේඛනයන්හි වෙයි. ඔහුගේ විශිෂ්ටත්වය එයයි. එයට හේතුව දොස්තයෙව්ස්කි කිසිම මතවාදයකට බැදී නොසිටීමයි.
තමන්ට පවා බැඳී නොසිටීමයි. තමන්ට තමා බැඳී සිටිනවාට එරෙහිව දොස්තයෙව්ස්කි කළේ භාවනා කිරීම නොවේ. සූදු පිටියට යාම යැයි මට සිතේ. එනම් නෑ යයි කියන තමන් තමන් තුළ කොතරම් සිටින්නේ ද යන්න ලොකු ඔට්ටුවක් දැමූ පසුව ඇතිවන තැතිගැන්ම තුළ දොස්තයෙව්ස්කි ප්‍රත්‍යක්ෂ කළේය.
උත්තරීතර සමාජයක් වෙනුවෙන් පෙනී සිටින අය ද තමා තුළ ඇත්තේ පරාර්ථකාමීත්වය ම බවට මෙවන් පරීක්ෂාවක් මගින් සනාථ කර නොගත යුතු ද? බොහෝ උත්තරීතර අදහස් තුළ ඇත්තේ ඇත්ත උත්තරීතර බවක් නොව තමා තුළ පවත්නා නොගැඹුරු පහළ චේතනා තමාගෙන් ම වසංකරගැනීමක් පමණි. බොහෝ මතවාද තමා තුළ නැති උත්තමභාවයක් තමාට තමාම පෙන්වාගැනීම සඳහා පමණි. දොස්තයෙව්ස්කි මේ මායාවෙන් මිදෙනා ලෙස ද එදා රුසියානු තරුණයාගෙන් ඉල්ලා සිටියේය.
කෙසේ හෝ මා කියන්නේ දොස්තයෙව්ස්කි මෙන් ම පොත් ම ලියන්නට නොවේ. සමාජවාදය ද සහමුලින් ම ප්‍රතික්ෂේප කරන්නට යැයි මම නොකියමි. දොස්තයෙව්ස්කිද එසේ කළේ නැත. එසේ කළා නම් සෝවියට් දේශය දොස්තයෙව්ස්කිගේ පොත් ගහන්නේ ද නැත. හැම තැනින් ම හොඳ දේ ගැනීමට උත්සාහ කරමු.