
මීට පෙර අයවැය මඟින් කතා නොකළ පිරිසක් වූ, විශ්වවිද්‍යාලයට පිවිසීමට නොහැකිව උසස් පෙළින් අනතුරුව අතරමං වන විශාල පිරිස ගැන මෙවර අයවැය මඟින් අවධාරණයට ලක්කර තිබීම විශේෂත්වකි.
ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් ලංකාව පුරාම ජාත්‍යන්තර මට්ටමේ කාර්මික පුහුණු විද්‍යාල 10 ක් ආරම්භ කිරීමට හා මේ සඳහා තාක්ෂණික සහය ජර්මන් රජයෙන්ද, හෝටල් ක්ෂේත්‍රෙය් සහය ස්වීට්සර්ලන්තයෙන්ද ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
රටේ සියලු පුද්ගලයින්, ස්වයං රැකියා කරන්නන්, කුඩා වෙෙළඳාම් හිමියන් මෙන්ම නව නිෂ්පාදකයින්ගේ සහාය නව ශ්‍රි ලංකාවක් ගොඩනැගීමේ කාර්ය භාරයට දායක කර ගැනීම මෙවර ඉදිරිපත් වූ ‘නීල හරිත අයවැය - එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා‘ අයවැයේ අපේක්ෂාව බවත් ඒ යටතේ විශ්වවිද්‍යාල වරම් අහිමි මෙම පිරිස ද අයත් වන බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවැසී ය.