නැව නාවත් බෑන්-චූන්! | Page 2 | සිළුමිණ

නැව නාවත් බෑන්-චූන්!

 ‘මිනිස්සු මෙච්චර සතුටින් හිටපු කාලයක් මට මතක නෑ.’

‘මේ දවස් ටිකේ ගොඩක් හැමෝම සතුටින් ජීවත් වුණේ පෙට‍්‍රල් ප්‍රශ්නේ හින්ද අනිත් හැම ප්‍රශ්නයක් ම අමතක වුණ නිසා.’

‘අනිත් එක, ප්‍රශ්න කියන්නේ ඇත්තටම ප්‍රශ්න නෙමෙයි. ඒවා ප්‍රශ්න වෙන්නේ ඒවා අපට අමතක කරන්න බැරි නිසා.’

‘අමතක කිරීම තමයි හැම ප්‍රශ්නෙකටම හොඳම විසඳුම.’

‘මිනිස්සු පෙට‍්‍රල් පෝලිම්වල හිටියේ කොච්චර සතුටින්ද? එදිනෙදා ඒකාකාරී ජීවිතේ මිනිස්සුන්ට කොච්චර එපා වෙලාද?’

‘මොන විදිහට හරි වෙනසක් එනවට කට්ටිය කොච්චර කැමතිද?’

‘ඒ වෙනස රටට දුන්නේ අර්ජුනද? අයිඕසී-එකද?’

‘මේ වැඩෙන් වැඩිම සතුටක් ලැබුවේ ඒකාබද්ධ විපක්ෂේ කට්ටිය.’

‘ඒ අයට ඇදිච්ච බෝනස්-එකක් වගේ වුණා.’

‘ප්‍රශ්න එන කොට සතුටු වෙන-එක තමයි දේශපාලනේ.’

‘අවුරුදු දෙක-තුනක් වයඹ රජරට නියඟෙ තියනකොට වත් මෙච්චර කලබගෑනියක් වුණේ නෑ.’

‘රටේ මිනිස්සුන්ට වතුරටත් වඩා පෙට‍්‍රල් වටිනවා.’

‘හැබැයි මේ ක්‍රමේට ගස්වැල් කපාගෙන ගංගාවල වැලි ගොඩදාගෙන තව අවුරුදු දහයක් ගියොත් ලංකාවේ වතුරත් පැට‍්‍රල් ගානටම හිඟ වෙයි.’

‘ඒ කියන්නේ වතුරත් ෂෙඩ්වලින් ගන්න වෙයිද?’

‘හැබැයි මොන ප්‍රශ්න ආවත් ෆේස්බුක් ගොඩ.’

‘ප්‍රශ්න එන තරමට ෆේස්බුක් ජනප්‍රිය වෙනවා.’

‘ඔන්න සොයා-ගැනීම්.’

‘තෙල් ප්‍රශ්නෙත් එක්ක යාන්තං ක්‍රිකට් ප්‍රශ්නෙන් දයාසිරි මහත්තයා ගොඩ ආවා.’

‘එක එක ප්‍රශ්න එක එක අයට බලපාන්නේ වෙනස් විදිහට.’

‘කාට කොහොම වුණත් පූජිත් මහත්තයට නම් මේ දවස්වල ලොකුම ප්‍රශ්නේ තෙල් ප්‍රශ්නේ නෙමෙයි.’

‘එතුමාට තියෙන්නේ පෙට‍්‍රල් නැවක් ගෙන්නලාවත් අමතක කරන්න බැරි තරම් ප්‍රශ්නයක්.’

‘හැබැයි දිනාගෙන යන ක්‍රිකට් මැච්-එකක් තිබුණා නම්, ඒක ලොකු ස්ක්‍රීන්-එකක් ෂෙඩ්වල දාලා තිබුණා නම් මිනිස්සු පැය හතරක් නෙමෙයි දවසක් වුණත් ෂෙඩ්වල ඉඳියි.’

‘අය-වැය ගැන මොකද හිතෙන්නේ?’

‘ඒක පෙට‍්‍රල් පෝලිම් වගේ ජනප්‍රිය මාතෘකාවකුත් නෙමෙයි; සරල මාතෘකාවකුත් නෙමෙයි.’

‘මිනිස්සු ඉල්ලන්නේ අය-වැය ගැන විවාද කරන්න නෙමෙයි; තෙල්නැව් ගැන විවාද කරන්න.’

සිහිනයක් ඔස්සේ වුවද මා සත්‍යය සොයා ගොස් ඇතැයි මට සිතුණේ සිහිනෙන්මදැයි නොදැනිණි. 

Comments