
ජාතික හා පළාත් පාසල්වල නව උසස් පෙළ වෘත්තීය විෂයධාරාවට පවත්නා සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු හිඟය පියවමින් නව උපාධිධාරීන් 2100ක් බඳවාගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.
පාසල් පාදක ක්‍රමය පදනම් කර ගනිමින් පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව අනුව මෙම බඳවාගැනීම් සිදුකරන අතර 2017-12-11 දිනට පෙර ක්‍රියාත්මක වන පරිදි පිළිගත් විශ්ව විද්‍යාලයකින් හෝ අනුමත විශ්ව විද්‍යාලයකින් උපාධි ලබා ඇති, අදාළ විෂය උපාධියට ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති අයදුම්කරුවන්ට මේ සදහා අයදුම් කළ හැකියි.
13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනෙහි නියාමක ව්‍යාපෘතිය දිවයිනේ සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 42ක මේ වනවිටත් ක්‍රියාවට නැංවෙයි.